Posts

Showing posts with the label 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා

දහ අට ගැන රනිල්ගේ ගැටය ආණ්ඩුවට කකුල් මාට්ටුවක් ද? | Can Sri Lanka Opposition Leader legally disrupt the 18th amendment?

Image
( 2010 සැප්තැම්බර් 17,  W3Lanka ) 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අලුත් උපායමාර්ගයක් අනුගමනය කරමින් සිටින බව ඔහුගේ ප්‍රකාශවලින් පැහැදිලි වේ.  ඔහු පවසන ආකාරයට ඔහුගේ උපාය මාර්ගය තුළ 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සං‍ශෝධනය ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික ගැටලුවක් ඇති වේ.  ඔහු කියන දේ අපට වැටහෙන අන්දමින් නම්, පංච පුද්ගල පාර්ලිමේන්තු කමිටුවට විපක්ෂ නායකවරයා සහ ඔහු විසින් නම් කරන ලද නියෝජිතයා සහභාගි නො වන්නේ නම් ඔවුන් කමිටුවෙන් ඉවත් කිරීම සඳහා 19වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට සිදු වේ.  අගමැති, කතානායක හා විපක්ෂ නායක නිල බලයෙන් මෙම කමිටුවේ සාමාජිකයන් වන අතර ඉතිරි සාමාජිකයන් දෙදෙනා පත් කළ යුතු වන්නේ මෙම අගමැති හා විපක්ෂ නායක විසිනි. එම පත් කරනු ලබන පුද්ගලයන් සෙසු සාමාජිකයන් අයත් නො වන ජන වර්ගවලට අයත් විය යුතු ය. ඒ අනුව, දැන් විපක්ෂ නායක විසින් දෙමළ නියෝජිතයකු ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මනිත්‍රී එස්. සුමන්දිරන් පත් කර තිබේ. එහෙත්, දෙමළ ජාතික සන්ධානය එම පත්වීම ප්‍රතික්ෂේප කර ඇත. විපක්ෂ නායකවරයා පවසන්නේ තමන්...

පශ්චාත්-18 ඒකාධිපති අභියෝගයට ජවිපෙ සූදානම් ද? | Is JVP ready for post-18 dictatorship challenge?

Image
ජවිපෙ වවුනියා කාර්යාලය විවෘත කළ දා ( 2010 සැප්තැම්බර් 16,  W3Lanka )  18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගත් දිනට පසු දා 'ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් සැබෑ නිදහස් වෙනුවෙන් අඛණ්ඩව අරගල කරමු!' යන මාතෘකාවෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය පිළිබඳ මහජන සංවාදයක් ඇති කළ යුතු බව අපි විශ්වාස කරමු.  එයට හේතු කීපයක් තිබේ. ඉන් පළමුවැන්න වන්නේ 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ දිනයේ සිට ම පාහේ විපක්ෂ එක්සත් ජාතික පක්ෂය මුහුණ දී සිටින තත්වය විසින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් ආරක්ෂා කර දීමේ ලා ධනේශ්වර පංතියේ පූර්ණ අසමත්කම ප්‍රදර්ශනය කරමින් තිබීමයි.  එසේ ම වාම, සමාජ ක්‍රියාකාරික හා සිවිල් සමාජ කණ්ඩායම් විසින් සැප්තැම්බර් 08දා කැඳවන ලද අභියෝගාත්මක, එහෙත් අසංවිධිත උද්ඝෝෂණය විසින් ප්‍රදර්ශනය කරනු ලැබුවේ ද මෙම සමාජ ස්ථරය පශ්චාත්-18 ඒකාධිපතිත්වයට මුහුණ දීමෙහිදී සාර්ථක නො වන බවයි. එහි ප්‍රධාන කැඳවුම්කරුවන් වූ ශිරාල් ලක්තිලක, දයාසිරි ජයසේකර හා වෘත්තීය සමිති, මාධ්‍ය සංවිධාන, මානව හිමිකම් සංවිධාන හා රාජ්‍ය නො වන සංවිධා...