ජයවර්ධනපුර කන්‍යා පරීක්ෂකගේ මානසික තත්වය පරීක්ෂා කරනු | Mental test needed for the Vice Chancellor of Sri Jayawardhanapura university

(2010 සැප්තැම්බර් 23, W3Lankaජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති එන්.එල්.ඒ. කරුණාරත්නට අමුතු ම ලෙඩක් හැදී ඇත. එය සන්ඩේ ලීඩර් පුවත්පත විසින් හඳුන්වා ඇත්තේ ආදරභීතිකාව ලෙසයි. පුවත්පත කියන පරිදි කෙල්ලන්, කොල්ලන් ආදරය කරන නිසා මෙම උගතා 'සමර් හට්" හා බංකු කුඩු කර ඇත.


අප සිතන්නේ මනෝ විද්‍යාඥයන් විසින් වහා පරීක්ෂාවට ලක් කළ යුතු වෙනත් මනෝ ලිංගික ප්‍රශ්නයක් මෙතැන ඇති බවයි. එවැනි පරීක්ෂාවක් අවශ්‍ය වන්නේ විශ්ව විද්‍යාලයක් යනු තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනක් ඉගෙන ගන්නා තැනක් වීම නිසායි. එවැනි තැනක් පාලනය කරන ලොක්කන් අනිවාර්යයෙන් ම හොඳ මානසික තත්වයක සිටිය යුතු ය.


මේ උගතා විසින් පසුගිය 21 වැනිදා විශ්වවිද්‍යාල භූමිය තුළ සවස 6.30ට පමණ පෙම්කළ බව කියන ජෝඩු 20ක්‌ අල්ලාගෙන ඉන් ශිෂ්‍යාවන් සයදෙනකු විශ්වවිද්‍යාල ගිලන් රථයෙන් කළුබෝවිල රෝහලට ගෙනගොස්‌ එම ශිෂ්‍යාවන්ගේ කන්‍යාභාවය පරීක්‍ෂා කිරීමට අවශ්‍ය බව පවසා යවා ඇති බව ද අනතුරුව එම ශිෂ්‍යාවන්ගේ නිවෙස්‌වලට දුරකථනයෙන් කථාකර මෙම ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාලය තුළ ඉගෙන ගැනීමක්‌ නො කරන බවත් ඔවුන් විවාහ කර දීමට කටයුතු කරන ලෙසත් දෙමාපියන්ට පවසා ඇතැයි ද කීය.


ලංකාවේ උගතුන් කියන්නේ මෙවැනි පොරවල් පිරිසකි. එහෙයින් මොවුන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ලෙස පෙනී සිටිමින් නූගත් දේශපාලකයන්ට කඩේ යාම හා ටියුෂන්, ධනාත්මක චින්තනය වැනි ජාවාරම් කරමින් මුදල් ඉපැයීම පිළිබඳ රට පුදුම විය යුතු නැත.


සරසවි මතකය පිළිබඳ සොඳුරු ගීයක් වූ 'මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි' වැනි ගී පවා නුදුරු අනාගතයේදී සරසවියේ තහනම් කෙරෙනු ඇත. මන්ද 'ඔබ අතගෙන' වීදිවල ඇවිදීම කන්‍යාභාවය නැති වීමට හේතුවක් වන බැවිනි.


මෙවැනි උගතුන්ට බුදුධිමතකු ලෙස ඇති පිළිගැනීමටත් වඩා සිසුවියන්ගේ කුමරිච්ඡදය වැදගත් වන රටක ගැහැනුන්ගේ ඉරණම කෙබඳු විය හැකි ද?


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. මේ පුද්ගලයා ඊයේ සවස 4ට පමණ විශ්වවිද්‍යාල භූමිය තුල ඉතා සාමාන්‍ය ආකාරයට කතා බස් කරමින් සිටි පෙම්වතුන් ජෝඩු වෙත පවා කඩා පැන ඔවුන්ට පරුෂ ලෙස බැණවැදී තිබෙනවා.

    ReplyDelete
  2. These are the LUMPAN INTELECTUALS our society and the out dated educational systems have produced.They are really mental patients whi should be in sanatoriams rather than in top academic istitutions.

    ReplyDelete
  3. Dee..අහන්නත් දෙයක්ද අප්පච්චියේ!

    ReplyDelete
  4. සමර් හට් ඇතුලේ ලවු කලාට කමක් නැත. ඒ සමහ් හට් වලට කවුරුත් එන්නේ නැතිනම් ය. ජෝඩුවක් සමර් හට් එකෙකට වී පෙම් කෙළින විට තවත් 10 - 15 සිසුන් පිරිසකට ඒව පාඩම් වැඩ (ගෘප් ඩිස්කෂන්) සඳහා යොදවා ගැනීමට තිබූ මග ඇහිරී යයි. සමහර සමර් හට් මේ වැඩය උදෙසා ජ්‍යේෂ්ට උත්තමයන් විසින් තම බුත්තියට සවි කර ගෙනද ඇති අතර එවන් තැනක සිට අධ්‍යයන කටයුතු වල යෙදෙන කණිෂ්ඨ සිසුන් පන්නා දැමීම මොවුන් විසින් සිදු කෙරේ. විශ්ව විද්‍යාලයට මොවුන් යවා අපේ බදු වලින් ගෙවන්නේ උන්ට ඉගෙන ගන්නය. තම්න්ට ඉගෙන ගන්න බැරිනම් එසේ කරන එකාටවත් ඉඩ දිය යුතුය. මෝල් ඇර ගැනීමට අවැසි උන් ඒ සඳහා තම වියදමින් ක්‍රම සපයා ගත යුතු අතර, මෝල් ඇර ගැනීමට ඉගෙන ගන්නා එකා සමර් හට් එකෙන් පැන්නීම නැවැත්විය යුතුය.

    ReplyDelete
  5. විශ්ව විද්‍යාල තුළට ද මේ කාන්දු වි උතුරා යන්නට පටන් ගෙන ඇත්තේ කාලයක් තිස්සේ ලාංකිය සමාජය වෙලා පැතිර යන ඊනියා සදාචාරයේ පිළිකාවයි !

    ReplyDelete
  6. @ Anonymous,
    මහත්තයත් හරියට රාවය පත්තරේ අයිවන් සර් වගෙයිනෙ. යන විවේචනය එක පැත්තක තියනකොට තවත් කවුද සතුරෙකුට බනිණවා. එතකොට අපිට උපකුලපතිගෙ ප්‍රශ්නෙ කියලදෙයක් නැහැ වගේ අදහසක් එනව. හොරගෙඩිය! දෙන්න හිතෙනව දෙකක් ඌයියා වෙන්න.

    පච්ච සිරා

    ReplyDelete
  7. "සමර් හට් ඇතුලේ ලවු කලාට කමක් නැත. ඒ සමහ් හට් වලට කවුරුත් එන්නේ නැතිනම් ය. ජෝඩුවක් සමර් හට් එකෙකට වී පෙම් කෙළින විට තවත් 10 - 15 සිසුන් පිරිසකට ඒව පාඩම් වැඩ (ගෘප් ඩිස්කෂන්) සඳහා යොදවා ගැනීමට තිබූ මග ඇහිරී යයි. සමහර සමර් හට් මේ වැඩය උදෙසා ජ්‍යේෂ්ට උත්තමයන් විසින් තම බුත්තියට සවි කර ගෙනද ඇති අතර එවන් තැනක සිට අධ්‍යයන කටයුතු වල යෙදෙන කණිෂ්ඨ සිසුන් පන්නා දැමීම මොවුන් විසින් සිදු කෙරේ. විශ්ව විද්‍යාලයට මොවුන් යවා අපේ බදු වලින් ගෙවන්නේ උන්ට ඉගෙන ගන්නය. තම්න්ට ඉගෙන ගන්න බැරිනම් එසේ කරන එකාටවත් ඉඩ දිය යුතුය. මෝල් ඇර ගැනීමට අවැසි උන් ඒ සඳහා තම වියදමින් ක්‍රම සපයා ගත යුතු අතර, මෝල් ඇර ගැනීමට ඉගෙන ගන්නා එකා සමර් හට් එකෙන් පැන්නීම නැවැත්විය යුතුය."

    මෙවන් පුරවැසියන් ලද රටක්...! අහා ! විශිෂ්ඨය... ශ්‍රේෂ්ඨය... ආසියාවේ පමණක් නොව සක්වලම ආශ්චර්යය වන්නේය. මොහු ඉපදී ඈත්තේත් මොහුගේ ළමයින් (සිටීනම්) ඉපදී ඈත්තේත් කිසිදු ලිංගික උත්තේජනයකින් තොරව සිදුවූ පැදුර පෑගීමකින් හෝ සරම දියරෙද්දට ගැනීමකිනි.

    ReplyDelete
  8. මේක තමන්ගේ ගොං පාට් වලට විරුද්ධව වැඩ කරන උපකුලපතිව පන්නන්න අන්තරේ අයියලා ගොතලා පතුරවපු අමූලික කෙප්පයක්. මුනුත් මොකක් හරි දැක්ක ගමන් මී හරක් වගේ comment දානවා මී හරක් වගේ. :)

    ReplyDelete
  9. "විශ්වවිද්‍යාල භූමිය තුල ඉතා සාමාන්‍ය ආකාරයට කතා බස් කරමින් සිටි පෙම්වතුන්"

    ########අපි නොදන්න සාමාන්‍ය ආකාරය.########

    ReplyDelete
  10. උපකුලපතිතුමාට මානසික රෝගයක් තිබේදැයි ඔබ හරියටම දන්නේ කෙසේද?
    එසේම,
    සිසුවියන්ට කන්‍යා භාවය තවම තිබේ යැයි ඔබ හරියටම දන්නේ කෙසේ ද?

    මෙයින් ඔබද සිසුවියන්ගේ අවයව පරීක්ෂා කර පළපුරුදු අයෙකු බව නොපෙනේද?

    අපිත් විශ්වවිද්යාල ශිෂ්‍යයො තමයි. :D

    ReplyDelete
  11. @ පච්චසිරා

    කිරි දරුවෙක් වගේ නොදන්න බබා පාට් දාන්න එපා බන්. ඔය සමර් හට් වල ආධිපත්‍ය තියන් ඉන්නෙ උප කුලපතිති ගැන අමුතු ටෝක් දෙන අන්තරේ උන්. උන් ඉතින් ඉගෙන ගන්නෙ නැති බව අපි දන්නවනෙ. චාරට් වෙච්ච අන්තරේ දැන් බලන්නෙ මොකක් හරි කියල ෂේප් වෙන්න.

    @ ඇනී

    ළමයින්ට ලිංගික හැඟීම් ඇතිනම් ඒවා සපුරා ගැනීමට කිසිම බාධාවක් නැත. ඒවා සපුරා ඝැනීමේදී වෙනත් සිසු සිඋවියන්ගේ ඉගෙනීමේ අයිතියට භාධා කිරීමට කිසුදු අයිතියක් ඔවුන්ට ණැත. වි.වි. හි පළමු අයිතිය ඇත්තේ ඉගෙන ගැනීමටයි. මෝල් ඇර ගැනීමට ඇත්තේ අයිතියක් නොව වරප්‍රසාදයකි. මෝල් ඇර ගැනීම අයිතියක් කර ඝැනීමට වුවමනා නම් ගෙයක් හදා ගෙන හෝ කුළියට ගෙන එහි සිට මෝල් ඇර ගැනීම කළ හැකිය. එවිට කවුරුත් බාධා නොකරණු ඇත. ඊනියා ලිංගික නිදහස පිට දමා ඉගෙන ගන්නා එවුන්ට කෙළ වීම අපේම උන්ගේ විනෝදාංශයක් බව පෙනේ.

    ReplyDelete
  12. @ පච්චසිරා

    කිරි දරුවෙක් වගේ නොදන්න බබා පාට් දාන්න එපා බන්. ඔය සමර් හට් වල ආධිපත්‍ය තියන් ඉන්නෙ උප කුලපතිති ගැන අමුතු ටෝක් දෙන අන්තරේ උන්. උන් ඉතින් ඉගෙන ගන්නෙ නැති බව අපි දන්නවනෙ. චාටර් වෙච්ච අන්තරේ දැන් බලන්නෙ මොකක් හරි කියල ෂේප් වෙන්න.

    @ ඇනී

    ළමයින්ට ලිංගික හැඟීම් ඇතිනම් ඒවා සපුරා ගැනීමට කිසිම බාධාවක් නැත. ඒවා සපුරා ගැනීමේදී වෙනත් සිසු සිසුවියන්ගේ ඉගෙනීමේ අයිතියට බාධා කිරීමට කිසුදු අයිතියක් ඔවුන්ට නැත. වි.වි. හි පළමු අයිතිය ඇත්තේ ඉගෙන ගැනීමටයි. මෝල් ඇර ගැනීමට ඇත්තේ අයිතියක් නොව වරප්‍රසාදයකි. මෝල් ඇර ගැනීම අයිතියක් කර ගැනීමට වුවමනා නම් ගෙයක් හදා ගෙන හෝ කුළියට ගෙන හෝ කාමරයක් කුළියට ගෙන එහි සිට මෝල් ඇර ගැනීම කළ හැකිය. එවිට කවුරුත් බාධා නොකරණු ඇත. ඊනියා ලිංගික නිදහස පිට දමා ඉගෙන ගන්නා එවුන්ට කෙළ වීම අපේම උන්ගේ විනෝදාංශයක් බව පෙනේ.

    ReplyDelete
  13. කීර්තිමත් සරසවි ඇදුරකු වන චන්ද්‍රසිරි පල්ලියගුරු විසින් ලියන ලද 'මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි' වැනි ගී පවා ?????????

    මේ ගීතය ලිව්වෙ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා.
    චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා නොවෙයි....

    ReplyDelete
  14. @Anonymousවරද නිවරද කරන ලදී.
    මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු විසින් රචනා කරන ලද විශාරද සනත් නන්දසිරි විසින් ගයන ලද 'ඉරා අඳුරු පට පෙරදිග අහසේ පොකුරු පොකුරු තරු නිවීයන්ට පෙර' නම් අහස් ගව්ව චිත්‍රපටයේ ගීතය සමග පැටලීමක් සිදු විය.

    ReplyDelete
  15. matanam hitenne meka 3 Idiots eke inna ara pina wage wenna hadanne :D :D

    ReplyDelete
  16. තරහා ගන්න එපා බොස්. අපි බොස්ලවගේ ඉගනගත්තු අය උනානම් අපිත් කැම්පස් යනවනෙ. අන්තරේ අය කැම්පස් එක එයාලගෙ ප්‍රාණ භුක්තියට තියාගෙන ඉන්නව තමයි. ඒක එක්ක ගනුදෙනු නොකර, උන්ට පාඩම් උගන්නන්න උපකුලපතිගෙ පිස්සු වැඩ යට ගැහීම කැතයි. ඔහොම හිතපු තව කට්ටියක් හින්ද කැම්පස් ඇතුලෙ පොලීසිත් පිහිටෙව්ව. ශෝට්කට් හොයන්න එපා බොස්. ඕව අපි හැමදාමත් ඇහුව කතානෙ. මොනවහරි අලුත් දෙයක් කරන්නකො අපිටත් විසිල් පාරක් ගහන්න.

    පච්ච සිරා

    ReplyDelete
  17. @ පච්ච සිරා - කතාව බොරු බව අද උපකුලපති කියනව දැක්ක. අන්තරේ ද ඇත්ත කියන්නේ, උපකුලපති ද ඇත්ත කියන්නෙ? අන්තරේට තියෙන ඉතිහාසෙ හැටියට බොරුයි කියල ඔප්පු කරන තුරු උපකුලපතිගෙ කතාව පිලිගන්න මම සූදානම්.

    ReplyDelete
  18. මේ අඩෝව්! මට ඔය අනන් මනන් කතා වලින් වැඩක් නෑ...අර කෙල්ලෝ අතරේ කන්‍යාභාවය තිබ්බ එකියක් හරි හිටියද කියල හොයල බලලා කියපියව් මට සහේට ගන්ට ! - ගොබිලා-

    ReplyDelete
  19. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  20. පේරාදෙණිය කැම්පස් එකේ "තට්ට ප්ලේස්" පැත්තේ රවුමක් ගහලා අර ගස් උඩ ඉන්න රිලව් ටිකගෙන් ඇහැව්වා නම් උපකුලපතිතුමාට කට්ටිය කළුබෝවිල යවන්න වෙන්නේ නැහැ. (රිලව් ටිකත් දැං මාර එක්ස්පීරියන්ස්. ඔක්කොම මොඩර්න් විදිහට)

    ReplyDelete
  21. @ තිසර - උඹත් ඔය ගහ උඩින් බැහැපු එකෙක් නේද?

    ReplyDelete
  22. 01.ජයවර්දනපුර සරසවියේ සාමාන්‍ය! ක්‍රමයට පෙම් කරමින්!! සිටි සිසුවියන් 06 දෙනෙකු ලිංගීක ක්‍රියාවකට ලක්ව ඇද්දැයි සෙවීම සඳහා කළුබෝවිල රෝහලට යැවීම
    02.හැම දෙයටම විරුද්ධවන අන්තර කාරයින්ට මාර චාන්ස් එකක් ලැබී උප කුලපතිට විරුද්ධව චෝදනා එල්ල කිරීම
    03.කොන්ද පන තියෙන සරසවි ලොක්කෙක් වේවැල අතට ගත් විට අපි සුදනෝය, අරය අරක කලාය ආදි වශයෙන් ජල් බරි ටෝක් දැමීම
    04.අන්තර කාරයින්ට අවශ්‍ය එයාල කරන කියන හැම දෙයටම සිග්නල් කනුවක් වන පුද්ගලයන් පත්කරවා ගැනීමටය.
    05.අන්තරකාරයෙනි අපේ දෙමාපියන් තම දරුවන් සරසවියට එවන්නේ ඉගෙන ගැනීමට මිස කසාද සොයා ගැනීමට නොවේ!එහෙම උවමනාවක් ඇත්නම් , සරසවි යන්නට පෙර තම දරුවන් කසාද බැන්දවීමට හෝ වෙනයම් සුදුසු ක්‍රමයක් අනුගමනය කරනු ඇත.
    06.ඔහෙල රැග් කරන එක ගැන මොකද කියන්නෙ? හැකි නම් ඒකට විරුද්ධව කථා කරනව.
    07. මැනික්වලට වඩා වටිනා අපේ දරුවන් සරසවි තුල තමුසෙල කියන පරිදි සාමාන්‍ය ක්‍රමයට පෙම් කිරීම !!! වැලැක්වීමට නම් කල යුතු වන්නේ ගෑනු දරුවන් කසාද බන්දවා ඉන් පසුව විශ්ව විද්‍යාල වලට යැවීමයි!!!! එවිට සාමාන්‍ය ක්‍රමයට පෙම් කිරීමට වෙන අතක් බලා ගැනීමට සිදුවනු ඇත.
    08.මේ රටේ සිටින ඊනියා මාධ්‍ය කාරයින්ට කොන්ද පන තියෙන සරසවි ප්‍රධානීන් අරහංය!!!!!

    ReplyDelete
  23. Mewa Honda Wada. We hat off u Sir. There should b a limit of everything. I personally know Couples @ J'Pura are over limit.... Keep this up-sir. Keep the name of valuable University....

    ReplyDelete
  24. @Anonymousමේ අඩෝව්! මට ඔය අනන් මනන් කතා වලින් වැඩක් නෑ...අර කෙල්ලෝ අතරේ කන්‍යාභාවය තිබ්බ එකියක් හරි හිටියද කියල හොයල බලලා කියපියව් මට සහේට ගන්ට ! - ගොබිලා-
    ade matath ekak

    ReplyDelete
  25. දඩාවතේ යාම සාධාරණීකරණය කරන්න එපා. තරුණයන් ආදරය කලාට කම් නැත. කල යුතුය. වන සතුන් මෙන් දඩාවතේ නොයායුතුය. මමද විශ්ව විදයයාලයක සිටි අයෙකි. බොහෝ විශ්ව විදයයාල පෙම් වතුන්ගේ චාරය ගැන මමද හොදින් දනිමි.

    ReplyDelete
  26. Sure ekata Manz ta Naaa

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා