ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ පැරණි ක්‍රීඩාව යළි ඇරඹේ | Going round and round the ethnic problem of Sri Lanka

(2010 මැයි 03 - W3Lankaලංකාවේ ජාතික ප්‍රශ්නය විෂයෙහි 2005 සිට තමන් කළ පැරණි ක්‍රීඩාවක් නැවත වරක් කිරීමට සාක් සමුළුව අතරතුරදී ලංකාවේ හා ඉන්දියාවේ රාජ්‍ය නායක දෙපළ එකඟ වී තිබේ. 


ක්‍රීඩාව මෙසේ ය. ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා කමිටුවක් පත් කරනු ලැබේ. කලින් ක්‍රීඩාවේදී එම කමිටුවට නම තැබුවේ සර්ව පාක්ෂික නියෝජිත කමිටුව කියා ය. ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ සිටින වැඩකට ම නැති ඇමති තෝරා එහි සභාපති ලෙස පත් කරනු ලැබේ. 


එම කමිටුව විසින් විසඳුම් යෝජනා කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කරනු ලැබේ. 


මේ කමිටුවලට සාකච්ඡා 200ක් පමණ පැවැත්වීමට සිදු වේ. සතියට එක ගණනේ පැවැත්වුවත් මේ සදහා වසර හතරක් ගත වේ.  කමිටුවේ වාර්තාව ජනාධිපතිට ඉදිරිපත් කළ පසු එයට සිදු වූ දේ සොයාගැනීමට තවත් දෙවසරක් පමණ ගත වේ. 


දෙයියනේ කියලා ඒ වෙනකොට මෝඩ දෙමළ ජනයා තව ප්‍රභාකරන් කෙනෙක් මතු කර ගතහොත් විසඳුම් ක්‍රියාවලිය නවත්වා නැවත ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක් ආරම්භ කළ හැකිය. 


මේ අතර, මන්මෝහන් සිං නාකි වන අතර රාහුල් ගාන්ධි වයසින් මුහුකුරා වැඩෙයි. එවිට දෙමල ජනයාගේ ප්‍රශ්නය විසඳීම සදහා ඔහුට ඡන්දය දෙන ලෙස කරුණානිධිගේ පුතා ජෝසප් ස්ටාලින් තමිල්නාඩුවේ දෙමළ ජනයාගෙන් ඉල්ලා සිටිනු ඇත. 


ඉන් පසු සාක් සමුළුවේදී නැවතත් ලංකාවේ විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ හා ඉන්දීය අගමැති රාහුල් ගාන්ධි ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුමක් දීමේ අවශ්‍යතාව ගැන කතා කරනු ඇත. 

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා