ෆාජි, ටෝජි, සදීක් හා කිසිවෙකුටත් ගැලවිය නොහැකි ඝාතක සංස්කෘතිය | Sri Lanka's inescapable gun culture
(2010 මැයි 27, W3Lanka) මැයි 10 - 16 ලෝක ගිනි අවි විරෝධී සතිය වෙනුවෙන් ‘සාමය හා මානව හිමිකම් සඳහා කි‍්‍රයාකාරිත්වය’ විසින් පළ කරන ලද නිවේදනයක් අප වෙත ලැබිණි. එහෙත්, කාර්යබහුලත්වය මැද සිදු වූ අතපසුවීමක් හේතුවෙන් අපට එය එම වකවානුවේදී පළ කිරීමට නොලැබිණි. එහෙත්, අද වෙසක් පෝ දිනපිළිබඳව යමක් ලිවීමට අදහස් කරමින් සිටියදී හිටිහැටියේ මෙම ලිපිය අප නෙත ගැටිණි. වෙසක් දිනය වෙනුවෙන් අපට ඊට වඩා හොඳ ලිවීමක් කළ නොහැකි යයි හැඟුණ බැවින් අපි එම නිවේදනය සුළු සංස්කරණ සහිතව පළ කරමු.
ඒ 2009 රාමසාන් උපවාසය අවසන් කෙරෙමින් තිබූ කාලවකවානුවයි.
අගෝස්තු 27දා මධ්‍යම රාත‍්‍රිය ඉකුත් ව පැය කීපයක් ගත වෙද්දී මැද කොළඹ, මාලිගාවත්තේ ජුම්මා මස්ජිද් පාර පරිශ‍්‍රය තුළ ක‍්‍රියාත්මක වෙමින් තිබූ විශේෂ කාර්ය බලකායේ ක්ෂණික මෙහෙයුම අළුයම අවසන් වූයේ තිදෙනෙකුට මරු කැඳවමිනි.
ඒ අතර එක් අයෙකු වූයේ ෆාජි ය. ෆාජි මාලිගාවත්ත අදාල පරිශ‍්‍රය තුළ නිල නොලත් සන්නද්ධ කල්ලි පාලකයා ලෙස හඳුනා ගෙන තිබුණි. වඩා වැදගත් ම සාධකය වූයේ 2009 බස්නාහිර පළාත්සභා මැතිවරණ අවස්ථාවේ දී නිල රාජ්‍ය යන්ත‍්‍රයේ ද ප‍්‍රසිද්ධ ප‍්‍රකාශකයකු ලෙස ඔහු ට ක‍්‍රියා කරන්න ට ලැබීම ය. එනම්, එම අවස්ථාවේ දී පාලක එක්සත් ජනතා නිදහස් සංධානයේ මැද කොළඹ කාර්යාලය ඔහුගේ නිවසේ පිහිටවනු ලැබූ අතර ප‍්‍රදේශවාසීන් ගේ ප‍්‍රකාශ අනූව එහි බලය වෙනුවෙන් නිල නොලත් සන්නද්ධ ක‍්‍රියාකාරකම් රැසක් ද ඔහු විසින් මෙහෙයවන ලදි. මේ අතර විරුද්ධ පාක්ෂිකයන් ට හා හිතවතුන් ට එරෙහි ව තර්ජනය කිරීම්, පහරදිම්, දේපළ විනාශ කිරීම් විය. එය විටෙක ස්වපාක්ෂිකයන් ට එරෙහි ව පවා පැතිර ගියේ ය. එහෙත් මෙම ක‍්‍රියාකාරීත්වයන් හරහා ඔහු මෙහෙය වූ බලවේගවල ට විශාල පළප‍්‍රයෝජනයක් නොලද අතර මැදකොළඹ ආසනය සුපුරුදු පරිදි විපක්ෂය විසින් ජයග‍්‍රහණය කරන ලදී.
එසේ වුව ද ෆාජි ගේ සේවය ඉන් අනතුරුව පැවති ඌව පළාත් සභා මැතිවරණය තුළ ද පාලක පක්ෂය විසින් භාවිතයට ගන්නා ලදී. සියල්ල අවසානයේ දී ‘පාතාල නායකයකු’ ලෙස හඳුන්වා රාජ්‍යය සිය ආණ්ඩුවේ නිල ලත් සේනාංක මගින් ෆාජි ඝාතනයට ලක් කරන ලදී. එය අත්අඩංගුවට ගැනිමට යාමේදී සිදු වු ප්‍රහාරයකට එල්ල කරන ලද ප‍්‍රතිප‍්‍රහාරයක ප‍්‍රතිඵලයක් ලෙස ආණ්ඩුවේ පොලිස් ප‍්‍රකාශකයා විසින් නිවේදනය කරන ලදී.
විප‍්‍රකාරය නම් ආණ්ඩුව මෙහෙයවන්නන් විසින් එහි සියලූ යාන්ත‍්‍රණයන්හි ආශිර්වාදය ඇතිව කලෙක පැවරූ වැඩ සහ ඉන් කිසිසේත්ම වෙනස් නොවු තවත් වැඩ සම්බන්ධයෙන් ඒ ආණ්ඩුවම ඔහුට එරෙහිව චෝදනා ගොනු කොට නඩු විභාගයක්වත් නැතිව ඔහු ඝාතනය කර දැමීම ය. සියල්ල මෙහෙයවු අය තව දුරටත් ඒ සාපරාධී යාන්ත‍්‍රණය ම මෙහෙයවමින් නොසිටින්නේ ද?
එදින ඝාතනයට ලක් වූ දෙවැන්නා වූයේ තිස් තුන් හැවිරිදි ටෝජි ය. අපගේ කි‍්‍රයාකාරීන් හමුවෙමින් ඔහු ම විසින් කරන ලද ප‍්‍රකාශයන් තුළ කිසියම් පාපොච්චාරණයක් විය. ‘‘හිත හොඳ මිනිසෙකු’’ ලෙස මිතුරන් අතර ජනපි‍්‍රය ව සිටි ඔහු යුද හමුදාවේ සාමාජිකයකු ව සිටියදී පාතාල කි‍්‍රයාකාරකම් හරහා සිය මිතුරන් කණ්ඩායමකට සිදු වූ සන්නද්ධ හිරිහැර පිළිබඳව කම්පිතව ඊට මැදිහත් වන්නට තීරණය කළේය. පොලීසිය ආදී නිල ව්‍යූහයන්ගෙන් මෙම පාතාල කි‍්‍රයාකාරකම් මැඩ පැවැත්වීමට අවස්ථාවක් නොවූවා පමණක් නොව ඒවායේ අනුග‍්‍රාහකයන් ලෙස ද එවැනි ව්‍යූහයන් කි‍්‍රයාත්මක වෙමින් තිබුණි. මේ තත්වය තුළ එය විසඳා ගැනීමට තිබුණේ එක් මාවතකි. නිල නොලත් අපරාධ මැඩලීමෙහි ලා රාජ්‍ය නිෂ්කී‍්‍රයත්වය විසින් එවැනි අපරාධ සඳහා වන මාවත වැඩිදුර වර්ධනය කරවා ඇත. මේ අනුව සිය ගිනි අවිය සමඟ නිවසට පැමිණි ටෝජි මිතුරන් වෙනුවෙන් සන්නද්ධව මැදිහත් විය. මෙහිදී පාතාල කල්ලි සාමාජිකයන් කීප දෙනෙකු ඝාතනය කිරීමට ඔහුට සිදු විය.
මේ සිදුවීමෙන් පසු ටෝජි ද පාතාල කල්ලිවල සෘජු හා අඛණ්ඩ ඉලක්කයක් බවට පත්වන අතර ඔහුට ආරක්ෂාව දීමට හෝ නිවැරදි වීමට නිල රාජ්‍ය යන්ත‍්‍රය තුළ කිසිදු ප‍්‍රස්ථාවක් හමු නොවේ. මේ තත්වය තුළ තාර්කික ප‍්‍රතිඵලය වූයේ ආරක්ෂාව සඳහා පාතාල කි‍්‍රයාකාරිත්වය තුළ අභ්‍යන්තරික වීම ම පමණි. මේ ඉරණම විසින් ටෝජි ද ග‍්‍රහණයට ගන්නා නමුත් ඉතාම අවංක ලෙස ම ඔහු එම තත්වයෙන් ගැලවී යාමට උත්සාහ දරමින් සිටියේය.
රටින් පිටවීම, පොලීසියට භාරවීම, අධිකරණයට භාරවීම ආදී ආදේශක විකල්ප රැසක් ඔහු විසින් සලකා බැලූනි. එහෙත් ඒ කුමන නිල ව්‍යූහය තුළ වුවද අවසානයේ දී පාතාල ප‍්‍රචණ්ඩ ව්‍යූහයන් මතුවන බව ඔහු අත්දුටුවේය. ඛේදනීය අවසානයක් පිළිබඳ ඒ වන විට ඔහුට පැවැති එකම නොඑකඟතාවය වූයේ සිය කුඩා දරුවන්ට පියෙකු අහිමි වීම පිළිබඳ ඛේදවාචකය සහ මේ රුදුරු ඉරණම් චක‍්‍රය ඔවුන් මත ද කඩා පාත්වීමේ අනතුරය. (ටෝජි ඝාතනය වන විට දරුවන් හත් හැවිරිදි, තුන් හැවිරිදි හා අටමස් වියැති විය.) එබැවින් ගැලවීමේ මාර්ගයක් පිළිබඳ අනවරත සොයා බැලීමක සිටි ඔහු ඒ අතරමැදදී රක්ෂාවරණය ලැබිය යුතුව තිබූ රාජ්‍යයේම ප‍්‍රහාරයන්ට ලක්ව ඝාතනය විය. ටෝජිගේ ඛේදනීය අවසානයක් සහිත ජීවිතය විසින් අපරාධ මර්දනයෙහි ලා රාජ්‍යයේ වගකීම සකී‍්‍රය කරවන ලෙස මෙන්ම එහි ගොදුරු බවට පත් වූවන් සඳහා නිවැරදි, විධිමත් පුනරුත්ථාපන කි‍්‍රයාවලියක් සඳහා වන රාජ්‍ය වගකීම සකී‍්‍රය කරවීමේ අවශ්‍යතාව ද අවධාරණය කරවයි.
එදින ඝාතනයට ලක් වූ තෙවැන්නා වූයේ විසිපස් වියැති සදීක් ය. පස්වියැති දරුවකුගේ පියෙකු වූ ඔහු ඝාතනය වන විට බිරිඳ සිව් මසක ගැබිණියක් වූවාය. ඔහු පාතාල කි‍්‍රයාකාරකම් සමඟ කිසිදු සම්බන්ධයක් නොවූ අතිශයින්ම සාමාන්‍ය මිනිසෙකි. ආගමික උපවාසය අවසන් කිරීම සඳහා ආහාරයක් ගන්නට යැයි වීදියට පැමිණි ඔහු මෙම වෙඩි තැබීම් තුළ තුවාල ලැබීය. ඔහුගේ අතකට වෙඩි වැදී තිබුණි. ඉන්පසු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන මාංචු යොදා 65 - 5420 ජීප් රිය තුළට නංවා ගනු ලැබිණි. ලද ආරංචියක් අනුව එහි ගිය ඔහුගේ පියා තුවාල ලබා ජීප් රිය තුළ අත්අඩංගුවට ගෙන සිටි සිය පුත‍්‍රයා සමඟ කතා කළේය. ප‍්‍රදේශවාසී ප‍්‍රකාශ අනුව එම ජීප් රිය මාළිගාවත්ත මංසන්ධිය පසුකොට යද්දීම වෙඩි හඬක් ඇසුණු අතර පසුව සදීක්ගේ පියාට දක්නට ලැබුණේ මෘත ශරීරාගාරය තුළ දමා තිබූ සදීක් ගේ මළ සිරුරය.
මෙම මරණය පිටුපස සැබෑ හේතුව කුමක්ද? එය අපි කිසිවෙකුත් නොදනිමු. එහෙත් සැක කළ හැකි වඩාත් සාධාරණ හේතුව සදීක් මේ නීති විරෝධී ඝාතනයන් පිළිබඳ එක්තරා ආකාරයක ඇසින් දුටු සාක්ෂිකරුවකු වීම ය. ඔහුගේ තුවාල පිළිබඳ වගකීම ප‍්‍රකාශයට පත් කෙරුණේ ඔහු මරණයට පත් කිරීම තුළිනි. ඉන්පසු භීෂණය තුළ මළවුන්ගේ සාක්ෂ්‍ය යටපත් කිරීමට උත්සාහ දැරිණ.
නිදසුනක් ලෙස මේ ඝාතන සිද්ධීන්ට පසු වහාම එම පරිශ‍්‍රය ආශි‍්‍රතව අභිරහස් පෙට්ටියක් රැගෙන ගොඩනැඟිලි මුදුනට ගිය විශේෂ කාර්ය බලකා සෙබළුන් ප‍්‍රශ්න කළ එක් නිවැසියෙකු වෙත ප‍්‍රතිචාර ලැබුනේ ‘‘ජනෙල් සහ කට වසා නොගත්තොත් ඇතුලේ තියන ඒවායින් කීපයක් ඔතනටත් දමා ඒ අයද අත්අඩංගුවට ගත හැකිය’’ යන්න සිහිපත් කිරීමෙනි. (පෙට්ටිය තුළ වූයේ කුප‍්‍රකට ‘නිල ලත් හොර අවි’ විය හැකි යැයි මේ අනුව සැක කළ හැක.)
එබැවින් මේ සිදුවීම් මගින් තහවුරු කරනුයේ කුමක්ද? රාජ්‍යය පසුබිමේ තබාගනිමින් කි‍්‍රයාත්මක වන මේ හොර ගිනි අවි සංස්කෘතිය තුළ කිසිවෙකුටත් ගැලවීමක් නොවන බවය. අප සියලූ දෙනාම ඒ තුළ සැකයටත්, හිංසනයටත්, ඝාතනයටත් ඉලක්ක වී ඇත. එබැවින් ඊට එරෙහිව කි‍්‍රයාත්මක වීම කල්දැමිය නොහැකි, අතහැරිය නොහැකි අප සියලූ දෙනා සතු වගකීමකි.
ඒ උදෙසා අවම ලෙස පහත සඳහන් කි‍්‍රයාමාර්ග සඳහා ජනතාව රජයට බල කළ යුතු ය.

- සංශෝධිත ගිනි අවි පනත වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු!
- අත්අඩංගුවට ගන්නා ගිනි අවි ලියාපදිංචි කිරීම පිළිබඳ ඇති නීති රීති හා කි‍්‍රයාවලිය යාවත්කාලීන හා විධිමත් කරනු !
- පුනරුත්ථාපනය සඳහා විධිමත් හා විද්‍යාත්මක වැඩපිළිවෙලක් සකසනු!
- නීති විරෝධී ගිනි අවි පිළිබඳ තොරතුරු සැපයීම සඳහා පහසු කි‍්‍රයාවලියක් හා සුරක්ෂිතභාවය තහවුරු කරනු!
පමා වෙලා නමුත් කර තිබෙන්නේ විශාල සේවයක් සමාජය හරස් අතට කපා බලන මෙවැනි ලිපි නියම වේලාවට පළ වුනා නම් කියල වැඩක් නැහ
ReplyDeletei do not think we should be pity about these deaths. Avi gatho aviyen nasethi. Just think about the harrased public and the contribution by these gangs to undermine the law order (whether its govt sponsored or not).
ReplyDelete