පාන් පිටි ත්‍රස්තවාදයට එරෙහි නීතිවාදය } Legalism against wheat flour terrorism

හායි! අපේ නීතිවාදී ආණ්ඩුව තවත් නීතියක් ගෙන එන්න යනවා ය. 


එය අප වැනි පාන් පිටි කෑම කන්නට ලොල් පාන් පිටි ත්‍රස්තවාදීන්ගේ ශරීර සෞඛ්‍යයට හේතු වේ. 


තිරිඟු පිටිවල නිවුඩ්ඩ ඉවත් කිරීම 20% දක්වා සීමා කිරීම අලුත් නීතියයි. මේ දක්වා තිබූ නීතිය අනුව, තිරිඟු පිටිවල පෝෂ්‍ය ගුණය ඇති නිවුඩ්ඩෙන් 74%ක් ම ඉවත් කරගෙන කුකුල් කෑම ආදිය හදන්නට වෙන ම විකුණන්නට පිටි සමාගම්වලට බලය තිබිණි. 


මීට පෙරත් අපේ සෞඛ්‍ය ඇමතිතුමා පාන් පිටි ත්‍රස්තවාදයට එරෙහිව සෑහෙන පියවර ගත්තේය. සමහර විට, විමල් වීරවංශ හා ගුණදාස අමරසේකර වැනි වීරයන්ට බයේ වන්නට ඇත. පාසල් කැන්ටින්වල පාන් පිටි කෑම විකිණීම තහනම් කිරීම වැනි නීති ගෙන එන ලදී. ඒ නීතිත් ඉතින් අර මයික්‍රොන් 20ට අඩු පොලිතින් තහනම් කළ නීති වැනි ම ඒවා විය. 


කාලයක් මේ රටේ මිනිස්සු ග්‍රීස් යක්කුන්ට මෙන් පාන්වලටත් බිය වූ හ. පාන් ගෙඩිය ගෙදර ගෙන ගියේ පොලිසියෙන් අල්ලා ගනියි ද යන බියෙනි. 


එහෙත්, ඒ බොහොම ටික කාලයකට ය. 


මයික්‍රොන් 20ට අඩු පොලිතින් කොළවල එතූ, 20%ට වඩා නිවුඩුඩ ඉවත් නළ පාන්වලින් හැදූ සැන්විච් දැන් ඉතින් වෙළඳපොළෙන් තුරන් වනු ඇත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. හොද වැඩක් ... well-done MR !!

    ReplyDelete
  2. උපුටා ගැනීම http://nutritionmri.blogspot.com"ලෝක යුද්ධයෙන් පසුවද ඔස්ට්‍රේලියාව, උතුරු ඇමෙරිකාව, යුරෝපය ආදී රටවලින් දිගටම තිරිගු පිටි ආනයනය කිරීම සිදු විය. ආහාර ආධාර ලෙස බොහෝ විට ලැබුනේද තිරිගු පිටි ය.කල්යත්ම තිරිගු ඇට ලංකාවට ආනයනය කර, පිටි බවට පත් කිරීමට පියවර ගන්නා ලදී.මේ සඳහා සිංගප්පුරු සමාගමක් විවින් 1976 දී රජයට යෝජනාවක් ඉදිරිපත් විය. එයට අනුව ලංකාවට ගෙන එන සියළු තිරිගු,පිටි බවට කෙටීමට සමාගම විසින් ත්‍රිකුණාමලයේ යන්ත්‍රාගාරයක් පිහිටුවන අතර ඉන් නිස්සාරණ අනුපාතිකය 70% වූ තිරිගු පිටි නිෂ්පාදනය කෙරේ; මෙහිදී නිපදවෙන 30% වූ නිවුඩ්ඩ සමාගම වෙත ලබාදිය යුතුය","විවිධ මත ගැටුම් හා සාකච්ඡා රැසකට පසු 1977 දී ප්‍රීමා සමාගම විසින් තම තට්ටු 8 ක් පමණ වූ විශාල තිරිගු පිටි කම්හලක් ත්‍රිකුණාමලයේදී ආරම්භ කරන ලදී","පසුව සිදුවූ සාකච්ඡා වල ප්‍රතිපලයක් ලෙස,මෙහි දැනට නිශ්පාදනය කරන තිරිඟු පිටිවල නිස්සාරණ අනුපාතිකය 74% දක්වා ඉහළ දමාගැනීමට හැකිවී ඇත. කෙසේ වුවද මෙම තිරිඟු පිටි වල පවතින්නේ ඉතාම අඩු පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයකි.ඉහත කී අනුපාතිකයන් වෙනස් කරලිම සඳහා ඉතා වියදම් අධික වෙනස්කම් මෙම යන්ත්‍ර වල කිරීමට සිදුවේ."

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා