මිනිසුන් නො සිතන එක නායකයන්ට කෙතරම් වාසනාවක් ද? (18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන) ඇඩොල්ෆ් හිට්ලර් | How fortunate for leaders that men do not think - Adolf Hitler
How fortunate for leaders that men do not think. Adolf Hitler |
එමගින් පිහිටුවන ලද පාර්ලිමේන්තු කොමිසමේ සියලු සාමාජිකයන් ප්‍රායෝගිකව පත් කරනු ලබන්නේ ජනාධිපති විසිනි. ඒ කමිටුවේ නිල බලයෙන් සාමාජිකයන් වන අගමැති, කතානායක යන දෙදෙනා ම ජනාධිපති විසින් තෝරා ගන්නා ලද අය බව නො රහසකි. සමහර විට, විපක්ෂ නායක ද හෙට අනිද්දා ම ජනාධිපතිගේ උවමනාව පරිදි තෝරා ගැනෙනු ඇත.
දැනට ඉන්න විපක්ෂ නායකට කොන්දක් ඇත්නම් ඔහු මෙම කමිටුවට සහභාගි නො වනු ඇත. එසේ ම සිය නියෝජිතයා ද පත් නො කරනු ඇත. අගමැති දි.මු. ජයරත්න පත් කරන්නේ ජනාධිපතිට උවමනා අයෙකු බව ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි ය. මක් නිසා ද යත්, නොවැම්බරයේ තිබෙන කැබිනට් සංශෝධනයේදී සිය තනතුර රැක ගන්නට නම් දි.මු. තමන් කොඳු නාරටිය නැති ජීවියකු බව පෙන්විය යුතු ය.
මේ අනුව ජනාධිපති විසින් පාර්ලිමේන්තු කොමිසම පත් කරනු ඇත. ඉන් පසු ජනාධිපති විසින් 'ස්වාධීන' කොමිෂන් පත් කරනු ඇත. මේ පාර්ලිමේන්තු කමිටුවට පුළුවන් ඒවා ගැන නිරීක්ෂණ ඉදිරිපත් කිරීම පමණි. එය හරියට මෙම ලිපියට අදහසක් හෙවත් කමෙන්ටුවක් දැමීම වැනි දෙයකි. බ්ලොගයේ පරිපාලකවරයාට කමෙන්ටුව ගණන් නො ගෙන ඉන්නට මෙන් ම මකා දමන්නට ද පුළුවන.
මේ 'ස්වාධීන' කොමිෂන්වලට පත් වන අයට ස්වාධීනව වැඩ කරන්නට ගියොත් අන් ඕනෑ ම රජයේ තනතුරකදී මෙන් සිදු වන්නේ ගෙදර යන්නටයි. මක් නිසා ද යත් ජනාධිපතිට උවමනා විටෙක ඔවුන් නෙරපා දැමිය හැකි තරම් ඒවා ස්වාධීන ය.
අන්තිමේදී 18වන ආණ්ඩු කුම ව්‍යවස්ථාවෙන් මේ රටේ මහජනයාට සිදු වන්නේ ඉහළ වැටුප්, දීමනා, වාහන, දුරකථන ආදිය මහජන මුදලින් ලබන තවත් නිලධාරි පරපෝෂිතයන් රොත්තකගේ ගණන් බැලීමට පමණි.
18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතා පරමාධිපත්‍යය තහවුරු වූ බව හා පාර්ලිමේන්තුවට බලය ලැබුණු බව කියන අය වනාහි හොරට නිදා ගත් එවුන් ය. අවදි කරන්නට පුළුවන් සැබැවින් නිදා ගත් එවුන් පමණි. හොරට නිදා ගත් එවුන් අවදි කරන්නට යකාටවත් බැරි ය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 224ක් එකතු වී සම්මත කළ 17වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව රටේ සියලුම ඉහළ නිලතල හා කොමිසම්වලට පුද්ගලයන් පත්කිරීම සම්බන්ධයෙන් බලතල හොබවන දස පුද්ගල ව්‍යවස්‌ථා දායක මණ්‌ඩලයක් පත් කරන ලදී. මෙම සභාව විසින් අගවිනිසුරු නීතිපති, ඡන්ද කොමිසම, රාජ්‍ය සේවා කොමිසම වැනි තනතුරු හා ආයතනවලට පත් කිරීම් කළ යුතුව තිබිණි. 17 වැනි සංශෝධනයේ 41 වගන්තියට අනුව මෙකී ව්‍යවස්‌ථාදායක සභාවට නිලබලයෙන් පත් වන කථානායක, අගමැති හා විපක්ෂ නායක යන තුන්දෙනා හැරුණු විට ව්‍යවස්‌ථාදායක සභාවේ පත්කළ සභිකයන් හත් දෙනා දූෂිත නොවන ඇසූ පිරූ පුද්ගලයන් ලෙස රටේ ලෝකයේ නමක් දිනාගෙන සිටින මහජන සේවයේ කීර්තියක් දිනාගෙන සිටින පුද්ගලයෝ විය යුතු ය. එසේ ම කිසිදු දේශපාලන පක්‍ෂයක සාමාජිකයෝ ද නොවිය යුතු බව නියම කොට තිබිණි.
විධි විධානවලට අනුව අගමැතිවරයා සහ විපක්‍ෂ නායකවරයා ව්‍යවස්‌ථාදායක සභාවේ සාමාජිකයන් පස් දෙනකු අන්‍යෝන්‍ය එකඟතාව මත පත්කළ යුතුය. මෙසේ පත්කරන සභිකයන් පස් දෙනාගෙන් තුන් දෙනෙකු සුළු ජන කොටස් නියෝජනය වන පරිදි පත් කළ යුතු බවත් මේ සුළු ජන නියෝජිතයන් පත් කිරීමේදී පාර්ලිමේන්තුවේ සිටින එම සුළු ජන කොටස්‌වලට අයිති මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසිය යුතු බවත් 17 වැනි සංශෝධනයේ සඳහන් වී තිබිණි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළු පක්ෂවලට ද නියෝජිතයකු නම් කිරීමේ අවස්ථාව තිබිණි. ගැටලුවක් මතු වූයේ හෝ මතු කළේ මෙම පත් කිරීම හරහා සහ ජනාධිපතිගේ නියෝජිතයා පත් නො කර සිටීම හරහා ය. පාර්ලිමේන්තුවේ වැඩි ආසන ප්‍රමාණයක් හිමි ව සිටි ජවිපෙ විසින් පළමු වටයේදී සුළු පක්ෂ නියෝජිතයා නම් කරන ලද අතර, දෙවන වටයේදී එම අවස්ථාව ලැබුණේ දෙමළ ජාතික සන්ධානයටයි. එහෙත් ජාතික හෙළ උරුමය ඒ හිමිකම ඉල්ලා සිටිමින් ඉදිරිපත් කළ ජාතිවාදී තර්කය වූයේ අගමැති හා විපක්ෂ නායක විසින් පත් කරනු ලබන සාමාජිකයන් පස්දෙනා අතර දෙමළ නියෝජිතයකු සිටින බැවින් එම අවස්ථාව තමන්ට හිමි විය යුතු බවයි.
මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට තරම් දියුණු ප්‍රජාතන්ත්‍රවාදි භාවිතාවක් ලංකාවේ නො තිබුණු බව හා ඒ සඳහා අවශ්‍ය මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අවබෝධයක් ඇති නායකයන් දේශපාලන පක්ෂවල නො සිටි බව ඇත්තකි. පත් කිරීම්වලදී ප්‍රායෝගික ප්‍රශ්න පැන නැඟුණේ එහෙයිනි. දියුණු ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් ඇති රටවල මෙවැනි ක්‍රියාවලි ඕනෑ තරම් තිබේ. සංවාදය හරහා විසම්මුතියේ සිට සම්මුතියකට පැමිණීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයකි.
දැන් අපේ රටේ ව්‍යවස්ථා විශාරදයන් දේශපාලන නායකයන් කියන්නේ මෙවැනි ගැටලුවලට විසඳුම දේශපාලන සමාජය දියුණු කිරීම නො ව ජනාධිපතිට මෙම සියලු කාරණා සම්බන්ධයෙන් ඒකාධිපති බලතල පැවරීම බවයි. අපූරු ප්‍රජාතන්ත්‍රවාදයකි. අහෝ දුකකි!
'එකක් කඩතොලු මකන්නට ගොස් අනේ මට වූ කාරියා
නැතක් කඩතොලු හදා ගත්තයි කම්මලේ ආචාරියා'
එක්කෙනෙක් හැර, ව්‍යවස්ථා විශාරද ආචාර්ය, මහාචාර්යවරු ඇතුළු ලංකාවේ අන් සියලු ම ජනයා පත් වී තිබෙන්නේ මෙවැනි කම්මලේ ආචාරි තත්වයකටයි.
අර එක්කෙනා නම් අන් කවුරුවත් නො ව අරයා ම ය. එයා ඉතින් දන්නැද්ද! ෂොල්ල වේලයි ඉල්ලෙයි මචාං!
Bookmark, remember easily and come again www.w3lanka.com
"මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට තරම් දියුණු ප්‍රජාතන්ත්‍රවාදි භාවිතාවක් ලංකාවේ නො තිබුණු බව හා ඒ සඳහා අවශ්‍ය මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අවබෝධයක් ඇති නායකයන් දේශපාලන පක්ෂවල නො සිටි බව ඇත්තකි. පත් කිරීම්වලදී ප්‍රායෝගික ප්‍රශ්න පැන නැඟුණේ එහෙයිනි" be pragmatic, At least for now presidential power is better option than give power to primitive members of parliament which elected by Sri Lankan people. Can’t you see anybody can buy them? Simply it’s not going to work. So call democracy, who wants it? Sri Lankans? They don’t give a damn. They don’t give a damn about this amendment or democracy. You cant introduce democracy by force.
ReplyDeleteAnnunymous, to a certain extent I agree with you.The Sri Lakan;'s don't care a damn weather it's democracy or dictatorship.What is the reason behind this?Illetracy?opportunitism,foolishness, or what?
ReplyDeletelumpen intellectual සී.ඒ.චන්‍ද්‍රප්‍රේම politically correct පැරකුම් ට වඩා මේ මොහොත තුල ලංකාව ගැන භෞතිකය. ප්‍රජාතන්ත්‍රවාදය අහිමිවීම යන සාධකය මත ලාංකිකයා මහින්ද සිහසුනෙන් පන්නා දමන්නේ නැති නමුත් ආර්ථික සිහින අහිමිවීම යන සාධකය මත ලාංකිකයා සංවිධානය කල හැක.දූෂනය මර්දනය නොකර,රටේ නීතියක් නොමැතිව ආර්ථික සිහින සැබෑ නොවේ.මෙය හරියට ගිනිකන්දක් මුදුනේ මාලිගාවක් තැනීම වැනි දෙයකි.there must be an open, transparent, and secure business and socio-political environment for business to gain an economic gain from capitalist system. You can't build something good if the foundations are poor. මහින්දට වැරදුනොත් වරදින්නේ මෙතැනිනි.
ReplyDelete