Posts

Showing posts with the label ජනාධිපති මහින්ද රාජපක්ෂ

අවාසනාව වන්නේ රාජපක්ෂවරුන්ගේ අවාසනාව මේ රටේ ද අවාසනාව වීමයි

Image
මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වී අට වසරක් සම්පූර්ණ ය. මේ අට වසර ලංකාවේ දැවැන්ත ‍පරිවර්තනයක් සිදු වූ යුගයකි. එම පරිවර්තනය තුළ සාධනීය මෙන් ම නිශේධනීය ලක්ෂණ ද ගැබ් වේ. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වීම යනු ලංකා ඉතිහාසයේ උන්නතිකාමී ම පවුල් පාලනයක ආරම්භයයි. එහෙත්, එය පවා මුළුමනින් ම නිශේධාත්මක නැත. මහින්ද, ගෝඨාභය, බැසිල් හා චමල් යන සිව් සහෝදරයන්ගේත් නාමල් පුතාගේත් දේශපාලන මැදිහත්වීම් ලංකාවට නරක මෙන් ම හොඳ බලපෑම් ද කර තිබේ. ඉතිහාසයක් මුළුල්ලේ ම විශ්වාස කළ නො හැකි දුෂ්ට මිනිසුන්ගෙන් පිරි ලංකාවේ දේශපාලනය තුළ ජනාධිපතිවරයකුට පළමු වරට විශ්වසනීය බල හවුලක් නිර්මානය කර ගන්නට ලැබුණේ මේ දැවැන්ත විස්තෘත පවුලේ තිබෙන ලක්ෂණ නිසා ය. මෙය බංඩාරනායක පවුල සමග සසඳා බැලුවහොත්, ‍පහත ලක්ෂණ හඳුනා ගත හැකි ය. බංඩාරනායක පවුල පාරම්පරිකව දැවැන්ත ධනයක් හිමි ව සිටි කොළඹ ඉහළ ප්‍රභූ පවුලකි. රාජපක්ෂ පවුල ධනය හා ප්‍රභූත්වය හිමි කර ගත්තේ තනිකර ම බලය හරහා ය. ඒ නිසා බලය වෙනුවෙන් එකට සිටීමේ දැඩි බැඳීමක් මෙම විස්තෘත පවුල තුළ දැකිය හැකි ය. බංඩාරනායක පවුල තුළ එය තිබුණේ නැත. මැත වකවානුවේදී, බංඩාරනායක අම්මා, පුතා, පො...

මා ඉතින් යන්න යනවා - ගඩාෆි

Image
මචං මං යන්න ද උඹත් පස්සෙන් එනව ද හිටියෙ මං කොහොම ද මේව පාඩං උඹට ද මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

හම්බන්තොට වරායට නැවක් ආවෝ! / A ship in Sri Lanka's Hambanthota harbour

Image
ඔබ දැකුමෙන් අප පිං කළ බව දැනිණි. රට ම බැලිය යුතු දෙයකි. හම්බන්තොට වරායට නැවක් ආවා ය. වරායවලට නැව් මිස කෝච්චි එනවාදැයි අපෙන් නො අසන්න. බල්ලෙක් මිනිහකු සපා කෑ විට පුවතක් නො වන මුත්, මිනිහෙක් බල්ලකු කෑ විට එය පුවතක් බවට පත් වන බව ජනමාධ්‍යවේදයේදී කියැවේ. ඈත මුහුදේ තිබෙන නෞකා සඳහා සේවා සැපයීමට හම්බන්තොට වරායට බෝට්ටු දෙකක් ගෙනැවිත් දීමට bluga නම් මේ නැව වරායට ආවේ ය. ඇවිත් ගියේ ය. තව නැව් ආවොත් රජයේ මාධ්‍ය අපට ඒ බව කියනු ඇත. බලාපොරොත්තුවෙන් සිටින්න. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

දැක්කද ජනාධිපතිතුමා කොල්ල වගේ නේද?

Image
(2011 පෙබරවාරි 04,  W3Lanka )   ජනාධිපතිතුමාගේ සෞඛ්‍ය තත්වය ගැන ඇති කටකතාවලට පිළිතුරක් ලෙස මෙම ඡායාරූපය ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන්නට ඇති බව විශ්වාස කළ හැකි ය. කවදා, කොතැනකදී ගත්තාදැයි නො දැක්වෙන මුත්, එතුමා කොල්ලා වගේ ඉන්න බව නම් පැහැදිලි ය. කොටින්ගෙන් අල්ලා ගන්නා ලද ජල ස්කූටරයක් පදවන දෙවන ඡායාරූපය නම් පසුගියදා යාපන සංචාරයේදී ගන්නා ලද එකක් බව ප්‍රසිද්ධ ය. ජනාධිපතිවරයා කොහොමත් කෙළි ලොල්, නිදහස්කාමී පුද්ගලයකු බව ප්‍රසිද්ධ ය. එහෙත්, ඔහුගේ පාලනය තුළ ඔහු විසින් ජනතාවගේ නිදහස්, කෙළි ලොල් ජීවිතවල ගෙල ආදිකල්පික කුරහන් සාටකයකින් සිර කර තිබේ. විශේෂයෙන් ම 2005 ජනාධිපතිවරණයේදී සිය ප්‍රතිවාදියාට එරෙහිව මහින්ද රාජපක්ෂ 'පිරිමිකම' නම් සංකල්පය භාවිතා කළේ ය. එය රාජ්‍ය පාලනයට ඍජුව අදාළ නො වන මුත්, බාහිර පෞරුෂය අතින් සිය ප්‍රතිවාදියා පැරදවීමට හැකි වීම 2005 තියුණු ජනාධිපතිවරණයේ ජය තහවුරු වීමට ඉවහල් විය. එදා ඔහු පැරදුණා නම් ලංකාවේ සය වසරක ඉතිහාසය අනිවාර්යයෙන් ම මීට වෙනස් වේ. ඔහුගේ ප්‍රතිවාදීන් වූ රනිල් වික්‍රමසිංහ හා චන්ද්‍රිකා බංඩාරනායක ඔහුට සාපේක්ෂව 'ගැහැනු' ප්...

එස්.බී. මේ කියන්නේ රාජපක්ෂවරුන්ට දුන් ආචාර්ය උපාධි ගැන ද?

Image
(2011 ජනවාරි 29  W3Lanka )  ප්‍රමිතියකින් තොරව දේශපාලඥයින්ට ආචාර්ය උපාධි පිරිනැමීම නැවැත්විය යුතු බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක උසස් අධ්‍යාපන සුදුසුකම් පිළිබදව ප්‍රතිපත්ති රාමුවක් සැකසීම පිළිබදව ජනවාරි 28දා කොළඹදී පැවති වැඩමුළුව අමතමින් ප්‍රකාශ කළේය. ඇල්කෙමියාගේ රසායනාගාරය නම් බ්ලොගයේ දැක්වෙන අන්දමට "ආචාර්ය මහාචාර්ය වරු සිව් වැදෑරුම් වේ. 1. පළමුව පිළිගත් විශ්වවිද්‍යාලයක මූලික උපාධිය ලබා, දෙවනුව වසර 3-4 (එංගලන්තය වැනි රටවල) හෝ වසර 5-7 ක් (අමෙරිකාව වැනි රටවල) දහදුක් විඳ “උපයා ගන්නා ආචාර්ය උපාධිය (Earned Doctorate)”. උදා. මහාචාර්ය ජී. එල්. පීරිස්, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ වැන්නවුන්…. 2. තම ක්‍ෂෙත්‍රයේ උන්නතිය උදෙසා මහඟු මෙහෙයක් කර, එම ‍ක්‍ෂෙත්‍රයේ “පොරක්” බවට පත්වීමෙන් විශ්වවිද්‍යාලයක් මඟින් දෙනු ලබන සම්මානනීය ගෞරව ආචාර්ය උපාධිය. උදා. ආචාර්ය තිස්ස අබේසේකර වැන්නවුන්…. 3. නොදී බැරිකමට හේතුවක් හොයාගෙන තම පැවැත්ම සඳහා රටේ නායකයන්ට දෙනු ලබන ආචාර්ය උපාධිය. ආචාර්ය මහින්ද රාජපක්‍ෂ, ආචාර්ය ගෝඨාභය රාජපක්‍ෂ වැන්නවුන්…. 4. කොහේ හෝ අටවාගත් අධ්‍යාපන කඩයකින් මුද...

විකිලීක්ස් හා රාජපක්ෂ පාලනයේ අනාගතය | Wikileaks and the future of Rajapaksha regime of Sri Lanka

Image
විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් ඇසේන්ජ් ( 2010 දෙසැම්බර් 03,  W3Lanka )  විකිලීක්ස් වෙබ් අඩවියේ ලංකාව පිළිබඳ පළ වී ඇති තොරතුරු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හා රාජපක්ෂ පාලනයේ අනාගතය සම්බන්ධයෙන් බටහිර ප්‍රතිපත්ති‍ය හෙළිදරව් කරයි. ජනාධිපතිවරයාට හා තවත් අයට එරෙහිව යුද අපරාධ චෝදනා ගෙන ඒම පිළිබද හඬ පසුගිය දිනවල යම් දුරකට යටපත් වී තිබුණ ද, ජනාධිපතිවරයාගේ එඩිතර, අපරීක්ෂාකාරී බ්‍රිතාන්‍ය පෞද්ගලික චාරිකාව සමග එය යළි කරළියට පැමිණ ඇත. විකිලීක්ස් වෙබ් අඩවියේ පළ වී ඇති ඇමරිකානු තානාපති පැට්‍රීෂියා බියුටිනිස් විසින් 2010 ජනවාරි 15දා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යවන ලද කේබල් පණිවුඩයක සඳහන් වන පරිදි ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඔහුගේ සහෝදරයා/යෝ සහ විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා යුද අපරාධ වැරදිකරුවෝ ය. අව්‍යාජ සත්‍යය හෙළිදරව් කිරීමේ ක්‍රියාමාර්ගයක් පමා වීමට එය එක් හේතුවකි. එවැනි ක්‍රියාමාර්ගයක් පිළිබඳව එක්සත් ජනපද තානාපතිනිය මෙරට දෙමළ නායකයන් කිහිපදෙනෙකුගෙන් විමසා ඇති අතර ඔවුන්ගේ අදහස වී ඇත්තේ, විශේෂයෙන් ම ඔවුන් අනතුරට ලක් විය හැකි නිසා, මේ ඒ සඳහා කාලය නො වන බවයි. එහෙත්, අනාගත ...

ජනාධිපතිවරයා සතුරු බලකොටුවක් ඇතුළට ම ගොස් නෙළා එන්න ගිය එඩිතර එහෙත් අපරීක්ෂාකාරී චාරිකාව

Image
( 2010 දෙසැම්බර් 03,  W3Lanka )  ජනාධිපතිවරයාගේ ලන්ඩන් ගමන පෞද්ගලික චාරිකාවකි. බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ලියම් ‍ෆොක්ස් ජනාධිපති මාධ්‍ය ඒකකයේ වාර්තාකරුවන් කියන පරිදි ජනාධිපතිවරයා බැහැ දුටුවේ ද පෞද්ගලික හමු වීමක් ලෙස ය. ජනාධිපතිවරයාගේ ලන්ඩන් ගමනට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට බ්‍රිතාන්‍ය රජය මුලදී එතරම් කැමැත්තක් නො දක්වන ලද බව ද වාර්තා වේ. ජනාධිපතිවරයාගේ චාරිකාව හා සමාන්තරව චැනල් ෆෝ රූපවාහිනිය විසින් කලින් පෙන්වන ලද නීති විරෝධී ඝාතන වීඩියෝවේ දීර්ඝ වී‍ඩියෝවක් ඉදිරිපත් කර ඇත. එහි ඝාතකයන් ඇතැමෙකුගේ මුහුණු පවා අඩ වශයෙන් දැකිය හැකි ය. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සිංහල සිසුන් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශනය සංවිධානය කරන අතර කොටි සංවිධානයට සම්බන්ධ පිරිස් යුද අපරාධ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගන්නැයි දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කළ හ. ඔක්ස්ෆර්ඩ් දේශනය අවලංගු කිරීම හේතුවෙන් ජනාධිපතිවරයාට ඇති වූ ජාත්‍යන්තර අවමානයෙන් ඔකඳ වී සිටින දෙමළ ක්‍රියාකරුවෝ ඔහු නැවතී සිටින පාක් පටු මගෙහි හෝටලය ද වට කළ හ. බ්‍රිතාන්‍ය නීතිය අනුව යුද අපරාධ සිදු වන්නේ බ්‍රිතාන්‍ය දේශ සීමාවෙන් පිටදී වුවත්, ...

අයවැයෙන් රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩි වන හැටි මෙන්න! | How salaries of public and private sector employees increased from 2011 budget of Sri Lanka

Image
( 2010 නොවැම්බර් 23,  W3Lanka )  අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කළා ද? නැද්ද? අද උදෑසන රටේ ප්‍රධාන ජනමාධ්‍ය ඔස්සේ මෙම පැනයට පිළිතුරු සෙවීමට වෙහෙස දැරීමි. එහි ප්‍රතිඵල මෙසේ ය: රජයේ නිල වෙබ් අඩවිය වන www.news.lkහි අයවැය කතාවක් නැත. දිනමිණ වෙබ් අඩවිය පවසන්නේ 'රජයේ සේවක වැටුප් 5%කින් ඉහළට' කියා පමණි. දිවයින වෙබ් අඩවියේ සඳහන් වන අන්දමට 'සියලුම රාජ්‍ය අංශ සේවකයන්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 600 කින් ඉහළ දැමීමට යෝජනා කරන බව ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා 2011 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඊයේ (22 දා) පස්‌වරුවේ ප්‍රකාශ කළේය. එමෙන්ම 2011 ජනවාරි මාසයේ සිට ආරක්‍ෂක අංශ ඇතුළු සියලුම රජයේ සේවකයන්ට මූලික වැටුපෙන් 5% ක දීමනාවක්‌ද ලබා දීමට යෝජනා කර ඇත. විශ්‍රාමිකයන් සඳහා ගෙවන ජීවන වියදම් දීමනාව රු. 300 කින් වැඩි කිරීමට යෝජනා කර ඇත.' Daily Mirror පුවත්පත පවසන පරිදි 'A 5% monthly allowance increase as a non pensionable allowance will be provided for all public servants and security personnel. Rs.600 increase in cost of living allowance from January to al...

ආදරයෙන් හෝ වෛරයෙන් තොරව දෙවන ධුර ප්‍රාප්ති දිනයේ එතුමාට විවෘත ලිපියක් | An open letter to the Sri Lanka President on the first day of his second term office

Image
( 2010 නොවැම්බර් 19,  W3Lanka )  එතුමා අද දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දෙයි.  2010 ජනවාරි 26දා එතුමාට ඡන්දය දුන් ජනයා පවා මේ පදවි ප්‍රාප්ති සැණකෙළිය දෙස බලා සිටින්නේ උදාසීනව බව එතුමන් වට කරගෙන සිටින කපටීන් එතුමන්ට කියන බොරු නිසා එතුමන්ට තේරෙන්නේ නැතුව ඇත. එතුමන්ට ඡන්දය දුන් අය පවා කඩෙන් බඩු අරගෙන ගෙදර එන්නේ ගලේ පැහැරූ බළලුන් පරිද්නේ මූණ විරිවිට්ටන් කරගෙනයි.  ඉදිරි අයවැයෙන් හෝ සහනයක් ලැබෙතැයි එතුමාගේ සහායක පදනම වූ රජයේ සේවකයන්ට විශ්වාසයක් නැත. පඩි වැඩි කළත් අනෙක් පැත්තෙන් සෑහෙන්න බදු වැඩි කරනු ඇති බව ඔවුහු දනිති.  මෙම ලේඛකයා එතුමාට ඡන්දය දුන්නේ නැත. එහෙත්, ලේඛකයාට එතුමා සමග කිසිදු තරහක්, වෛරයක් ද නැත. එහෙම එකක් තිබෙන බව පෙන්වීමෙන් ලේඛකයාට වෙන ඇතැම් ජනමාධ්‍යවලට මෙන් මුදල් ලැබෙන්නේ ද නැත. එහෙයින් එතුමා දෙස තරමක් මධ්‍යස්ථව බලා අදහසක් ලියන්නට තරම් ලේඛකයා නිදහස් ය.  එතුමා සම්බන්ධයෙන් ලේඛකයාට ඇති ප්‍රබල ම විවේචනය වන්නේ එතුමා සිංහල ජාතිවාදීන්ට යට වීමට කලින් දැක්වූ කැමැත්තයි. එහෙත්, එතුමා ජාතිවාදියකුට වඩා ජාතිකවාදී නැඹුරුවක් සහිත, සුළු ධනේශ්වර චින්තනයකින් මෙ...

ජනාධිපතිවරයා ඔබාමා සමග පෙනී සිටි ඡායාරූපය අඩංගු ෆ්ලිකර් ගැලරිය

Image
( 2010 ඔක්තෝබර් 21,  W3Lanka ) ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජනපද ජනාධිපතිවරයා සමග ගන්නා ලද ඡායාරූපය ව්‍යාජ හා සකසන ලද එකක් බවට රාවයක් පැතිරී ගියේ ය. අපි මෙම ඡායාරූපය සෙවීම පිණිස අපගේ පාඨකයන්ගෙන් සහාය ඉල්ලා සිටියෙමු. ඒ අනුව, කිහිප දෙනෙකු ම එම සබදතා පුරුක අප වෙත දන්වා තිබේ. ඒ මෙසේ ය: http://www.flickr.com/photos/statephotos/5019672974/in/set-72157625047558864/ ඒ සියල්ලන්ට ම ස්තුතිය ප්‍රකාශ කරන අතර, අප බ්ලොග් අඩවියේ අදහස් තීරය යටතේ පාඨකයන් විසින් පළ කරන ලද විවිධ අදහස් අතරින් ඇතැම් ඒවායේ මෙම ඡායාරූපය ව්‍යාජ එකක් බව කියා තිබේ. ඒ පිළිබදව W3Lanka සංස්කාරක වශයෙන් බලවත් කණගාටුව ප්‍රකාශ කරමි.ඡායාරූපය ගත් දිනය 2010 සැප්තැම්බර් 23 දින බව එහි දක්වා තිබේ. මෙය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ෆ්ලිකර් වෙබ් අඩවියෙහි පෞද්ගලික ඡායාරූපයක් ලෙස ඇතුළත් කර තිබුණු නිසා එය සාමාන්‍ය සෙවිමක් හරහා සොයා ගැනීම දුෂ්කර ය. ෆ්ලිකර් හරහා එවැනි ඡායාරූපයක් ඍජුව සොයා ගත නො හැකි ය.එවැන්නක් අනෙක් අය සමග බෙදා ගැනීම සඳහා ගෙස්ට් පාස් ක්‍රමයක් තිබේ. ජනාධිපති මාධ්‍ය සම්බන්ධිකාරකවරයා විසින් The Island පුවත්පතට ක...

සොයන්නාට සම්බ නො වූ ජනාධිපති යුවල ඔබාමා යුවල සමග ගත් සේයාරුව | Unsearchable authentic photo of Sri Lanka President with Obama

Image
( 2010 ඔක්තෝබර් 12,  W3Lanka )  පණ දාගෙන සෙව්වෙමු. සොයා ගන්නට බැරි විය. මොකක්ද? ජනාධිපති මහින්ද රාජපක්ෂ යුවල ඔබාමා යුවල සමග ධවල මන්දිරයේදී ගත් සැබෑ හෙවත් ඔතෙන්ටික් ඡායාරූපය පළ වූ තැන.  මේක  www.state.gov නම් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ඇති බව The Island පුවත්පතට ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත් ඊයේ කියා තිබිණි. අපැහැදිලි තිරරූපයක් හෙවත් screenshot එකක් ද තිබිණි. මෙම වෙබ් අඩවිය හදා ඇති ආකාරය කමකට නැත. අප සෙවූ දෙය එහි සොයා ගැනීම අපහසු වී තිබේ. UNGA 2010 ලෙස අපට මෙම වෙබ් අඩවිය හරහා ලැබුණේ මෙම පිටුවයි . Sri Lanka President කියා සෙවූ විට ලැබුණේ අගමැති රත්නසිරි වික්‍රමනායක 2009 වසරේ එක්සත් ජාතීන්ගේ සමුළුව අතරතුර ගන්නා ලද මෙම ඡායාරූපය පමණි.  මෙම ඡායාරූපය    www.state.gov වෙබ් අඩවියේ  පළ වී ඇති ස්ථානය සොයා ගැනීමට අපට උදව් කරන්න. එම සබඳතා පුරුක අදහස් තීරයේ සටහන් කරන්න.  Bookmark, remember easily and come again   www.w3lanka.com

ප්‍රියකම, හොඳ ම, බුද්ධිමත් ම, දක්ෂ ම ආදී ඕනෑම ලැයිස්තුවත උඩින් ම ඉන්න මහින්ද රාජපක්ෂ

Image
( 2010 ඔක්තෝබර් 09,  W3Lanka )   * ඔබ කැමැතිම ශ්‍රී ලාංකීය දේශපාලනඥයා...? “මම කැමැති දේශපාලඥයන් කීප දෙනෙක් ඉන්නවා. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, සහ වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ...” ඉහත පළ වන්නේ අද දිනමිණ පුවත්පතේ දියවන්නාවේ නෑදෑයෝ නම් විශේෂාංගයේ අධිකරණ නියෝජ්‍ය ඇමති රෙජිනෝල්ඩ් කුරේ කරන ප්‍රකාශයකි. රෙජිනෝල්ඩ් කුරේ යනු විජය කුමාරතුංග සමග දේශපාලනය කර, ඔහුගේ මරණින් පසු චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග සමග බහුජන නිදහස් පෙරමුණ බිහි කර, පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වී අද දක්වා ම එහි සිටින දේශපාලනඥයෙකි. කලක් ලංකාවේ ප්‍රධාන ම පළාත වන බස්නාහිර පළාතේ පළාත් සභාවේ ප්‍රධාන ඇමති ධුරය හෙබවූ හේ දැන් වර්තමාන ආණ්ඩුවේ අධිකරණ නියෝජ්‍ය ඇමති ය. ඔහුගේ ප්‍රධානියා වන්නේ ඔහුට පසුව සමසමාජයෙන් ශ්‍රීලනිපයට ආ ආතාවුද සෙනෙවිරත්නයි.  රෙජිනෝල්ඩ් කුරේ ශ්‍රීලනිපයේ ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙකි. ඔහුට වඩා කණිෂ්ඨ යූ.ඇන්.පී.කාරයන් ප්‍රධාන ඇමති තනතුරු හොබවද්දී ඔහු නිකම් ම නිකම් නියෝජ්‍ය ඇමති කෙනෙකි. පසුගිය මහ මැතිවරණ සමයේ ඔහු පැරදවීම සඳහා රාජපක...

ජනාධිපති සිය බැලයන්ට හැරෙන තැපෑලෙන් එවූ තෑග්ග | The return gift from Sri Lanka President to his henchmen

Image
( 2010 සැප්තැම්බර් 09,  W3Lanka )  ජනතා නියෝජිතයන් යයි කියන පිරිස් විසින් විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බලතල හා ජනාධීපති ලෙස වැජඹිය හැකි කාලය වැඩි කරමින් කළ ක්‍රියාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් හැරෙන තැපෑලෙන් සම්මානයක් පුද කර තිබේ.  ඒ මර්වින් සිල්වා යළි මහාමාර්ග නියෝජ්‍ය ඇමති තනතුරේ පිහිටුවීමයි.  ජනාධීපතිවරයා සිය පවුලේ ජය තහවුරු කර ගත් සැණින් කළ මෙම ක්‍රියාවෙන් සංකේතවත් වන්නේ එතුමාට මෙම ජනතා නියෝජිතයන් පිළිබඳ ඇති ආකල්පයයි.  161ක් ආණ්ඩු ගැති මන්ත්‍රීවරුන් විසින් කරනු ලැබුවේ ප්‍රජාතන්ත්‍රවාදය ගස් බැඳීමයි. එහෙව් එකේ කැමැත්තෙන් ඉදිරිපත් වූ එකෙකු ගස් බැඳි මර්වින් සිල්වාට කෙණෙහිලි කිරීම වැරැදි බව එතුමා‍ ඒත්තු ගන්වා ඇත.  තිස් දෙවසරක් විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව සටන් කර, අන්තිමේදී එහි නරක වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට අත් එසවූ වාසුදේව නානායක්කාර වැනි අය සිටින රටක මර්වින් සිල්වා අතිශය වැදගත් සංකේතයකි.  මර්වින් සිල්වා මේ රටේ ජනාධිපති පදවියට සුදුසු බව අප කීවේ අද නොව 2007දී ය. මේ ලිපිය නැවත කියවන්න.  මර්වින් සිල්වා ජනාධි...

ගස් බඳින රඟපෑම් ද අසභ්‍ය රැඟුම් සේ තහනම් කළ යුතු ය

Image
( 2010 සැප්තැම්බර් 01,  W3Lanka )  කැලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මන්ත්‍රී මර්වින් සිල්වා කළ ගස්‌ බැඳීම තමන් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු එක්‌ව ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් කළ රඟපෑමක්‌ බවට එම සිද්ධියට මුහුණපෑ සමෘද්ධි සංවර්ධන නිලධාරියා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු දිවුරුම් පෙත්සම් දෙකක්‌ විනය කමිටුවට ලබා දී තිබෙන නිසා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහු විනය පරීක්ෂණයෙන් නිදහස් කර නැවත  කැලනියආසන සංවිධායක ධුරය ලබා දී ඇත.  ජනාධිපතිවරයා නුදුරු අනාගතයේදී ම මොහු නැවත නියෝජ්‍ය ඇමති තනතුරේ හෝ ඇතැම් විට කැබ්නට් ඇමති ධුරයක පිහිටුවීමට ඉඩ තිබේ.  ජංගම දුරකථන ඔස්‌සේ ප්‍රචාරය කළ අසභ්‍ය වීඩියෝ දර්ශන සඳහා පෙනී සිටි තරුණ තරුණියන් හැට දෙනකු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රකාශකයෙක්‌ පසුගිය "දිවයින ඉරිදා සංග්‍රහය"ට පවසා තිබිණි.  අසභ්‍ය වීඩියෝ දර්ශන සඳහා පෙනී සිටීම කියන්නේ ද රංගනයකි. ඒ රංගනය තහනම් බව මෙම පුවත අනුව පෙනේ. ඒවා තහනම් කරන්නට ඇත්තේ ඒවා බලා මිනිසුන් යම් අනර්ථකාරී හැඟීමක් ඇති කර ගන්නා නිසා වන්නට පුළුවන.  කැලනියේ මර්...