සිරසට කිරි පණු ගාය

"Power without responsibility. Privilege of the harlot. Throughout the ages. "
-Ranil Wickramasinghe

තිස්ස අත්තනායක ගැන ලියන ලද 'තිස්ස' නම් පොතේ දොරට වැඩුමේදී රනිල් වික්‍රමසිංහ harlot නම් වදන පරිවර්තනය කළේ 'වේස ගෑනි' ලෙසයි. 

එම පරිවර්තනය කුණුහරුපයක් ය කියා සිරස දැන් මහා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. 

මධුර ශබ්දකෝෂයේ ඒ සඳහා දී ඇති පරිවර්තන වන්නේ ගණිකාව, වෙසඟන, වෛශ්‍යාව, වේශ්‍යාව යන වචනයි. 

ඉංග්‍රීසි බසින් නම් ඒ සඳහා සමාන වචන ලෙස දැක්වෙන්නේ prostitute, whore ආදියයි. 

තේරුම අතින් ගත් කල රනිල් වික්‍රමසිංහ යොදා ගන්නා වචනය සංදර්භය හා හොඳින් ගැලපේ. 

ප්‍රශ්නය වී ඇත්තේ ලංකාවේ ඒ වචනය අසභ්‍ය එකක් ලෙස සැලකීමයි. රනිල් වික්‍රමසිංහ වෛශ්‍යාව යන වචනය පාවිච්චි කළා නම් ඇත්තෙන්ම මෙවැනි ප්‍රශ්නයක් පැන නගින්නේ නැත. ඔහු සිංහල භාවිතා කිරීමේදී මෙවැනි වැරදි නිතර කරයි. 

තමුසෙ කියන්නේ තමුන්නාන්සෙට ය කියා තර්ක කරන්නා සේ වේසි කියන්නේ වෛශ්‍යාවට ය කියා ද තර්ක කළ හැකි ය. 

ලිංගික සේවා සපයන්නන්ට 'වේස ගෑනු' කියා අවමන් කිරීම ද නො හොබී. එහෙත්, ලංකාව වනාහි එම වෘත්තියට හෙවත් අත්‍යවශ්‍ය සේවාවට හිමි ගෞරවය දෙන්නට තරම් දියුණු සමාජයක් නො වේ.

වේසි යනු වෛශ්‍යා යන සංස්කෘත වදන සිංහලට හා පොදු ජන වහරට පැමිණි හැටියි. එය අසභ්‍ය වදනක් ලෙස පිළි ගැනීම ද එසේ ම වූ දෙයකි. 

රනිල් වික්‍රමසිංහ මේ කතාව පවත්වන්නේ ආරාධිත සභාවක් ඉදිරියේ මිස ජනමාධ්‍ය සඳහා නො වේ. එය ජනමාධ්‍යයකින් ප්‍රචාරය කිරීම නුසුදුසු යයි සිතන්නේ නම් සිරස කළ යුතුව තිබුණේ එය ප්‍රචාරය නො කර සිටීමයි. එහෙත්, සිරස කළේ කුමක් ද? ඔන්න අපි කුණුහරුපයක් කියන්නයි යන්නේ, පොඩි ළමයි අයින් කර ගන්න ආදිය කියා පොඩි එවුන්ට පවා එය අසන්නට ආශාවක් ඇති කිරීමයි. ඒක ඇසුවාට පසුව නම් ලංකාවේ බොහෝ පොඩි එවුන්ට තාත්තා මේක නිතර ම අම්මට කියනවනේ කියා හිතෙන්නට ඇත. 

එය පුන පුනා ප්‍රචාරය කරමින් ඒක හොඳ ද කියා ඇසීම අපට නම් පෙනෙන්නේ කිරි පණු ගාය ඇති අය පස්ස පැත්ත කස, කසා ඇඟිල්ල නහයට ළං කර බලමින් විඳින ආතල් එක වැනි දෙයක් ය කියා ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. හරියට හරි.. ඒ මනුස්සය කියපු එක කුණුහරුපයක් කියල ප්‍රචාරය දෙන්නේ සිරස.. එතකොට සිරසට කියන්න තියෙන්නෙත් වේස චැනල් එකක් ඇර වෙන මොකක්ද...?

    ReplyDelete
  2. මෙි ගොං පාටි එකෙන් සිරස කරගත් දේවල්:-

    1. සිරසට සිරසක් නැති බව පැහැදිලිව ඔප්පු කිරීම.

    2. කිලී රනිල්ගේ අභියෝගය නමැති කිල්ලට අසුවී බූමිතෙල් ගෑවුනු ගැරඩියකු මෙන් ආගිය අතක් සොයාගැනීමට නොහැකි වීම.

    3. රනිල් කිවිව කතාව (කිලී මන්ත්‍රී පදවි දෙකක් ඉල්ලීම) බොරු නමි බොරු බව ඔප්පු නොකර මඩ ගැසීමෙන් රනිල්ගේ කතාව ඇත්ත බව ඔප්පු වීම.

    4. හැමදාම අනුන්ගේ වැරදි පෙන්නන සිරස තමනුගේ වැරැද්දක් පෙන්නුව ගමනු පිස්සන් කොටුවට බෝමිබ ගැසූ විලාසයෙන් හැසිරීම.

    5. රටම දන්නා වල් වෙිසා ගෑණුන් වැඩ සටහන් ඉදිරිපත් කරන්නියන්, විලාසිතා ඉදිරිපත් කරන්නියන් ලෙස රටටම පෙන්වමින් බොරු සදාචාරයක් මවාපෑමට යාම නිසා විශ්වසනීයත්වය බිඳවැටීම තුළ නරඹන්නන් විශාල ප්‍රමාණයක් (විශේෂයෙන් ප්‍රවෘත්ති නරඹන්නන්) අහිමි කර ගැනීම.

    ReplyDelete
  3. සිරස ගැන තිබ්බ පොඩි පහේ විස්වාසයත් කෙලව ගත්ත කියලයි මට හිතෙන්නේ . . .

    අර හුචක්කුව වීඩියෝ එකේ මහාචාර්ය සරත් මහත්තයත් පොන්නයා කියලා කියන්නේ . . .

    භාෂා විශාරදයෙක් නොවුනු රනිල් කලාම මෙච්චර අවුල්ද?

    කොහොම වුනත් රනිල්ට තිබ්බා නොදන්න වචන වල සභ‍ය වර්ෂන් එක මොකද්ද කියලා නොදන්න කෙනෙක්ගෙන් අහගන්න . . .

    රනිලුත් ඉතිං නාගන්න මාර ආසයිනේ . .

    ReplyDelete
  4. රනිල් වික්රමසිංහ කියාපු "වේස ගෑනි" කියන අමු තිත්ත කුනුහබ්බය සිත් සේ අසාගන්නට අවස්තාව ලබාදුන් සිරසේ වේසිගෙ පුතාලට හුරුල්ලාගේ ඉස්තූතිය පිරිනැමේ.
    http://mohomadgepalamalla.blogspot.com/2011/08/blog-post.html

    ReplyDelete
  5. sirase news kiyana kellak ge nam wenas una hati..
    01 omaya Madawita
    02 omaya Madawita withanage
    03 Omaya kowilgodage...

    MENNA WESIYO

    ReplyDelete
  6. "කොහොම වුනත් රනිල්ට තිබ්බා නොදන්න වචන වල සභ‍ය වර්ෂන් එක මොකද්ද කියලා නොදන්න කෙනෙක්ගෙන් අහගන්න . . . "

    සමාවෙන්න, මේක

    "කොහොම වුනත් රනිල්ට තිබ්බා නොදන්න වචන වල සභ‍ය වර්ෂන් එක මොකද්ද කියලා දන්න කෙනෙක්ගෙන් අහගන්න . . . " විදිහට වෙනස් වෙන්න ඕන.

    ReplyDelete
  7. ගොන් සිරස
    පාර්ලිමේන්තුවේ වේසියො අතිද? නැතිද?
    සිරස කුමරියට සිරසෙ ලොක්කෙක් හි__ද? නැද්ද?
    සුපර් ස්ටාර් එන කෙල්ලන්ට සිරසෙ ලොක්කො හි__ද? නැද්ද?

    අන්න ඒ වගේ එකකට එස්.එම්.එස්. තරගයක් තියල බලමුද?
    ඊට ඉස්සෙල්ල රනිල් අහපු ප්‍රශ්නෙට උත්තර දීල හිටියොත් හොදයි...

    ReplyDelete
  8. ක්‍රිෂ්ණාAugust 21, 2011 at 8:59 PM

    සිරස පාග පාගා ගා ගැනිම ඇරඹු වගයි.

    ReplyDelete
  9. ඒ දවස්වල අපි සිරස විවේචනය කරන කොට හැමෝම වගේ කිව්වෙ අපි මහින්ද රාජපක්ෂගේ හෙන්චයියෝ කියලා.දැන් තේරෙනවනෙ සිරස යන්නේ කොයි දිසාවටද කියල.
    රනිල් මහින්ද සජිත් මේ හැමෝම ලංකාවෙ සිංහල නායකයො.මේ අය වැනසීමත් ජාත්‍යන්තරයේ එක් කුමන්ත්‍රණයක්.
    අපේ මතවාදය මොකක් වුණත් රට ගැන හිතන්න කාලය ඇවිත්.
    අපි හැමදාම කිව්වෙ දේශපාලන මතවාදය නොවේ.
    මේ කියන දෙය හොඳින් තේරුම් ගනිමු.

    ReplyDelete
  10. මේ ඔක්කොමල කරන්නේ වේසකම තමා...සිරස...රනිල්...සජිත් ඔක්කොම ආණ්ඩුව වෙනුවෙන් වේසකමේ යනවා...මහජනයාට එකක් කියන ගමන් ඔක්කොම මේ රෙජීමයට...සටනක් නැතිව බලය ගෙනියන්න ඉඩ දෙන විදිහට වැඩ කරනවා...එක තමා ලොකුම වේසකම...දෙපැත්තටම ඇල්ලීම...ඕකට ආය සභ්‍ය වචන ඕනේ නෑ...වෛශ්‍ය කීවත් වෙසඟන කීවත් වේසී කීවත් එකම දේ කියන්නේ...සිරිකොත තාර දැමීම සහ සිරස ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිල අල්ලාගෙන රනිල්ට පහරදීම....සජිත්ලා ඒ සිරසටම ප්‍රකාශ දීම...සියල්ල ආණ්ඩුවට වේසකමේ යාම...මේ රටේ බහුතර දුප්පත් ජනයාට තමා හුලන් බොන්න වෙන්නේ...

    ReplyDelete
  11. එතකොට අර අනිත් දේශපාලක්නයෝ කියන්නේ මොනවද දන්නේ නැහැ නේද?. සිරසට බැන්න හින්දා එලෝ එලෝ පහර දෙනවා. ඔහොම වචනයකට මැරෙන්න හදන්නේ? ඕකනේ ලංකාවේ ප්‍රසිද්දම වචනය. රණ්ඩු වෙන තැනකින් වැඩියෙන්ම ඇහෙන්නේ ඕකනේ. :P

    ReplyDelete
  12. ඕකට “වේසි“ නැතුව රෝසි කිව්වනම් හරිනෙ...

    ReplyDelete
  13. යෝධයාගේ කථාවට කටට මුසුරමක් දාන්න වටිනවා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා