ජනතාව කරන හැම බලු වැඩක් ම හරි ද?

මේ ලංකා ටෲත් වෙබ් අඩවිය ඊයේ කින්නියා වලිය වාර්තා කළ ආකාරයයි. 

altනැගෙනහිර පළාත් ආඥාපතිවරයා, ත්‍රිකුණාමලය දිසාපතිවරයා ඇතුළු 22කගෙන් යුත් පිරිසක් රඳවා ගනිමින් කින්නියා ජනතාව ඉල්ලා සිටි පරිදි අත්අඩංගුවට ගෙන සිටි කින්නියා වැසියන් 25 දෙනා නිදහස් කිරීමට බලධාරීන් කටයුතු කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව තමන් විසින් රඳවාගෙන සිටි නැගෙනහිර පළාත් ආඥාපති මේජර් ජනරාල් බොනිපස් පෙරේරා, 22වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් හෙට්ටිආරච්චි, ත්‍රිකුණාමලය මහ දිසාපති පී.ටී.ආර්. ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිස නිදහස් කිරීමට උද්ඝෝෂකයන් කටයුතු කර තිබේ.
මෙම අවස්ථාවට මැදිහත්වීම සඳහා ඒ. එච්. එම්. ෆවුසි, රිසාක් බදුයුදීන්, සහ රවුෆ් හකීම් යන ආණ්ඩුවේ මුස්ලිම් නායකයන් හදිසියේම කොළඹ සිට මෙම ස්ථානයට යැවීමටද ආණ්ඩුව කටයුතු කර තිබිණි. එහෙත් සිය ඉල්ලීම් වෙනස්කිරීමට උද්ඝෝෂකයන් අකමැතිවීම නිසා අත්අඩංගුවේ සිටි ගම්වැසියන් නිදහස් කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ විශේෂ නියෝගයක් මත පොලීසියට සිදුවී තිබේ.
නිදහස් කිරීමෙන් අනතුරුව උපදිසාපති කාර්යාලයේ සිරගතව සිටි පිරිස සන්නද්ධ රථ යොදවා ප්‍රදේශයෙන් බැහැරට ගෙනයාමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ. එම අවස්ථාවේදි මෙම සන්නද්ධ රථවලටද ප්‍රදේශවාසීන් විසින් ගල් මුල්වලින් දමා ගැසූ බවද අප ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

මෙහි ඇත්ත සොයා බලන විට මේ අත්අඩංගුවට ගත් පිරිස නාවික කඳවුරට පහර දී ඇත්තේ ග්‍රීස් යකෙකු එහි සිටින බවට චෝදනා කරමිනි. 


මේ රටේ මිනිස්සුන්ට දැන් ග්‍රීස් යකුන් වී ඇත්තේ පසුගිය දිනවල කර උඩ තබාගෙන සිටි හමුදාකාරයන් ය. ඔවුන් ග්‍රීස් යකුන් සොයන්නේ පහර දී, කපා, කොටා මරන්නට ය. කාම රෝගීන්, සොරුන්, පිස්සන් ආදීන් ග්‍රීස් යකුන් ලෙස නම් කර මරා දමන්නට ඔවුන්ට ඇති අයිතිය කුමක් ද? ඔවුන් එසේ කරන්නේ ඒ වර්ගවලට අයත් ධනවතුන් ලොකු පුටුවල හිඳුවා වන්දනාමාන කරන ගමන් ය.


මිනිස්සු අත්අඩංගුවට ගත්තේ ද ප්‍රදේශයේ හමුදා ලොක්කා, දිසාපති තනතුර දරන හමුදා ලොක්කා ආදීන් ය. 


ලංකාවේ මිනිස්සු හමුදා, පොලිස් මර්දනයට එරෙහිව බිය නැති කර ගැනීම හොඳ දෙයකි. 


බදු ගෙවන ජනයා ඔවුන් විසින් නඩත්තු කරන ලබන පොලිසිය, හමුදාව කර උඩ තබාගෙන නැටිය යුතු නැත. එහෙත්, නීතියක් නැතිනම් රටක රාජ්‍යයකින් ද වැඩක් නැත.


ජනතාව පළ කරන හැම විරෝධයක් ම වීරකම් ලෙස හුවා දැක්වීම බාල වාමාංශික පිළිවෙතකි. 


ජවිපෙට සම්බන්ධ ජනමාධ්‍යයක් වන ලංකා ටෲත් වැඩ කළ යුත්තේ ජනතාව සබුද්ධික කිරීම සඳහා ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඊජිප්තුවෙි, සිරියාවෙි, ලිබියාවෙි, ජනතාව සටන් කරන අරමුණෙන් නෙවෙයි කින්නියාවෙි නොහික්මුණ පිරිස රාජ්‍ය විරෝධී කටයුතු කරන්නේ. පොලිස් අත් අඩංගුවට ගත් පුද්ගලයකු ආපසු ඉල්ලන්නේ මොන බලයක් නිසාද? නීතිය අතට ගැනීමට තැත් කරන නොහික්මුණ එවුන්, නිර්දය ලෙස මර්දනය කළයුතුමයි. එය මෙවැනි නීති විරෝධී කටයුතු වලට ඉදිරියේදී පෙළඹීමට සිතා සිටින්නවුන්ට පූර්වාදර්ශයක් වන තදබල මර්දනයක් වියයුතුයි.

    ReplyDelete
  2. බලු වැඩ නතර වෙන්න ඕනෙ ඉහල ඉඳන් පහලට මිසක් පහල ඉඳන් ඉහලට නෙමෙයි. මහ එවුන් බලු වැඩ කරන ගමන් පොඩි එවුන්ගෙ බලු වැඩ නතර කරන්න බැහැ. මහ එකා නීතිය අතට ගත්තහම අනිත් එවුනුත් නිතිය අතට ගන්න එක වලක්වන්න බැහැ. මෙතෙක් කල් නීතිය අතට ගත්තෙ කුඩු කාරයෝ, දුෂකයො විතරයි. ඉදිරියේදි ගමේ ගොඩේ ඉන්න අප්පුහාමිලයි, එතනලයි සේරම නීතිය අතට ගන්නවා. ඒක නවත්වන්න ඕනෙ නම්, මහ එකාගෙනුයි පටන් ගන්න ඕනෙ.
    ඔයා ඔය කිය "සබුද්ධික කිරී"ම නිකම් හීනයක් විතරයි. ඇයි ඒක ජවිපෙට භාර දෙන්නෙ ? ඔබ ඇතුලු සේරම බලන් ඉන්නෙ කෙහෙද කෙලවෙලා තියෙන්නෙ කියල නේද , අලුත් බ්ලොග් එකක් දාන්න ?

    ReplyDelete
  3. ප්‍රොඩාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඔය කොමෙන්ට් එකත් බෙල්ල ලිගින්ම කපල දාන්න.

    ReplyDelete
  4. "ඔයා ඔය කිය "සබුද්ධික කිරී"ම නිකම් හීනයක් විතරයි. ඇයි ඒක ජවිපෙට භාර දෙන්නෙ ? ඔබ ඇතුලු සේරම බලන් ඉන්නෙ කෙහෙද කෙලවෙලා තියෙන්නෙ කියල නේද , අලුත් බ්ලොග් එකක් දාන්න ?"

    1. ජනතාව සබුද්ධික කිරීම හීනයක් නම් සමාජවාදයත් හීනයක්.
    2. අපි ජවිපෙන් ජනතාව සබුද්ධික කිරීම බලාපොරොත්තු වන්නේ ඔවුන් එසේ කරන බව රටට කියන නිසායි.
    3. අපි බ්ලොග්කරුවන් ලෙස කරන්නේ ජනමාධ්‍ය අවකාශයේ කරන කාර්යය පමණයි. අපේ ජීවිත එතැනින් පිටටත් විහිදෙනවා. බ්ලොග්කරුවන් ලෝකය පුරාමත් කරන්නේ සමාජ විශ්ලේෂණ තමයි. ඔබ කියන්නේ අප ද ප්‍රචාරකයන් විය යුතු ය කියා ද?
    - කර්තෘ (Anonymously commented because of a technical problem)

    ReplyDelete
  5. චන්දන සේනාධීර
    සඳරුවන් සිරිමල්වත්ත..

    අපි දැන් කාලයක ඉඳලා නිවුන්නු වගේ..

    ReplyDelete
  6. සරත් ව නිදහස් කරගන්න යන්නෙත් ඔය විදියටම නේද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා