Posts

Showing posts with the label රනිල් වික්‍රමසිංහ

රාජකීය රනිල්ගේ ගොඩේ වැඩ

Image
පසුගිය දින 90ක පමණ කාලය තුළ ආණ්ඩුව විසින් කරන ලද කාර්යයන් ප්‍රමාණය මහින්ද රාජපක්ෂගේ නව වසරක දුර්දාන්ත පාලනය සමග සන්සන්දනය කළ විට කැපී පෙනේ. මූලික වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදය, අදහස් ප්‍රකාශනයේ නිදහස, නීතියේ ආධිපත්‍යය ඇති කිරීමට දරන ලද උත්සාහය ආදී කරුණු පැත්තෙන් ගත් කල ආණ්ඩුව අනිවාර්යයෙන් ම ප්‍රශංසා ලැබිය යුතු ය. රනිල් වික්‍රමසිංහ කියන පරිදි 'රනිල් වසලයා මරා දමනු' යි සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධියේ කියන්නට ඉඩ දෙන තත්වයක් තිබේ. එය වනාහි ප්‍රකාශනයේ නිදහස නොව වල් බූරු නිදහසයි. පසුගිය ආණ්ඩුවේ දූෂිතයෝ 'අපි හොරකම් කළා ය කියනවා නම් පුළුවන් නම් අල්ලපියව්' යි කියන්නට තරම් නිර්භීත වි සිටින්නේ ද ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයාට එරෙහිව කුමන්ත්‍රණය කරමින් සිටින්නේ ද මෙම වල්බූරු නිදහස නිසා ය. නීතිය හා සාමය ආරක්ෂා කර ගන්නට බැරි නිසා නැවත මරණ දඬුවම පැනවිය යුතු ය යන පසුගාමී අදහස ප්‍රවර්ධනය කරන්නට ඔහු යොමු වන්නේ ද ඩෙල්ෆ්ට් දූපතට පිටුවහල් කළ යුතු වල් බූරුවන්ට නො ගැලපෙන තනතුරු දුන් නිසා ය. අගමැතිවරයා ආර්ථිකය, අධ්‍යාපනය වැනි බැරෑරුම් විෂයන් භාර දී තිබෙන අය ගැන ද ගැටලු තිබේ. උපතින් ම ප්‍රෝඩාවට ...

අර්ජුන් මහේන්ද්‍රන්ට මෙන් ම පර්සි මහේන්ද්‍ර රාජපක්ෂට එරෙහිව ද කඩිනම් ක්‍රියාමාර්ග අවශ්‍ය ය

Image
මතභේදයට තුඩු දී තිබෙන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ ප්‍රකාශයක් කරන ලදී. පරීක්ෂණ අවසන් වන තෙක් තමන් සේවයට වාර්තා නො කරන බව මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දැනුම් දී ඇති බව අගමැතිවරයා පැවසී ය. සිදුධිය විමර්ශනය සඳහා පත් කර තිබෙන ත්‍රිපුද්ගල කමිටුව ආරක්ෂා කරමින් කතා කළ අගමැතිවරයා කමිටු සාමාජිකයන් තිදෙනාගේ සුදුසුකම් පෙන්වා දුන්නේ ය. පසුව කතා කළ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ එම කමිටුව තමන්ට පිළි ගත නො හැකි බවයි. ඔහු පවසන්නේ එම නීතිඥවරුන් තිදෙනා එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ අය බවයි. එමගින් සිද්ධිය පිළිබඳ විරෝධය යට ගැසීමට රජය උත්සාහ කරන බව ඔහු පැවසී ය. මෙතැන සිදු වී තිබෙන දෙය වන්නේ මෙයයි. රජය පෙබරවාරි 27දා භාණ්ඩාගර බැඳුම්කර නිකුතුව ප්‍රසිද්ධ කළේ 9.5%ක පොළී අනුපාතයකට වසර 30කින් කල් පිරීම සඳහා රුපියල් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමටයි. එහෙත් එය අවසන් වූයේ12.5%ක පොළිය යටතේ රුපියල් බිලියන 10ක් ලබා ගැනීමෙනි. වෙන්දේසියේදී රුපියල් බිලියන 20.7ක භාණ්ඩාගාර බිල්පත් සඳහා ඉල්ලුම තිබුණු බව වාර්තා වේ. විමර්ශනය කළ යුතුව තිබ...

රනිල් - ජෝන් - මහින්ද අශුද්ධ සන්ධානයක් ඇති වන හේතුව මෙන්න

Image
රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ අතර අශුද්ධ සන්ධානයක් පිළිබඳ බරපතල සැකයක් මතු වේ. අපි මේ පිළිබඳව මුල් ම අනතුරු ඇඟවීම කළේ ජනවාරි 09 උදෑසන කුමන්ත්‍රණ සිද්ධි සමගයි. එම ලිපිය ‍මෙතැනින් කියවන්න >> ජන අරගලය පාවා දුන්නා ද? ආණ්ඩුව බලයට පත් වී මාසයකුත් සතියක් ඉක්ම ගොසිනි. දින සීයේ වැඩසටන තරමක් දුරට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබේ. එහෙත් එක් ප්‍රබල අඩුපාඩුවක් ඇත. ඒ රාජපක්ෂ රජයේ මහා වංචනිකයන්ට හා දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන ආකාරයක් දක්නට නො ලැබීමයි.  මහින්ද, ගෝඨාභය, බැසිල්, නාමල්, යෝෂිත, රෝහිත අබේගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, දුමින්ද සිල්වා, මහින්ද බාලසූරිය වැනි අංක එකේ දූෂිතයෝ නිදැල්ලේ සිටිනවා පමණක් නොව  දැන් දැන් ඔවුන්ගේ ඇම්බැට්ටයෝ දූෂණ විරෝධී ජන බලවේගවලට කෝචොක් කිරීමට ද පටන් ගෙන තිබේ. " කෝ තොපි දූෂණ ඇල්ලුවා ද?" යි ප්‍රසිද්ධියේ අසන ඔවුහු ඉහත කී පුද්ගලයන් නිර්දෝෂී බව ප්‍රවර්ධනය කරන්නට එම තත්වය භාවිතා කරති.  එපමණකින් නො නැවතී මේ ප්‍රතිගාමීන් නැවත දේශපාලනයට ගෙන ඒම සඳහා පිඹුරුපත් ද සකස් කර තිබේ. පෙබරවාරි 18දා කොළඹදී පැවැත්වෙන රැළිය උදාහරණයකි.  මෙම තත්ව...

ජන අරගලය පාවා දුන්නා ද?

Image
(Read in English:  Was the people's struggle betrayed? ) අපට ලැබී ඇති නවතම තොරතුරු අනුව රනිල් වික්‍රමසිංහ ජනවාරි 09දා උදෑසනින් අරලියගහ මන්දිරයට ගොස් මහින්ද සමග ඩීල් එකක් දමාගෙන ඇත.  ඒ ඩීල් එක මෙසේ ය: මහින්දට හා ඔහුගේ හිතවතුන්ට එරෙහිව ඇති දූෂණ චෝදනා රනිල්ගේ පාර්ශ්වයෙන් මතු නො කර සිටිනු ලැබේ. එයට හිලව් පිණිස මහින්ද රනිල්ට පාර්ලිමේන්තු බහුතර මන්ත්‍රී සහයෝගය ලබා දෙයි.  ඊයේ පැවැත්වුණු එක්සත් ජනතා නිදහස් සන්ධාන පුවත්පත් සාකච්ඡාව මෙම ඩීල් එක හෙළිදරව් කරයි. එහිදී තමන් ආණ්ඩුවේ දින සීයේ වැඩපිළිවෙලට උදව් කරන බව විපක්ෂය නිවේදනය කළේ ය. දින සීයේ වැඩසටහන සඳහා පාර්ලිමේන්තු බහුතර සහයෝගය අවශ්‍ය ය. එහෙත්, ඒ වෙනුවෙන් මහින්ද ඉල්ලා සිටින මිළ ගෙවිය යුතු ද? එතරම් දැවැන්ත මිළක් නො ගෙවා පාර්ලිමේන්තු බහුතර සහයෝගය කළමනාකරණය කර ගන්නට මෛත්‍රීපාලට, චන්ද්‍රිකාට බැරි ද?  මෙහිදී රනිල් බලාපොරොත්තු වන්නේ දින සීයේ වැඩසටහන හරියට ක්‍රියාත්මක කර මහ මැතිවරණය පවත්වා පාර්ලිමේන්තු බහුතර බලය ලබා ගන්නට පුළුවන. එහෙත්, එහි තිබෙන ගැටලුව වන්නේ මහින්දට ලබා දෙන ඉන්ටවල් එක තුළ ඔහු බලය තහවුරු කරගෙන නැවත පැම...

කොම්ප්‍රදෝරු ධනපති එජාපයේ බැරිබැරියාවේ රෝග ලක්ෂණ දෙකක් වන රනිල් හා සජිත්

Image
එක්සත් ජාතික පක්ෂයේ නායකයා හා අනාගත ජනාධිපති වන්නට පෙරුම් පුරමින් සිටින සජිත් ප්‍රේමදාස මේ දිනවල භූමිතෙල් ගෑවුණු ගැරඬියකු සේ දඟලමින් රටට ම විහිළු සපයමින් සිටියි. මංගල සමරවීර වැනි රනිල් හිතවාදීන් විසින් සජිත්ගේ නියම නිලයක් අල්ලා තිබේ. ඒ වනාහි ඔය කියන තරම් ජනප්‍රිය නම් දකුණු පළාත් සභාවට තරග කර ඒ ජනප්‍රියත්වය පෙන්වන්න ය කියා ය. 2010 මහ මැතිවරණයේදී නාමල් රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මනාප 147,566ක් ලබා ගනිද්දී සජිත් ප්‍රේමදාස ලබා ගත්තේ මනාප 74,467කි. සජිත්ගේ නායකත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ලබා ගත හැකි වුණේ ඡන්ද 83027ක් පමණි. දිනා ගත්තේ ආසන දෙකක් පමණි. පසුගිය දිනවල එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී ආණ්ඩුවට එක් වූ දයාසිරි ජයසේකර නම් අභියෝග රැසක් මධ්‍යයේ සිය ජනප්‍රියත්වය ප්‍රදර්ශනය කළේ ය. සජිත් වෙත මේ අභියෝගය එල්ල වූ කල ඔහු නපුංසකයා, අවජාතකයා වැනි අශිෂ්ට වචනවලින් පවා රනිල් පිලට බනින්නට පටන් ගෙන ඇත. ඔහු වැරදි නැත. දකුණු පළාත් සභාවේ මහ ඇමතිකමට තරග කළොත් සජිත්ගේ සායම යන බව නියත ය. ඒකෙන් සිදු වන්නේ ජනාධිපතිවරණයට ඉල්ලා කිච වන්නට තිබෙන අවස්ථාවත් අහිමි වන එක ය. එක්සත් ජාතික පක්ෂයේ...

රනිල් වික්‍රමසිංහගේ ගමනක අවසානය

Image
ශක්තිමත් විපක්ෂයක් යනු ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයකි. ලංකාවේ විපක්ෂය මේ වන විට අතිශය දුර්වල ය. එසේ වී තිබෙන්නේ විපක්ෂයේ දුර්වලකම නිසා ම නො වේ. විපක්ෂය දුර්වල කිරීම ගොඩනැගෙන ඒකාධිපතිත්වයක ප්‍රධාන ලක්ෂණයකි.  ඒකාධිපතීන් විසින් දේශපාලනයේදී ප්‍රවර්ධනය කරනු ලබන්නේ විනය හෝ ප්‍රතිපත්ති ගරුකත්වය හෝ නො වේ. ඔවුන් විසින් දිරි ගන්වනු ලබන්නේ දූෂණය, පාවා දීම, දීනකම වැනි දේ ය. දේශපාලනයට පිවිසෙන පසුගාමී ධනේශ්වර කොටස් අල්ලස් හා වරදාන ඔස්සේ තමන් වෙත ආකර්ශනය කර ගැනීමෙන් ඒකාධිපති පවුල විසින් විපක්ෂය සම්පූර්ණයෙන් ම දුර්වල කර දමන ලදී. ඒ සමග ම සමස්ත දේශපාලන ප්‍රජාව ම මහා දූෂිත මානසිකත්වයකින් හා අපේක්ෂා භංගත්වයකින් වෙළා දමන ලදී. ප්‍රතිපත්ති නො තකන, උපයෝගිතාව ම එක ම ප්‍රතිපත්තිය වූ නායකත්වය විසින් ඔවුන්ට ම ගැලපෙන දේශපාලන ප්‍රජාවක් ද නිර්මානය කරගෙන තිබේ.  මේ වන විට ප්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය සමග පමණක් නොව වාමාංශික මුහුණුවරක් ඇති ජනතා විමුක්ති පෙරමුණ තුළ පවා සිටින්නේ අපේක්ෂා භංගත්වය මූලික ලක්ෂණය වූ අසහනකාරීන් පිරිසකි.   ලංකාවේ ක්ෂුද්‍ර බුර්ෂුවා පංතියේ අවශ්‍යතා යම් දුරකට නියෝජනය කරන...

චම්පිකගේ හෘදය සාක්ෂිය

Image
දහතුන්වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කිරීමට ජාතික හෙළ උරුමය ගෙන එන යෝජනාවට සිය හෘදය සාක්‍ෂියට අනුකූලව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවස්‌ථාව සලසන්නැයි ජාතික හෙළ උරුමයේ න්‍යායාචාර්ය හා ඇමැති පාඨලී චම්පික රණවක මහතා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත. ඔහු මෙසේ ඉල්ලා ඇත්තේ ඊයේ එක්සත් ජාතික පක්ෂය සමග පැවති සාකච්ඡාවේදී ය. මෙ සාකච්ඡාව දේශපාලනික වශයෙන් වැදගත් එකකි. මන්ද, මෙය බැලූ බැල්මට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැන සාකච්ඡා කරන 'අහිංසක' එකක් ලෙස පෙන්නුවත්, මේ වනාහි අනාගත දේශපාලන විපර්යාසයකදී හෙළ උරුමයේ උපා මාරුවට මග පාදා ගන්නා අවස්ථාවකි. සරළව කිව්වොත්, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටෙව්වොත්,ජාතික හෙළ උරුමය එහි ද ස්ථානගත වන ආකාරය පිළිබඳ අවබෝධයක් ඇති කර ගන්නා හමුවකි. මේ හමුව සිදු වන්නේ ආණ්ඩුව ආර්ථික වශයෙන් තාප්පයට ම හේත්තු වෙමින් තිබෙන සමයක ය. පාඨලීගේ ඉල්ලීමෙහි හෙවත් මේ හෘදය සාක්ෂි කතාවේ තවත් යටි අරුත් රැසක් තිබේ. ඔහු ඇත්තෙන් ම හෘදය සාක්ෂියට අනුව කටයුතු කිරීමේ අවස්ථාව ඉල්ලා සිටින්නේ රනිල්ගෙන් ද නැතිනම් මහින්දගෙන් ද? ...

සිරසට කිරි පණු ගාය

Image
"Power without responsibility. Privilege of the harlot . Throughout the ages. " -Ranil Wickramasinghe තිස්ස අත්තනායක ගැන ලියන ලද 'තිස්ස' නම් පොතේ දොරට වැඩුමේදී රනිල් වික්‍රමසිංහ harlot නම් වදන පරිවර්තනය කළේ 'වේස ගෑනි' ලෙසයි.  එම පරිවර්තනය කුණුහරුපයක් ය කියා සිරස දැන් මහා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.  මධුර ශබ්දකෝෂයේ ඒ සඳහා දී ඇති පරිවර්තන වන්නේ ගණිකාව, වෙසඟන, වෛශ්‍යාව, වේශ්‍යාව යන වචනයි.  ඉංග්‍රීසි බසින් නම් ඒ සඳහා සමාන වචන ලෙස දැක්වෙන්නේ  prostitute,  whore  ආදියයි.  තේරුම අතින් ගත් කල රනිල් වික්‍රමසිංහ යොදා ගන්නා වචනය සංදර්භය හා හොඳින් ගැලපේ.  ප්‍රශ්නය වී ඇත්තේ ලංකාවේ ඒ වචනය අසභ්‍ය එකක් ලෙස සැලකීමයි. රනිල් වික්‍රමසිංහ වෛශ්‍යාව යන වචනය පාවිච්චි කළා නම් ඇත්තෙන්ම මෙවැනි ප්‍රශ්නයක් පැන නගින්නේ නැත. ඔහු සිංහල භාවිතා කිරීමේදී මෙවැනි වැරදි නිතර කරයි.  තමුසෙ කියන්නේ තමුන්නාන්සෙට ය කියා තර්ක කරන්නා සේ වේසි කියන්නේ වෛශ්‍යාවට ය කියා ද තර්ක කළ හැකි ය.  ලිංගික සේවා සපයන්නන්ට 'වේස ගෑනු' කියා අවමන් කිරීම ද නො හොබී. එහෙත්, ලංකාව වනාහි එ...

එජාප අර්බුදය හැඳින්වීම සඳහා සුදුසු ම වචනය කාලකන්නිකමයි

Image
සජිත් ප්‍රේමදාස පාර්ශ්වය විසින් රනිල් වික්‍රමසිංහ එළවීම සඳහා ඊයේ දියත් කරන ලද දැවැන්ත උද්ඝෝෂණය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නායකත්වයේ වෙනසක් ඇති වන තීන්දුවක් ගැනීමට බල පෑ බවක් වාර්තා නො වේ.  කැරලිකාර පිලේ සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය, දයාසිරි ජයසේකර හා රංජිත් මදුදුම බංඩාර මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගි වූ මුත්, රෝසි සේනානායක, සුජීව සේනසිංහ ඇතුළු සිය පිළේ ක්‍රියාකාරිකයන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමේ තීන්දුවට එරෙහිව හෝ ප්‍රබල මැදිහත්වීමක් කර නැති බව වාර්තා වේ.  සජිත් ප්‍රේමදාස මෙම රැස්වීමේදී බිසි බිල්ලකු සේ කිසිත් නො දොඩා සිටි බව ඇතැම් මාධ්‍ය වාර්තා කරන අතර, තවත් මාධ්‍ය පවසන්නේ ඔහු සිය දුක්ගැනවිලි කියා, 2011 මාර්තු 23 එකඟ වූ පරිදි සහයෝගයෙන් වැඩ කිරීමට කැමැත්ත පළ කළ බවයි. කැරලි ගසා එළියේ ජවුසන් නටන මෙම එජාප නායකයන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සර් ඉදිරියේ ඇඹරෙන බව පක්ෂ සාමාජිකයෝ කියති. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී රනිල් වික්‍රමසිංහට ඉල්ලා අස් වී නායකත්වය කරු ජයසූරියට භාර දෙන ලෙස කියන්නට කිසිවකුට 'ගට' නො තිබුණු බව ද වාර්තා වේ.  කෙසේ වෙතත් එකක් ...

ආණ්ඩුවේ කොළඹ දිනීමේ සටනේ නියමුවා සජිත් ප්‍රේමදාස

Image
එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාසට හිටිහැටියේ කරු ජයසූරියව ද ඉස්සරහට දමාගෙන රනිල් වික්‍රමසිංහ කොහොම හරි එළවන ගායක් ඇති වී තිබෙන්නේ ඇයි ද යන්න විමසා බැලිය යුතු ය. ඔක්තෝබරයේ දිවයිනේ ප්‍රධාන පෙළේ පළාත් පාලන ආයතන 23ක ඡන්ද පැවැත්වේ. ඒ අතරින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මොනවා කළත් දිනන්නට අසීරු ම පළාත් පාලන ආයනයක් වන්නේ කොළඹ මහ නගර සභාවයි. තමන් සංවිධානය කරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආණ්ඩුවට කිසිදු තරගයක් දෙන්නට අසමත් සජිත් ප්‍රේමදාස දැන් සැරසෙන්නේ කරුවත් අල්ලාගෙන කොළඹ දිනවා වැඩකාරයා වන්නට ය. මේ වනාහි රූපවාහිනියෙන් කෑම හදන මල්ලිකා ජෝසප් පන්නයේ වැඩකි. මල්ලිකා ජෝසප් කෑම හදද්දී ලෝකේ තිබෙන සියලු ම රසවත් දේ එයට එකතු කරයි. ඒ ජාති එකතු කර නීරස කෑමක් හැදීම අතිශය අමාරු කාර්යයකි. එක්සත් ජාතික පක්ෂය කොළඹ දිනීම ද එවැනි ය. ව්‍යවස්ථාවට එරෙහිව පවා යමින් රනිල් වික්‍රමසිංහට එරෙහිව සජිත් ප්‍රේමදාස මරාගෙන මැරෙන සටනක් කරන්නේ කොළඹ දිනීමේ සටන මෙහෙයවීමට ය. මේ පිටුපස පැහැදිලිව ම ආණ්ඩුව ඇත. සජිත් සටනින් දිනුවත්, පැරදුණත් ආණ්ඩුව දිනුම් ය. මෙයින් අනිවාර්යයෙන් ම එජාපය දෙකඩ වනු ඇත. එය සිදු වන්නේ කොළඹ මහ නගර...

පාලකයන්ට ප්‍රඥාව පහළ කර ගන්න රනිල්ගේ කතාව නිමිත්තක්

Image
(2011 මැයි 04,   W3Lanka )  ඩේලි මිරර් පුවත්පතින් උපුටා ගෙන අප මෙහි පළ කළ ඡායාරූපය ජාතික හෙළ උරුමය ඊයේ පැවැත්වූ අධිෂ්ඨාන පූජාවේදී ගනු ලැබූ එකකි. අධිෂ්ඨාන පූජාවට සහභාගි වන අධිෂ්ඨානය බිඳ ගත් භික්ෂුවක් සිය අත ඇති ඩිජිටල් කැමරාවෙන් ඡායාරූපයක් ගන්නා අන්දම එහි සටහන් වී ඇත. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මුන්ට තිසරණ බලෙන් ප්‍රඥාව පහළ කිරීම මෙම අධිෂ්ඨාන පූජාවේ අරමුණ විය. අබෞද්ධ බෑන් කී මූන්ට ප්‍රඥාව පහළ කිරීමට පෙර බෞද්ධ භිකෂූන් කළ යුතුව ඇත්තේ අර්බුදයට මුහුණ දී සිටින මේ රටේ පාලකයන්ට අවස්ථාවට මුහුණ දීම සඳහා ප්‍රඥාව අවදි කර ගැනීම සඳහා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමයි. පාලකයන්ට සැබැවින් ම ආදරය කරන ඔවුන්ගේ හිතවතුන් මේ මොහොතේ හැසිරිය යුත්තේ වළං කඩේට පැන්න ගොනුන් විලස නො වේ. ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැහැදිලිව සඳහන් කළ අන්දමින් මේ වනාහි 1987දී ඉන්දියාව ලංකාවේ ගුවන් සීමාව උල්ලංඝනය කරමින් බලහත්කාරයෙන් යුද්ධයට කොටු වී සිටි ජනතාවට ආහාර ආධාර ගුවනින් සැපයූ අවස්ථාව වැනි එකකි. අප දකින අන්දමට නම්, මේ වනාහි කොටි සංවිධානය මර්දනය කිරීමෙන් පසු සංහිඳියාව ඇති කිරීමට හ...

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට අවශ්‍ය මහින්දට ආදේශකයක් නොව විකල්පයකි

Image
(2011 මාර්තු 23,   W3Lanka )  එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා විවෘතව නාම යෝජනා ඉදිරිපත් කිරීමට සජිත් ප්‍රේමදාස ඊයේ කෘත්‍යාධිකාරී කමිටුවේදී අසමත් විය.  ජනමාධ්‍යවලට කුමන අන්දමේ කයිවාරු ගැසුවත්, පක්ෂ නායකත්වය වෙනස් කිරීම සඳහා පක්ෂ ව්‍යවස්ථාව අනුව ගත යුතුව තිබුණු මූලික පියවර වූයේ කෘත්‍යාධිකාරී කමිටුවේදී ඡන්දයකට මුහුණ දීමයි.  කෘත්‍යාධිකාරී කමිටුවේ වැඩි බලයක් රනිල් වික්‍රමසිංහට තිබුණු බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. මෙම තත්වය හමුවේ ඡන්දයකට නො ගොස් සම්මුතිකට එළඹීමට අවසාන මොහොතේ සජිත් පාර්ශ්වය තීරණය කළ බවක් ද පෙනෙන්නට තිබේ.  ආණ්ඩුව විසින් පුම්බන ලද සජිත්ගේ හුළං ආණ්ඩුව විසින් ම දැන් අරිමින් සිටින අන්දම රජයේ මාධ්‍ය හරහා දැකිය හැකි ය.  සජිත් වනාහි මහින්දට විකල්පයක් නොව ආදේශයක් පමණි. මහින්දට ආදේශක ඕනෑ තරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින් සොයා ගත හැකි ය. ඒ සඳහා විපක්ෂයක් අවශ්‍ය නැත.  අනෙක් පැත්තෙන් සජිත් යනු සරත් ෆොන්සේකා තරමට හෝ මහින්දට අභියෝගයක් විය නො හැකි 'ගේමක් නැති' ආදේශකයකි. තවමත් ලංකාවේ දේශපාලනයේ යට තලයේ වැදගත් සාධක වන කුලය ද සජිත්ට බලපාන්නේ අවාස...

දැක්කද ජනාධිපතිතුමා කොල්ල වගේ නේද?

Image
(2011 පෙබරවාරි 04,  W3Lanka )   ජනාධිපතිතුමාගේ සෞඛ්‍ය තත්වය ගැන ඇති කටකතාවලට පිළිතුරක් ලෙස මෙම ඡායාරූපය ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන්නට ඇති බව විශ්වාස කළ හැකි ය. කවදා, කොතැනකදී ගත්තාදැයි නො දැක්වෙන මුත්, එතුමා කොල්ලා වගේ ඉන්න බව නම් පැහැදිලි ය. කොටින්ගෙන් අල්ලා ගන්නා ලද ජල ස්කූටරයක් පදවන දෙවන ඡායාරූපය නම් පසුගියදා යාපන සංචාරයේදී ගන්නා ලද එකක් බව ප්‍රසිද්ධ ය. ජනාධිපතිවරයා කොහොමත් කෙළි ලොල්, නිදහස්කාමී පුද්ගලයකු බව ප්‍රසිද්ධ ය. එහෙත්, ඔහුගේ පාලනය තුළ ඔහු විසින් ජනතාවගේ නිදහස්, කෙළි ලොල් ජීවිතවල ගෙල ආදිකල්පික කුරහන් සාටකයකින් සිර කර තිබේ. විශේෂයෙන් ම 2005 ජනාධිපතිවරණයේදී සිය ප්‍රතිවාදියාට එරෙහිව මහින්ද රාජපක්ෂ 'පිරිමිකම' නම් සංකල්පය භාවිතා කළේ ය. එය රාජ්‍ය පාලනයට ඍජුව අදාළ නො වන මුත්, බාහිර පෞරුෂය අතින් සිය ප්‍රතිවාදියා පැරදවීමට හැකි වීම 2005 තියුණු ජනාධිපතිවරණයේ ජය තහවුරු වීමට ඉවහල් විය. එදා ඔහු පැරදුණා නම් ලංකාවේ සය වසරක ඉතිහාසය අනිවාර්යයෙන් ම මීට වෙනස් වේ. ඔහුගේ ප්‍රතිවාදීන් වූ රනිල් වික්‍රමසිංහ හා චන්ද්‍රිකා බංඩාරනායක ඔහුට සාපේක්ෂව 'ගැහැනු' ප්...

කැහි ගෑනි දී හොටු ගෑනි ගන්න යන එජාපය

Image
( 2011 ජනවාරි 19,  W3Lanka )  අනේ මේ දුප්පත්, අසරණ එක්සත් ජාතික පක්ෂයට හරි අපූරු නායකයෙක් ලැබෙන්න යයි. උන්නැහේ අ‍පි නො දන්න ආර්.ප්‍රේමදාසගේ පුත්‍ර රත්නයයි.  උන්නැහේගේ වැඩ කෙසේ වෙතත් කට නම් ෂෝක් ය. පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තුවේදී මේ කට ඇරුණේ කැන්ටිමෙන් කන්න පමණ ය.  පස්සේ රනිල්ට කෙළවන්න ආණ්ඩුව සජිත්ට ජනමාධ්‍ය විවර කර දුන්නේ ය. එවිට උන්නැහේ කළේ ඔය හම්බන්තොට පැත්තේ පැල් කොටයක් ඇතුළේ කැමරාව අටවාගෙන වහල උඩ යන තරමින් ගිරිය පුප්පා කතා පැවැත්වීමයි. මේ මාධ්‍ය කණ්ඩායම් කිසිදා සෙනග පැත්තට කැමරාව අල්ලා නො පෙන්නන්නට පරිස්සම් වූ හ.  ලබන අප්‍රේල් 12 වෙනිදාට පෙර පක්ෂ නායකත්වය භාර ගන්නා සජිත් ප්‍රේමදාස දැන් වහසි බස් දොඩවයි. පක්ෂය තුළ කොතරම් ප්‍රශ්න තිබුණත් තමාට පක්ෂ නායකත්වය ‍ලබා දෙන්න බොහෝ දෙනා සූදානම් බව සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි. ඔහුගේ කතා තුළ ඇති ස්වරය වන්නේ තමන් කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ පක්ෂයේ නායකත්වය සියතට ගන්නා බවයි. ඒ එජාපය  ඔහුගේ අප්පාගේ බූදලය නිසා වන්නට පුළුවන. හරි හමන් නායකයකු නම් කළ යුතුව තිබෙන්නේ තමන්ට නායකත්වය ලැබෙන තෙක් නො ස...

2016 ජනාධිපතිවරණයේ ගැටලු | The problems of 2016 presidential

Image
‍ ( 2010 දෙසැම්බර් 12,  W3Lanka )  මීළඟ ජනාධිපතිවරණය සාමාන්‍ය තත්වයන් යටතේ නම් පැවැත්වෙනු ඇත්තේ 2016දී ය.  ලේඛකයා අනාගතය කියන්නට දන්නා කෙනෙකු නො වුණත්, දේශපාලනිකව බැලු කල ඒ වන විට මෙවැනි තත්වයක් තිබෙන්නට පුළුවන.  පාන් ගෙඩියක මිළ රු. 250ක් ද හාල් කිලෝවක මිළ රු. 300ක් ද විය හැකි අතර රජතුමා රු. 10,000ක වැටුප් වැඩි විමක් ලබා දීම පිණිස තමන්ට ඡන්දය දෙන්නැයි ඉල්ලා සිටියි. සංවර්ධනයේ අමාරු හරිය පසු කරමින් සිටින බව ද, හෙට සිට උදා වන්නේ ඵල නෙළා ගන්නා සමය බව ද ඔහු කියනු ඇත.  මේ වන විට ඔහුට ඇති ලොකු ම ප්‍රශ්නය පුතා හා බාප්පා අතර ඝට්ඨනයයි. ඊළඟ අවස්ථාව පුතාට දෙන පොරොන්දුව පිට, අගමැකි අපේක්ෂක තනතුරට බාප්පා නම් කරන්නැයි නංගිලා ඉල්ලා සිටිති. එහෙත්, "ඔයගොල්ලන්ගේ මහප්පා ඔයගොල්ලන්ගේ තාත්තාට චාන්ස් එක දුන්නායින් පසු මහප්පලාගේ පරම්පරාවට වුණ දේ නිරූපමාගෙන් පේන්නේ නැද්ද?" යි අසන ආර්යාව නංගිලාට බම්බු ගහ ගන්න යයි කියා පුතාට අගමැතිකම දෙන්නැයි ඉල්ලා සිටියි.  ෆොන්සේකා නන්දක්කාගේ 'ගිනි ගන්නා රටක කෙළින මීහරකුන් වැනි පුතුන් - කුමටද මට මහ විරුවෙකි සිරගෙයි මළ මගෙ පුතුන්' ගීතයේ පදයක්...

රනිල්ගේ යුරෝපා චාරිකාව අන්තිම සවුත්තු වැඩකි

Image
( 2010 ඔක්තෝබර් 17,  W3Lanka )  රනිල් වික්‍රමසිංහ හොද විපක්ෂ නායකයෙක් නො වේ. ඔහු දෙසතියක නිල සංචාරයක් සඳහා අද යුරෝපය බලා පිටත් ව යයි. එහිදී විපක්ෂ නායකවරයා පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු කණ්ඩායම මුණ ගැසීමට නියමිත බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසන්නේ. ඒකට නම් කමක් නැත. එසේම, ඔහු බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් සහ බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් සමග ද විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සාකච්ඡා පවත්වනු ඇති බව ද එජාපය කියයි. බි‍්‍රතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයේ ඉහළ පෙළේ නායකයන් පිරිසක් ද ඔහු හමුවී සාකච්ඡා කරනු ඇති බවත්, එක්සත් ජාතික පක්ෂය වැඩි දුරටත් කියයි. බි‍්‍රතාන්‍ය සංචාරයෙන් අනතුරුව නෝර්වේ රාජ්‍යයට යන විපක්ෂ නායකවරයා එරට ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ අමාත්‍ය එරික් සෝල්හයිම් සමග ද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂය කියයි. මෙය ඇත්ත නම් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කරන්නේ අන්තිම සවුත්තු වැඩකි. ලංකාව වෙනුවෙන් මෙවැනි සම්භාවනීය අමුත්තන් හමු විය යුත්තේ ඔහු ද? රටේ ජනාධිපති එහු ද? හොද විපක්ෂ නායකයකු කළ යුතුව තිබෙන්නේ මෙවැනි කටයුතු ...

දහ අට ගැන රනිල්ගේ ගැටය ආණ්ඩුවට කකුල් මාට්ටුවක් ද? | Can Sri Lanka Opposition Leader legally disrupt the 18th amendment?

Image
( 2010 සැප්තැම්බර් 17,  W3Lanka ) 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අලුත් උපායමාර්ගයක් අනුගමනය කරමින් සිටින බව ඔහුගේ ප්‍රකාශවලින් පැහැදිලි වේ.  ඔහු පවසන ආකාරයට ඔහුගේ උපාය මාර්ගය තුළ 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සං‍ශෝධනය ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික ගැටලුවක් ඇති වේ.  ඔහු කියන දේ අපට වැටහෙන අන්දමින් නම්, පංච පුද්ගල පාර්ලිමේන්තු කමිටුවට විපක්ෂ නායකවරයා සහ ඔහු විසින් නම් කරන ලද නියෝජිතයා සහභාගි නො වන්නේ නම් ඔවුන් කමිටුවෙන් ඉවත් කිරීම සඳහා 19වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට සිදු වේ.  අගමැති, කතානායක හා විපක්ෂ නායක නිල බලයෙන් මෙම කමිටුවේ සාමාජිකයන් වන අතර ඉතිරි සාමාජිකයන් දෙදෙනා පත් කළ යුතු වන්නේ මෙම අගමැති හා විපක්ෂ නායක විසිනි. එම පත් කරනු ලබන පුද්ගලයන් සෙසු සාමාජිකයන් අයත් නො වන ජන වර්ගවලට අයත් විය යුතු ය. ඒ අනුව, දැන් විපක්ෂ නායක විසින් දෙමළ නියෝජිතයකු ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මනිත්‍රී එස්. සුමන්දිරන් පත් කර තිබේ. එහෙත්, දෙමළ ජාතික සන්ධානය එම පත්වීම ප්‍රතික්ෂේප කර ඇත. විපක්ෂ නායකවරයා පවසන්නේ තමන්...

එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයෙන් ගොඩ ආ හැක්කේ කෙසේ ද? | How can UNP save itself

Image
නං-ගි, හී!හී! ( 2010 සැප්තැම්බර් 12,  W3Lanka )  එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය වනාහි 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බිහි කරන ලද ඒකාධිපතිවාදයේ ක්ෂණික ප්‍රතිඵලයකි.  එජාපයේ අර්බුදය අනෙකක් නොව ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කරන්නට යන්නට එජාප මන්ත්‍රීන්ට තිබෙන අධීක උනන්දුවයි. එනම්, සර්ව බලධාරී ජනාධිපතිගේ පැත්ත ගෙන ඇමතිකමක්, නියෝජ්‍ය ඇමතිකමක් හෝ වෙනත් කට්ටක් සූප්පු කරගෙන තමන්ගේ දියුණුව සලස්වා ගනිමින්, තමන් මෙන් ම දූෂිත වූ ජනතාව රවටා ඊළඟ වාරයේත් මන්ත්‍රීකම රැක ගැනීම සඳහා මඟ පාදා ගැනීමයි.  දෑත් ශක්තිමත් කරන්නට යන්න හදිසි අයට පක්ෂයේ නායකත්වයේ ගැටලු, අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටලු ආදී ප්‍රශ්න ආශිර්වාදයකි. දැන් එජාපය පත් වී තිබෙන්නේ ආණ්ඩුව තුළ තිබෙන තරගකාරිත්වය හේතුවෙන් ඒ ඔස්සේ මහජන නියෝජිතායතනයකට පාර කපා ගත නො හැකි කපටි, අවස්ථාවාදීන් පිරිසකට එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දය මංකොල්ල කා තේරී පත් වී පිල් මාරු කර සිය අරමුණ ඉටු කර ගත හැකි කෙටි මාර්ගයක තත්වයටයි.  එයට හේතුව, මූලික වශයෙන් එජාපයත්, ආණ්ඩු සන්ධානයත් අතර වෙනසක් නොමැතිකමයි. අද මේ ක්‍රමයට උපරිම වශයෙන...