ජනාධිපති සිය බැලයන්ට හැරෙන තැපෑලෙන් එවූ තෑග්ග | The return gift from Sri Lanka President to his henchmen

(2010 සැප්තැම්බර් 09, W3Lankaජනතා නියෝජිතයන් යයි කියන පිරිස් විසින් විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බලතල හා ජනාධීපති ලෙස වැජඹිය හැකි කාලය වැඩි කරමින් කළ ක්‍රියාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් හැරෙන තැපෑලෙන් සම්මානයක් පුද කර තිබේ. 


ඒ මර්වින් සිල්වා යළි මහාමාර්ග නියෝජ්‍ය ඇමති තනතුරේ පිහිටුවීමයි. 


ජනාධීපතිවරයා සිය පවුලේ ජය තහවුරු කර ගත් සැණින් කළ මෙම ක්‍රියාවෙන් සංකේතවත් වන්නේ එතුමාට මෙම ජනතා නියෝජිතයන් පිළිබඳ ඇති ආකල්පයයි. 


161ක් ආණ්ඩු ගැති මන්ත්‍රීවරුන් විසින් කරනු ලැබුවේ ප්‍රජාතන්ත්‍රවාදය ගස් බැඳීමයි. එහෙව් එකේ කැමැත්තෙන් ඉදිරිපත් වූ එකෙකු ගස් බැඳි මර්වින් සිල්වාට කෙණෙහිලි කිරීම වැරැදි බව එතුමා‍ ඒත්තු ගන්වා ඇත. 


තිස් දෙවසරක් විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව සටන් කර, අන්තිමේදී එහි නරක වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට අත් එසවූ වාසුදේව නානායක්කාර වැනි අය සිටින රටක මර්වින් සිල්වා අතිශය වැදගත් සංකේතයකි. 


මර්වින් සිල්වා මේ රටේ ජනාධිපති පදවියට සුදුසු බව අප කීවේ අද නොව 2007දී ය. මේ ලිපිය නැවත කියවන්න. 





Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. අචාර්ය මර්වින් සිල්වාට විරුද්ධව චෝදනාත් නොමැතිනම්, ඔහුට එරෙහිව සාක්ෂිත් නැත්නම් කුමක් කරන්නද? නිර්දෝෂී ඔහුට යලි නි.ඇමතිකම ලබා දී ජනතාවට සේවයක් සැලසීමට අවස්ථාවක් දීම පිළිබඳ අපි අතිගරු ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වියයුතුය. ලක්ෂයකට අධික ගම්පහ දිස්ත්‍රික් ජනතාවගේ පැතුම් ඉ‍ටු කිරීමකි. විරුද්ධ වාසීන්(කශේරුව ශක්තිමත්) කල යුත්තේ කටමැත දෙඩවීම නොව ඕනෑම උසාවියකට,පොලීසියකට ගොස් ඔහුට විරුද්ධව චෝදනා ගොනු කිරීමයි.

    අචාර්ය මර්වින් සිල්වාට අපගේ උනුසුම් සුභපැතුම්!

    ReplyDelete
  2. පොලිසියට උසාවියට යන්නෙ කොහොමද බූරුවො පොලිසිය පාහර දේශපාලකයො ළඟ ගැඩවිල්ලු වගේ ඇඔරෙන තත්වෙකට වැටිලනම්. නීතිය උන්ගෙ කැළෑ නීතිය බවට රටේ පත්වෙලානම්.
    මර්වියා ඇවිල්ල උඹල වගේ එවුන්ගෙ අධෝමුඛයෙ ඇරියනම් සමහර විට තොපේ අන්ධ ඇස් පෙනෙන්න ගනියි.

    ReplyDelete
  3. පලවෙනි ඇනොනිමස්ට ++1.

    දෙවන අනොනිමස්ට: ඔබලාගේ නිදහසට කාරනා ඔබලාටම හොඳය. නටන්න බැරි මිනිහාට පොලව ඇදයි යන්න අප අසා තිබේ! .කරුණාකර කශේරුව ශක්තිමත් බව පෙන්නන්න.

    ReplyDelete
  4. තුන්වන ඇනියට..
    අනුන්ගෙ කශේරුකාව ගැන හොයන්න කලින් තමන්ගෙ අහවල් එක තියෙනවද බලපං නපුංසකයෙක් වගේ හතර අතේ මොකක්ද එක් දෙන්නෙ නැතිව.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. "...161ක් ආණ්ඩු ගැති මන්ත්‍රීවරුන් විසින් කරනු ලැබුවේ ප්‍රජාතන්ත්‍රවාදය ගස් බැඳීමයි..."
    Describes everything. Great saying.

    No body talks about the stand on executive presidency in Mahinda Chinthana. What a marvelous country is this!!!

    -Dimithry

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා