දහ අට ගැන රනිල්ගේ ගැටය ආණ්ඩුවට කකුල් මාට්ටුවක් ද? | Can Sri Lanka Opposition Leader legally disrupt the 18th amendment?

(2010 සැප්තැම්බර් 17, W3Lanka) 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අලුත් උපායමාර්ගයක් අනුගමනය කරමින් සිටින බව ඔහුගේ ප්‍රකාශවලින් පැහැදිලි වේ. 


ඔහු පවසන ආකාරයට ඔහුගේ උපාය මාර්ගය තුළ 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සං‍ශෝධනය ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික ගැටලුවක් ඇති වේ. 


ඔහු කියන දේ අපට වැටහෙන අන්දමින් නම්, පංච පුද්ගල පාර්ලිමේන්තු කමිටුවට විපක්ෂ නායකවරයා සහ ඔහු විසින් නම් කරන ලද නියෝජිතයා සහභාගි නො වන්නේ නම් ඔවුන් කමිටුවෙන් ඉවත් කිරීම සඳහා 19වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට සිදු වේ. 

අගමැති, කතානායක හා විපක්ෂ නායක නිල බලයෙන් මෙම කමිටුවේ සාමාජිකයන් වන අතර ඉතිරි සාමාජිකයන් දෙදෙනා පත් කළ යුතු වන්නේ මෙම අගමැති හා විපක්ෂ නායක විසිනි. එම පත් කරනු ලබන පුද්ගලයන් සෙසු සාමාජිකයන් අයත් නො වන ජන වර්ගවලට අයත් විය යුතු ය.

ඒ අනුව, දැන් විපක්ෂ නායක විසින් දෙමළ නියෝජිතයකු ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මනිත්‍රී එස්. සුමන්දිරන් පත් කර තිබේ. එහෙත්, දෙමළ ජාතික සන්ධානය එම පත්වීම ප්‍රතික්ෂේප කර ඇත. විපක්ෂ නායකවරයා පවසන්නේ තමන්ට ද අවශ්‍ය එසේ ප්‍රතික්ෂේප කිරීම ම බවයි. 


දැන් මතු වී තිබෙන ප්‍රශ්නය වන්නේ විපක්ෂ නායකවරයා හා ඔහු විසින් නම් කරන ලද පුද්ගලයා පාර්ලිමේන්තු කමිටුවට සහභාගි නො වන්නේ නම් කුමක් කරන්නේ ද යන්නයි. රනිල් වික්‍රමසිංහ පවසන අන්දමට නම්, ඔවුන් ඉවත් කිරීම සඳහා විධිවිධාන නොමැති අතර, ඒ සඳහා තවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට සිදු වේ. 

විපක්ෂ නායකවරයා සිය නියෝජිතයා පත් නො කළා නම්, කතානායක ලවා එම නියෝජිතයා පත් කළ හැකිව තිබුණු නිසා මෙහිදී ආණ්ඩුව කපටිකමක් කර තිබේ. ඒ පිළිබඳව විපක්ෂ නායකවරයා පැහැදිලි කරන්නේ මෙසේ ය: 

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 18 වැනි සංශෝධනය යටතේ පාර්ලිමේන්තු සභාවට මන්ත්‍රීවරයකු නම් කරන ලෙස දැනුම් දෙමින්, කථානායක චමල් රාජපක්‍ෂ මහතා මට සැප්තැම්බර් 13 වැනිදා ලිපියක්‌ එවා තිබුණා. එම ලිපිය ලැබුණේ 13 වැනිදා. නමුත් ඒ ලිපිය එවා තිබූ දිනය ලෙස සඳහන්ව තිබුණේ සැප්තැම්බර් 09 වැනිදායි. කථානායකවරයා මට යොමු කළ ලිපියේ පාර්ලිමේන්තු සභාව සඳහා පත් කිරීම සතියක්‌ තුළ සිදු කරන ලෙස දැනුම් දුන්නද මට ලැබුණේ දින පහක්‌ ප්‍රමාද වීමෙන් අනතුරුවයි.

පාර්ලිමේන්තු සභාව සඳහා නියෝජිතයකු පත් නොකරමින් එම සභාව වර්ජනය කරනු ඇතැයි සිතා ආණ්‌ඩුව ඊට අදාළ ලිපිය ප්‍රමාද කර යොමු කළේ කථානායක මාර්ගයෙන් වෙනත් නියෝජිතයකු එම සභාවට පත් කිරීමටයි.



මෙම කමිටුවේ නිර්දේශ නොමැතිව ස්වාධීන යයි කියන කොමිෂන් සභා පත් කළ හැකි ද යන්න ඊළඟ ප්‍රශ්නයයි.

මෙතන භයානක විහිළු දෙකක් තිබේ. පළමුවැන්න, රාජපක්ෂ පවුලේ උවමනාවන් ඉටු කිරීම සඳහා කරන ලද මෙම ව්‍යවස්ථා සංශෝධනය කෙතරම් තදියම් එකක් වී ද යත්, එය හරි හැටි සකසා නැති වීමයි. පාර්ලිමේන්තුවේ හා වෙනත් තැන්වල සිටින ආත්මාර්ථකාමී සිග්නල් කණු මේ කෙරෙහි අවධානය යොමු නො කිරීම බලාපොරොත්තු විය හැකි තත්වයකි. එහෙත්, රනිල් කියන කතාව ඇත්ත නම් ජනාධිපතිගේ නීති කෙටුම්පත් කරන්නන් ඔහුව අමාරුවේ දමා ඇත. 


මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන ඇති තදියමේ තරම කෙසේ ද යත්, එය පාර්ලිමේන්තු  වෙබ් අඩවියට උඩුගත කිරීමට තරම්වත් කාලයක් තිබී නැත. එහෙයින් අප වැනි හුදී ජනයින්ට මෙම ව්‍යවස්ථා සංශෝධනයේ පිටපතක් සොයා ගැනීමට හැකියාවක් නැත. කොහොමද අපේ පරමාධිපත්‍යය? 


දෙවන භයානක විහිළුව වන්නේ එජාප නායකයාට පාර්ලිමේන්තු කමිටුවට පත් කළොත් නො යන බවට සහතික මන්ත්‍රීන් ඇත්තේ තමන්ගේ පක්ෂයේ නො ව දෙමළ ජාතික සන්ධානයේ වීමයි. මේකට යූඇන්පීකාරයෙකු දැමුවා නම් ඌ ආණ්ඩුව සමග සෙට් වී තමාට කොකා පෙන්නන බව රනිල් දනියි. 



මර්වින් ලවා හෙළ උරුමයේ හාමුදුරුවරුන් පුශි කරවමින් 2004දී අමාරුවෙන් පත් කර ගත් විජමු දැන් ඉන්නා තැනින් මේ කතාව පැහැදිලි කර ගත හැකි ය.


ඇත්තෙන් ම ඒක නම් ඉල ඇඹරෙන විහිළුවකි.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. ඇත්තටම 18න් 17 වෙනි එකට මොකද වෙලා තියෙන්නේ?ස්වාධීන කොමිෂන් නැතිම වෙලාද?ඒවා පත් කරන එක ඉක්මන් වෙලාද? නැත්නම් ඒවා ජනාධිපතිට ඕනෙ විදියට කරන්න බලතල ලැබිලද?ජ.වි.පෙ. කිව්වේ 17 හලලා කියලා.මොක බලාගන්නත් අර කිව්වත් වගේ පිටපතක් නෑනේ තේරෙන සිංහලෙන් හොයාගන්න. .

    ReplyDelete
  2. විහිළුව එපමණක් නොවේ;
    පාර්ලිමේන්තු කවුන්සිලය කුමනාකාරයෙන් හෝ පත් කිරිමෙන් අනතුරු ව පත් කරන 'ස්වාධීන' කොම්ෂන් සභා ස්වාධින යැයි සිතන්නේනම් එය ද ඉල ඇදෙන විහිළුවකි.
    http://lohithaasapuwa.blogspot.com/
    (ලෝහිත අසපුව)

    ReplyDelete
  3. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ම විහිලුවක් වූ වෙලාවක පාර්ලිමේන්තුව කියන්නෙම විහිලුවක්. කමිටුවලින් දේශපාලනය කිරිම තමයි මහින්ද චින්තනයේ පදනම. අප තේරුම් ගත යුතුයි එය කළමනාකරණය මිස දේශපාලනය නොවන බව.මර්වින්- විනය කමිටුවත්, එජාප ප්‍රතිසංවිධාන කමිටුවත්, පාර්ලිමේන්තු කමිටුවත් අතර ඇති වෙනස කුමක්ද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා