කැටයේ හැමදාම වැටෙන්නේ 18: අපි සන්තෝසෙන් ඉන්නේ - අයියා මල්ලී වාගේ

"අපි සන්තෝසෙන් ඉන්නේ
දුක සෝකය නෑ දන්නේ
අයියා මල්ලී වාගේ
අයියා මල්ලී"
(2010 සැප්තැම්බර් 23, W3Lankaඅද සැප්තැම්බර් 23දා වැදගත් දිනයකි. 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පත් කරන ලද පාර්ලිමේන්තු කමිටුවට නියෝජිතයන් දෙදෙනෙකු පත් කිරීම සඳහා අගමැති හා විපක්ෂ නායකට ලැබී තිබුණු සතියක කාලය අදින් අවසන් වේ. 


ඒ අනුව, කතානායකවරයා විසින් මෙම කමිටුවට දෙමළ හා මුස්ලිම් නියෝජිතයන් දෙදෙනෙකු පත් කිරීමට නියමිත ය. 


මීට පෙර, විපක්ෂ නායකවරයා දෙමළ නියෝජිතයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පත් කරන ලදී. එහෙත්, ඔහු එම තනතුර ප්‍රතික්ෂේප කළේ ය. තමන්ගේ උපාය වන්නේ මෙම තනතුරට එය භාර නො ගන්නා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත් කිරීම බව විපක්ෂ නායකවරයා පැවසී ය. එහෙත්, ඔහුට ඇති ප්‍රශ්නය වන්නේ මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ සිටි සියලු දෙමළ හා මුස්ලිම් මන්ත්‍රීන් ආණ්ඩුවට එක් වි සිටීමයි. ඉතිරි වී සිටින කවුරු හෝ වේ නම්, ඔවුන් ද මෙම කමිටුවට පත් කළ පසු ආණ්ඩුවට එක් වනු ඇති බව සිදු වන දේ අනුව පහසු‍වෙන් අනුමාන කළ හැකි ය. 


දෙමළ ජාතික සන්ධානය 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වුවත්, රනිල් වෙනුවෙන් බයිට් වෙන්නට කැමති බවක් නො පෙනේ. 


පදවිය රැක ගැනීමට අතුරේ යන අගමැති පත් කළත් පත් කරන්නේ ජනාධිපතිට ඕනෑ කෙනෙකි. එහෙයින් එම කාර්යය කතානායක තනතුර හොබවන ජනාධිපතිගේ අයියාට පැවරරීමෙන් කිසිදු වෙනසක් සිදු වන්නේ නැත. 


අවසාන වශයෙන් කිව යුත්තේ මෙම කමිටුවේ නිරීක්ෂණ පිළිගැනීමට ජනාධිපති බැඳී නැති බවයි. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා