Posts

Showing posts with the label 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මාස හයයි; තාම කොමිෂන්වත් නැහැ; ජනාධිපති ධුර කාලය දිගු වුණා පමණයි

Image
(2011 පෙබරවාරි 22,  W3Lanka )  පසුගිය සැප්තැම්බර් 07දා 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත කර ගන්නට ආණ්ඩුවට තිබුණේ පුදුම තදියමකි. විධායක ජනාධිපති තනතුරට පනවා තිබූ දෙවතාවක සීමාව ඉවත් කිරීම හා ස්‌වාධීන කොමිෂන් සභා පත්කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීම මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ විය. එදා කීවේ 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙන එන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නට බවයි. එහෙත්, වසර කීපයකට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු දේශපාලන පක්ෂ ඒකච්ඡන්දයෙන් සම්මත කළ 17වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් හඳුන්වා දෙන ලද පුළුල් නියෝජනයක් සහිත දස පුද්ගල ව්‍යවස්ථාදායක සභාව වෙනුවට ජනාධිපතිගේ බලයට යටත් වූ පංච පුද්ගල කමිටුවක් මෙමගින් හඳුන්වා දෙන ලදී. ඒ මෙසේ ය: 17වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ රටේ සියලුම ඉහළ නිලතල හා කොමිසම්වලට පුද්ගලයන් පත්කිරීම සම්බන්ධයෙන් බලතල හොබවන දස පුද්ගල ව්‍යවස්‌ථා දායක මණ්‌ඩලයක් පත් කළ යුතු විය. මෙම සභාව විසින් අගවිනිසුරු නීතිපති, ඡන්ද කොමිසම, රාජ්‍ය සේවා කොමිසම වැනි තනතුරු හා ආයතනවලට පත් කිරීම් කළ යුතුව තිබිණි. 17 වැනි සංශෝධනයේ ...

කැටයේ හැමදාම වැටෙන්නේ 18: අපි සන්තෝසෙන් ඉන්නේ - අයියා මල්ලී වාගේ

Image
"අපි සන්තෝසෙන් ඉන්නේ දුක සෝකය නෑ දන්නේ අයියා මල්ලී වාගේ අයියා මල්ලී" ( 2010 සැප්තැම්බර් 23,  W3Lanka )  අද සැප්තැම්බර් 23දා වැදගත් දිනයකි. 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පත් කරන ලද පාර්ලිමේන්තු කමිටුවට නියෝජිතයන් දෙදෙනෙකු පත් කිරීම සඳහා අගමැති හා විපක්ෂ නායකට ලැබී තිබුණු සතියක කාලය අදින් අවසන් වේ.  ඒ අනුව, කතානායකවරයා විසින් මෙම කමිටුවට දෙමළ හා මුස්ලිම් නියෝජිතයන් දෙදෙනෙකු පත් කිරීමට නියමිත ය.  මීට පෙර, විපක්ෂ නායකවරයා දෙමළ නියෝජිතයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පත් කරන ලදී. එහෙත්, ඔහු එම තනතුර ප්‍රතික්ෂේප කළේ ය. තමන්ගේ උපාය වන්නේ මෙම තනතුරට එය භාර නො ගන්නා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත් කිරීම බව විපක්ෂ නායකවරයා පැවසී ය. එහෙත්, ඔහුට ඇති ප්‍රශ්නය වන්නේ මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ සිටි සියලු දෙමළ හා මුස්ලිම් මන්ත්‍රීන් ආණ්ඩුවට එක් වි සිටීමයි. ඉතිරි වී සිටින කවුරු හෝ වේ නම්, ඔවුන් ද මෙම කමිටුවට පත් කළ පසු ආණ්ඩුවට එක් වනු ඇති බව සිදු වන දේ අනුව පහසු‍වෙන් අනුමාන කළ හැකි ය.  දෙමළ ජාතික සන්ධානය 18වන ආණ්ඩු ...

මිනිසුන් නො සිතන එක නායකයන්ට කෙතරම් වාසනාවක් ද? (18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන) ඇඩොල්ෆ් හිට්ලර් | How fortunate for leaders that men do not think - Adolf Hitler

Image
How fortunate for leaders that men do not think. Adolf Hitler ( 2010 සැප්තැම්බර් 15,  W3Lanka )   18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විසින් ඇති කරන ලද ප්‍රජාතන්ත්‍රවාදයේ රඟ ඉදිරි සති කීපය තුළදී දැක ගත හැකි වනු ඇත. එමගින් පිහිටුවන ලද පාර්ලිමේන්තු කොමිසමේ සියලු සාමාජිකයන් ප්‍රායෝගිකව පත් කරනු ලබන්නේ ජනාධිපති විසිනි. ඒ කමිටුවේ නිල බලයෙන් සාමාජිකයන් වන අගමැති, කතානායක යන දෙදෙනා ම ජනාධිපති විසින් තෝරා ගන්නා ලද අය බව නො රහසකි. සමහර විට, විපක්ෂ නායක ද හෙට අනිද්දා ම ජනාධිපතිගේ උවමනාව පරිදි තෝරා ගැනෙනු ඇත. දැනට ඉන්න විපක්ෂ නායකට කොන්දක් ඇත්නම් ඔහු මෙම කමිටුවට සහභාගි නො වනු ඇත. එසේ ම සිය නියෝජිතයා ද පත් නො කරනු ඇත. අගමැති දි.මු. ජයරත්න පත් කරන්නේ ජනාධිපතිට උවමනා අයෙකු බව ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි ය. මක් නිසා ද යත්, නොවැම්බරයේ තිබෙන කැබිනට් සංශෝධනයේදී සිය තනතුර රැක ගන්නට නම් දි.මු. තමන් කොඳු නාරටිය නැති ජීවියකු බව පෙන්විය යුතු ය. මේ අනුව ජනාධිපති විසින් පාර්ලිමේන්තු කොමිසම පත් කරනු ඇත. ඉන් පසු ජනාධිපති විසින් 'ස්වාධීන' කොමිෂන් පත් කරනු ඇත. මේ පාර්ලිමේන්තු කමිටුවට පුළුවන් ඒවා ...

පශ්චාත්-18 ඒකාධිපති යුගයේ ආරක්ෂිත මාධ්‍ය භාවිතාවක් සඳහා කෙටුම්පතක් | A draft for safe media practice in post-18 dictatorship

Image
ලාංකීය තරුණයාගේ කාර්යභාරය සංකේතවත් කරන මනුෂ නානායක්කාර (ආරක්ෂිත මාධ්‍ය භාවිතාව අනුව පළ කරන ලද උද්ධෘතයකි.)  ( 2010 සැප්තැම්බර් 13,  W3Lanka )  18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු නව ඒකාධිපති රාමුව තුළ ලංකාවේ මාධ්‍යකරුවන් වෙනුවෙන් ආරක්ෂිත මාධ්‍ය භාවිතාවක්  රාමුගත කිරීමක් සඳහා කෙටුම්පතක් ඔබගේ සංවාදය පිණිස මෙහි පළ කරනු ලැබේ. මාධ්‍යකරුවන් හැම විට ම ජනාධිපතිගේ, කේන්ද්‍රීය පවුලේ සහ විස්තෘත පවුලේ ගුණ පමණක් වර්ණනා කළ යුතු ය. ලොකු පුතාගේ අනාගතයට ගැටලුවක් විය හැකි මල්ලීට යම් විවේචනයක් එල්ල කෙරුණාට කමක් නැත. හැබැයි වගකීම භාර ගත නො හැක. අර සැර මල්ලී ගැන නම් කට අරින්නේ නැතිව සිටීම ශරීර සෞඛ්‍යයට හිතකර ය. මාධ්‍යකරුවන් හැසිරිය යුත්තේ කැලනිය කියා තැනක් රටේ නැති අන්දමිනි. ඕනැම නම් කැලනිය ගැන පුවත් විදෙස් පිටුවේ පළ කරන්න. පවුල කිසිදු දූෂණයකට සම්බන්ධ නැති බව අවධාරණය කළ යුතු ය. දූෂණවල යෙදෙන්නේ නිලධාරීන් හා කොන්ත්‍රාත්කරුවන් බව පැවසිය යුතු ය. පවුලේ ආධිපත්‍යයට අභියෝගාත්මක විය හැකි ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් හා දේශපාලන නායකයන්ට එළව, එළවා පහර දීමෙන් තමන් දූෂණයට මාර විදිය...

'පවුලට එරෙහිව රට' අරගලය අද දියත් වේ | 'Country against family' struggle launched today

Image
( 2010 සැප්තැම්බර් 08,  W3Lanka )   විධායක ජනාධිපති ක්‍රමයේ නරක පිළිබඳ හොඳ ම උදාහරණය වන්නේ මහින්ද රාජපක්ෂ නම් පුද්ගලයාගේ හා ඔහුගේ අධි උන්නතිකාමී පවුල් අපේක්ෂා වෙනුවෙන් දිගට ම බලයේ රැඳී සිටීම හා ඒකාධිපති බලතල පවරා ගැනීම පිණිස මහජන කැමැත්ත යයි කියා දෙයක් විකෘති අන්දමින් නිර්මානය කර ගන්නා නාටකයේ මේ දිනවල රඟ දැක්වෙන උදාහරණයි.  මුදල්, බලාපොරොත්තු, පොරොන්දු, බලපෑම්, හෘදය සාක්ෂියට එරෙහිව කටයුතු කළොත් සිදු වන විපාක ගැන බියවැද්දීම්, ඉච්ඡා බස්, චාටු කතා, උපන් දින කේක් ආදිය හරහා මහජන නියෝජිතයන් මැතිවරණවලදී ඔවුන්ට ජනවරම ලබා ගැනීම සඳහා ඉවහල් වූ ප්‍රතිපත්ති පාවා දීම සඳහා පොළඹවා ගැනීම විධායක ජනාධිපතිගේ අත්තනෝමතික බලතල පිළිබඳ නිදසුනකි.  අදින් ආරම්භ වන අනාගතය තුළ තව තවත් ප්‍රදර්ශනය වනු ඇත්තේ විධායක ජනාධිපතිගේ ඒකාධිපතිවාදයේ වියරු ලක්ෂණ මිස අන් යමක් නො වේ.  නොබෝ දිනකින් උග්‍ර වීමට ඉඩ තිබෙන ණය අර්බුදය හමුවේ ලංකාවේ ආර්ථිකයේ ඇති වන කැළඹීම පාලනය කරන්නට ආණ්ඩුව සැරසෙන්නේ මේ ඒකාධිපති බලතල හරහා බවට සැක නැත.  අදින් ඇරඹෙන්නේ අලුත් යුගයකි. එය පවුලක උවමනාවන්ට එරෙහිව සමස්ත...

18ට එරෙහි සමුළුව හෙට! කළු විරෝධතා දිනය අට

Image
Thanks to Lanka Truth for the photo ( 2010 සැප්තැම්බර් 05,  W3Lanka )   විධායක ජනාධිපතිවරයා යාවජීව ඒකාධිපතිවරයෙකු කරන, රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය විනාශ කරන ඊනියා 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මහජන සංවාදයකට ඉඩ නොතබා හදිසි පනතක් සේ හොර පාරෙන් සම්මත කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. මෙම සංශෝධනයට එරෙහිව ප‍්‍රජාතන්තී‍්‍රය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට උනන්දු වන සියළු දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සමාජ සංවිධාන එකතුවක් ගොඩන`ගා විරෝධතාවය දැක්වීමේ නියෝජිත සමුළුවක් කැ`දවීමට බලාපොරොත්තු වන බව තාවකාලික සම්බන්ධීකරණ කමිටුවේ කැ`දවුම්කරු නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පවසයි. මෙම නියෝජිත සමුළුව සැප්තැම්බර් මස 6 වන සදුදා සවස 3.30 ට කොළඹ 7 ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ දී පැවැත්වීමට නියමිතය. එම නියෝජිත සමුළුව අමතා එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, වාමාංශික පෙරමුණ, එක්සත් සමාජවාදී පක්ෂය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ වල නායකයින්ද, වෘත්තීය සමිති හා නිදහසේ වේදිකාව ඇතුළු බහුජන සංවිධාන නියෝජිතයන්ද අදහස් දක්වනු ඇත....

ප්‍රජාතන්ත්‍රවාදය අභාවප්‍රාප්ත වූ වගයි

Image
මෙරටෙහි උපන්නා ද නො දනිමි නො රටකින් ආවා ද නො කියමි තව බොහෝ අය සේ  ඔහු ද සිටියේ නුහුරෙනි ඔහු කෙළින් මිනිහෙක් නොම විය හොඳ මිනිහෙක් නො වූ මුත්  නරක අයෙක් ද නොම විය ඔහු ඔහේ හිටියේ ය අපි ද ඔහේ හිටියෙමු මෙතෙක් කල් ඔහු සිටියේ සිටියත් වැඩක් නැතියේ එහෙත් දැන් නැතියේ වෑවෙනු කෙලෙස තනියේ ගිලානව අලස ව සෝමාරි ඔබ සිටියේ  ඔබ නැති ලොවක හැටි ගැන  අප තවම නොම දන්නේ ඔබ අනුප්‍රාප්තික කවුරු ද මිතුර, කියනු ය ඔබ අභිභවා නැඟි අර චණ්ඩ ඒකාධිපතියද?  කලින් කල හිස සඟව ගනිමින්  හැමදාම ඔබ ළඟ සිටි ඔබ නැති ලොවක දැන් ඉතින් ඔහු විතර ද?  අජිත් පැරකුම් ජයසිංහ Bookmark, remember easily and come again   www.w3lanka.com

"පියවරක් පස්සට-තව දෙකක් ආපස්සට"- 18 වැනි සංශෝධනය ගැන සාමය හා මානව හිමිකම් සදහා ක්‍රියාකාරිත්වයේ ප්‍රතිචාර දැක්වීමක්.

Image
( 2010 සැප්තැම්බර් 02,  W3Lanka )  මේ වන විට ලංකාවේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු කිරිම ට යන 18 වැනි සංශෝධනය ගැන යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබ ශ්‍රේෂ්ඨාධිකරණය ට යොමු කරනු ලදු ව ජනමත විමසුමකින් තොර ව පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතියෙන් සම්මත කරගැනිමේ නිත්‍යානුකූලභාවය තහවුරු කොට පාර්ලිමේන්තුව ට ඉදිරිපත් කිරිම ට සූදානම් ව තිබේ. මේ මස 8-9 දිනවල දි මෙය සාකච්ඡාව ට බදුන් කොට සම්මත කර ගැනීම ආණ්ඩුවේ සැලසුම වි තිබේ. මෙම සංශෝධන යෝජනාව මගින් අපේක්ෂා කරන්නේ මොනවාද ? කැබිනට් පත්‍රිකාව අනූව ඒවා මෙසේ වනු ඇත; (!) එක ම පුද්ගලයකු ට ජනාධිපති ධූරය සදහා පත් විම ගැන පනවා තිබූ දෙවතාවේ සීමාව සහිත 31(2) ඉවත් කෙරේ. (2) ජනාධිපතිවරයා මාස තුනක ට වරක් පාර්ලිමේන්තුව ට සහභාගි විමේ අවශ්‍යතාවය නිතිගත කෙරේ. (3) 17වන සංශෝධනය මගින් පිහිටුවන ලද 'ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව' අගමැති, කතානායක, විපක්ෂනායක හා ඔවුන් නියෝජනය කරන ජාතින් ට අයත් නොවන, අගමැති හා විපක්ෂ නායක විසින් පත් කරනු ලබන තව දෙදෙනෙකු දක්වා සංයුතියෙන් අඩු කෙරෙන අතර සියළුම කොමිෂන් සභා සහ අනෙකුත් නිලයන් පත් කිරිමේ බලය ජනාධිපතිවරයා සතු ...