පරීක්ෂණ අවසන් නො වී තිබියදීත් රජීව් ගාන්ධි ඝාතනයේ විත්ත්කරුවන් පෝරකයට

නලිනි
1991මැයි 21දා තමිල්නාඩුවේ ශ්‍රී පෙරුම්බුදුර්හිදී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ අවශ්‍යතාව අනුව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට සම්බන්ධ වී ඉන්දීය හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය කිරීම සම්බන්ධව වරදකරුවන් වූ ශ්‍රී ලාංකික මුරුගන්, ශාන්තන් හා ඉන්දී ජාතික පෙරරිවාලන් යන සැප්තැම්බර් 09දා තමිල්නාඩුවේ වෙල්ලෝර් බන්ධනාගාරයේදී එල්ලා මරා දැමීමට නියමිත බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත ඊයේ වාර්තා කළේ ය.


මෑතදී මෙම තිදෙනාගේ සමා අයදුම්පතක් ඉන්දීය ජනපතිනි ප්‍රතිභා පටෙල් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.


මරණීය දණ්ඩනය පිළිබඳ විත්තිකරුවන්ට දැනුම් දී ඇති අතර, ඔවුන් දැන් අන් සිරකරුවන්ගෙන් වෙන් කර වෙන ම රඳවා තිබේ.


මුරුගන්ගේ බිරිඳ නලිනිට ද මරණ දඬුවම නියම වුවත් ඇය බන්ධනාගාරයේදී මෙගාරා නම් දියණියක ප්‍රසූත කළ බැවින් ඇගේ මරණ දඬුවම ඉවත් කර ජීවිතාන්තය දක්‌වා සිර දඬුවමක්‌ පනවන ලදී. නලිනි මරාගෙන මැරුන බෝම්බකාරය වූ ධනූ අසාර්ථක වුවහොත් යොදා ගන්නට සිටි අතිරේක ප්‍රහාරිකාව වූවා ය. ප්‍රහාරයෙන් පසුව පළා යමින් සිටියදී පෙමින් බැඳී විවාහ වූ නලිනි හා මුරුගන්ගේ දියණිය කුඩා කල වසර කීපයක් මව සමග බන්ධනාගාරයේ වාසය කළා ය. පසුව ලංකාවේ ජීවත් වූ නලිනිගේ මව විසින් ඇය හදා වඩා ගන්නා ලදී.


දැනට 46වන වියේ සිටින නලිනි මේ වසර මුලදී රජීව් ගාන්ධිගේ දියණිය වන ප්‍රියංකා හමු වූ අතර මේ පිළිබඳ මුරුගන් හා නලිනි අතර මතභේදයක් ද ඇති විය. මේ දෙදෙනා ම බන්ධනාගාරයේදී සිය දිවි නසා ගන්නට තැත් කළ බව ද වාර්තා විය.


උපාධිධාරිනියක වූ නලිනි බන්ධනාගාරය තුළදී පරිගණක විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා ගත්තා ය. 


දැනට ශ්‍රී ලංකා රජයට සම්බන්ධව සිටින හිටපු කොටි නායක කේ.පී. ද රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අවශ්‍යව සිටින පුද්ගලයෙකි. එහෙත්, ඔහුගෙන් නිල වශයෙන් ප්‍රශ්න කිරීමක් මෙතෙක් සිදු වී නැත. 


එහි තේරුම නම් රජීව් ගාන්ධි ඝාතන පරීක්ෂණය තවම අවසන් වී නැති බවයි. එහෙත්, විත්තිකරුවන් තිදෙනෙකු වරද සිදු කර පුරා විසි වසකට පසුව එල්ලා මරා දැමීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. 


මේ තීරණය පසුපස විත්තිකරුවන්ට පූර්ණ යුක්තිය ඉටු වී තිබේ ද යන ප්‍රශ්නය හා විෂම අන්දමින් සැලකීම පිළිබඳ ගැටලුව ඉතිරි වී තිබේ. 


ඉන්දියාවේ මෙම දැඩි තීරණය ජනාධිපති ඝාතනයට කුමන්ත්‍රණය කර අසු වූ පුද්ගලයන් එම ජනාධිපති විසින් ම කැබිනට් මණ්ඩලයට පත් කරගෙන සිටින තරම් අවනීතිය රජ කරන අසල්වැසි රටට ලොකු බලපෑමක් කරන්නකි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මුස්ලිම් අන්තවාදීන් අතින් ඝාතනයට ලක්වුණ සිංහල පොලිස් නිලධාරියා ගැන ලිපි නොලියන ඔබ කොටි මිනීමරුවන්ට සාධාරණයක් ඉටු කිරීම ගැන කියවයි.පැරකුම් රෙදි නැතිව කඩේ යනවා කියන්නේ මේකට තමයි.

    ReplyDelete
  2. ඔය කොටි ගෑනි මැරෙන එක ගැන පැරකුම් මහත්තයාට තියෙන රුදාව මොකක්ද?

    ReplyDelete
  3. අපි සියලු අන්තවාදයන්ට විරුද්ධ ය. ඔබ ඔය අප ලියන්නේ නැත්තේ මන්දැයි ඇසූ ප්‍රශ්නය ගැන අපගේ අදහස් 'ලංකාව ගමන් කරමින් සිටින්නේ ම්ලේච්ඡත්වය දෙසට ය' නම් ලිපියේ ඇත.

    ReplyDelete
  4. ළිපියෙන් ඔබ දීමට බලාපොරොත්තුවන පණිවිඩය අපැහැදිලියි. මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුමයි. තවමත් මේ රටවල් දෙකම මිලේච්ච ජනතාවගෙන් පිරි දේශයන්...

    ReplyDelete
  5. //මුස්ලිම් අන්තවාදීන් අතින් ඝාතනයට ලක්වුණ සිංහල පොලිස් නිලධාරියා // ethakota Karuna marapu 600k polce niladarin???

    ReplyDelete
  6. නොදකින් විතරක් මිනිමරුවන්ට කඩේ යන කැත!!!

    ReplyDelete
  7. අනේ මේ වගේ කොටින්ට කඩෙ යන බල්ලන්ට දාව උපන් සක්කිලි මරගෙන මැරෙන එවුන් නෑන අම්මපා.. මේ කමෙන්ට් එක දැමමත් එකයි නැතත් එකයි..

    ReplyDelete
  8. අන්තවාදින්ගේ මහඵ්කා හකීම් ඈමතිකමක් දෑරීම ගෑන දේශප්‍රේමීන්ට මොකද හිතෙන්නේ?????

    ReplyDelete
  9. thuk,, adanm me site ekath epa una,,ape minissu kochcharanam oya koti balu heththa hinda merunada bola,,uba dan unge aithivasikam katha karanna gihin mokakda balaporoththu wenne,,owun maragena merenna awith hitapu ewun kiyala mathak tiyaganin oyawage eun ape kochcharanam ahinsaka minissu meruwada,,,ubata puluwannam anna a ahinsakayange aithivasikam gena katha karapan,,,

    ReplyDelete
  10. කරුණ හොඳයි..කේ.පී හොඳායි..
    කොහොමද ඇන්දිල්ල.. පලයව් පලයව් ඇස්පියාගෙනම.. රජාගෙම පස්සෙන් මහ‍ හෙලටම.. ගොන් තඩි. ඔය නාලනිල පිලිපැද්දෙ කේ.පී ලගෙ කරුණලගෙ නියෝග නෙමෙයිද..රජාගෙ ඔලුවෙන් නෙමෙයි තොපිත් ටිකක් හිතපියව්
    රජාගෙ අසුචි උනත් කන්න පුලුවන් තොපි වගේ උන්ට ඌ කිව්වොත් එහෙම..
    නාලිනි හොඳයි.. මුරුගන්,ශාන්තන්,පෙරරිවාලන් හොඳායි..
    අනේ තොපි වගේ ගඳයො ටිකක්..කාලකන්නි!!!!!!!!!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා