වන ජීවීන් වගකිව යුතු තනතුරුවලට පත් කිරීම හා අලි ගණන් ගැනීම

දළදා මාළිගාවේ ගරාජයේ අලියකු හිංසනයට ලක් කළ ආකාරය
(2011 අගෝස්තු 10, W3Lankaඅලි සංගණනයක මුවාවෙන් ආණ්ඩුව සැරසෙන්නේ අලි දඩයමකට බව පරිසර සංවිධාන එකතුව  විසින් අනතුරු අඟවා ඇත. 


ගොවිජන සේවා හා වනජීවී අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පසුගියදා කී පරිදි හෙට අනිද්දා කරන්නට යන අලි සංගණනය හා සම්බන්ධව දළඳා මාළිගාවේ සහ වෙනත් පන්සල්, දේවාලවල පූජා කටයුතු කරගෙන යාමට ප්‍රමාණවත් පරිදි අලි ඇතුන් 180ක් සැපයීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වේ. 


අලි ඇතුන් අල්ලා හිංසා කිරීමට, වඳ කිරීමට හා පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් යොදාගැනීමට ආණ්ඩුව විසින් කර ඇති සැලසුම් නිසා පරිසර සංවිධාන එකමුතුව ආණ්ඩුවේ ඊනියා අලි සංගණනයට සහයෝගය දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ. 


මෙම කාර්යය  නීති විරෝධී වන බව ද පෙන්වා දෙන පරිසර සංවිධාන එයට හවුල් නො වන ලෙස රටේ උගතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් හා ස්වේච්ඡා සංවිධානවලින් ඉල්ලා සිටියි.


පවත්නා නීතිය තුළ අලි පැටවුන් ඇල්ලීමට නීතිමය අවසරයක් නොමැති බවත්,ඒ සඳහා ප්‍රතිපාදන සැලසී තිබුණු වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරිමේ ආඥා පනතේ පැවති 14 වන වගන්තිය 2009 දී සංශෝධනයට ලක්කළ බවත් පරිසරවේදී,නීතිවේදී ජගත් ගුණවර්ධන පරිසර සංවිධාන එකමුතුව වෙනුවෙන් පෙන්වා දුන්නේය.


දැනට ඇති විධිවිධාන අනුව එකී පනතේම 13 වන වගන්තිය අනුව අලියෙකු ඇල්ලීමට හැකියාව ඇතත් ඒ සඳහා අවසර ඇත්තේ එකී සත්වයාගෙන් වගා භූමිවලට, මිනිස් වාසස්ථාන ආදියට පැහැදිලි ලෙස හිරිහැර සිදුවන අවස්ථාවකදී පමණක් බව ද ගුණවර්ධන අවධාරණය කළේය. 


දළදාමාළිගයේ පුද පූජා සඳහා යොදා ගැනීමට ඉතා උසස් තත්ත්වයේ අලි ඇතුන් 12 දෙනකු සිටින බවත් එයින් සදෙනකු දේශීය හා සදෙනකු විදේශීය සත්වයන් බවත් හේ පෙන්වා දෙයි. මීට පෙරාතුව අවසන් වරට 2007 වසරේදී ඇත් පැටවුන් දෙදෙනකු අල්ලා එක් පැටවෙකු දළඳාමාළිගයට දුන් බවත්,අනෙක් පැටවා පින්නවල අලි අනාථාගාරයට දුන් බවත් සිහිපත් කළ ඔවුන් දළඳා මාළිගයට ලබාදුන් ඇත් පැටවා පුහුණු කිරීමේදී විවිධ වධ හිංසාවට ලක්ව කෙටි කලකදි මරුමුවට පත්වූ බවත්, පින්නවල ඇත් පැටවා අද වන තුරුත් නිරුපද්‍රිතව සිටින බවත් පරිසර සංවිධාන කියා සිටියි.


මෙම සිද්ධිය පිළිබඳ මීට දෙවසරකට පෙර අප විසින් තබන ලද සටහනක් මෙසේ ය: බුදු හිමි, මහනායකවරු හා අලි (2009-07-31)


එසේම රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාවේ 27 සහ 28 වන වගන්තිවලට අනුව රටේ වන සතුන් ඇතුළු ස්වභාවික සම්පත්වල අයිතිය රජය සතුව නොමැති බවත්,රජය යනු එහි තාවකාලික භාරකාරත්වය දරන්නා පමණක් බවත් නිතිඥ ජගත් ගුණවර්ධන කියා සිටියේ ය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව එල්ලාවලග පොස්පේට් නිධිය ඇමරිකානු සමාගමක‍ට ගෙඩිය පිටින් විකුණන්නට ගිය අවස්ථාවේ එය වැළකුණේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම කරුණ පිළි ගෙන එය නැවැත්වීමට කටයුතු කළ නිසා ය.


අද කාලයේ ඉතා වැදගත් කාර්යයක් වන වන ජීවී කළමනාකරණයට අදාළ තනතුරුවලට වන ජීවීන් පත් කිරීමෙන් ම ආණ්ඩුව ‍ඒ ගැන ඇති නො සැලකිල්ල පෙන්වා හමාර ය. 


මීට ටික කලකට පෙර ලංකාවේ වන ජීවීන් භාරව සිටි, මිනිස් සමාජයට ද කැළේ නීතිය හෙවත් දුබලයා විනාශ කර දැමීම හඳුන්වා දී ඇති වන ජීවියා ඒ කාලයේ කියූ දෙයක් ද සිහිපත් කළ යුතු ය. ඔහු කීවේ ලංකාවේ අලි ගහණය පසුගිය කාලයේදී වැඩි වී ඇති බවයි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ටොපික් එක මරේ මරු.........

    ReplyDelete
  2. කැලේ ඉන්න අහිංසක අලින්ව අල්ලගෙන ඇවිත් පෙරහැරේ යවන මේ රටේ උන් තවමත් ඉන්නෙ ගල් යුගයේ. ඉතින් මෙවැනි ලිපි ලිවීමෙන් ඵලක් වේද ?

    ReplyDelete
  3. දුෂාන්

    පෙරහැරට අලි ගන්න ගත්තෙ ගිය අවුරුද්දෙ ඉඳන්නෙ නේද?

    ජාතියක් ජන්මයක් සංස්කෘතියක් ඉතිහාසයක් ගැන දන්නෙනැති අයට මේක දැන් මාතෘකාවක්. විශේෂයෙන් මේ රටේ හොර මැර කාලකන්නි ආගම් පතුරවපු මිෂනාරින්ට මේව හොඳ ප්‍රවෟති.

    පිටරට වගේ දුෂාන්ගේ මවු, සහෝදරියො පිරිමි 1000ක් එක්ක බුදිය ගත්තතම තමා දුෂාන් කියන්නෙ මේ රටේ කට්ටිය දැන් ශිෂ්ඨ සම්පන්න වෙලා කියල?

    ඔයා දේව දරුවෙක් දුෂාන්!!!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා