පොලිසිය, පාතාලය පවා දැන් හරි නිර්මානාත්මකයි / Sri Lanka in an age creativity in police brutality

අලුත් පොලිස්පතිවරයා යටතේ එක්කෝ පොලිසිය නිර්මානාත්මකව කටයුතු කරයි. නැතිනම්, දැන් අපරාධකරුවෝ නිර්මානාත්මකව කටයුතු කරති.

කොහොම වුණත් නිර්මානශීලිත්වය හොඳ දෙයකි. 'අලුත් අලුත් දෑ නො තනන ජාතිය ලොව නො නගී' යයි කුමාරතුංග මුනිදාස ශූරීහු ද කී හ. අලුත් ක්‍රම හා විධි සොයා ගැනීමෙන් ජාතිය නග්ගන්නට පොලිසියට හා පාතාල අපරාධකරුවන්ට ද දායක විය හැකි ය.

සති දෙකකට පමණ ඉහතදී අත්අඩංගුවට ගත් පාතාල ප්‍රබලයකු වන නේවි අසංක ඊයේ හවස මළේ දියේ ගිලී බව නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා කියයි. පසුගිය 11දා අත් අඩංගුවට පත් වූ මොහු ආයුධ පෙන්වන්නට යාම නිර්මානාත්මක ලෙස කල් දමා ඇත.

පොලිස් අත්අඩංගුවේ සිටියදී කරන ලද ප්‍රශ්න කිරීම් වලට අනුව සඟවා ඇති ටී 56 ගිනි අවියක තොරතුරු හෙළි කර ඇති මොහු නවගමුව පොලිස් වසමට අයත් වෑවල නම් කැළණි ගඟ අභියස පාලු පෙදෙසකට පොලිසිය එක්කගෙන ගොස් පොහොර උරයක බහා වල දමා ඇති ගිනි අවිය ගොඩට ගෙන ඇත.

පසුව සැකකරු පොලිසියෙන් මිදී කැලණි ගඟට පැන පලායමට තැත් කිරීමේදී පොලීසියද සැකකරු සමඟ දියට පැන ඔහු බේරා ගැනීමට වෙර දරා ඇත. නමුත් විලංගු සමග දියේ ගිලුණ සැකකරු බේරා ගැනීමට පොලීසියට නොහැකි වී ඇති අතර දියට පැන්න පොලිස් නිලධාරීන්ද දියේ ගිලී තිබේ. පසුව දියේ ගිලුන පොලිස් නිලධාරීන් සමඟ සැකකරුද බේරා ගත් නමුත් ඒ වන විටත් සැකකරු මිය ගොස් සිට ඇත. පොලිස් නිලධාරීන් දෙදෙනා දැනට රෝහල් ගතකර තිබේ. මීට පෙර නම් පොලිසිය කළේ පළා යන සැකකරුගේ දනහිසෙන් පහළට වෙඩි තැබීමයි. ඒ අවස්ථාවලදී සැකකරුවෝ හැම විට ම පාහේ ඔලුවෙන් සිට ගෙන තිබේ. 

කෙසේ වෙතත්, නේවි අසංකගේ මරණයෙන් ලංකාවේ ප්‍රබල දේශපාලනඥයකුගේ අපරාධ පිළිබඳ සාක්ෂි අතු ගෑවී යන බව ද වාර්තා වේ. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Janaka PriyadarshanaAugust 31, 2011 at 10:03 AM

    වැඩේ කියන්නෙ lanka e news මේ දෙය මෙහෙම වෙයි කියල කලින් වාර්තා කලා...වාර්තා කල නිසා නාටකයෙ පිටපත වෙනස් වෙය් කියල කිව්ව ...හරියටම හරි....අනේ අපෙ රටේ නීතිය...මිනිස්සුම අතට අරන් තමය් පසදන්න වෙලා තියෙන්නෙ...

    ReplyDelete
  2. http://lankacnews.com/sinhala/news/22285/

    අයියේ ඔයාට සිංහල අකුරු කියවන්න දන්නේ නැද්ද? නැත්නම් මේවට ඔයාගේ ඔය ලොකු කටෙන් හඬක් පිටවෙන්නේම නැත්ද? අඩුම ගනනේ කෙදිරියක්වත්!!!

    ReplyDelete
  3. ඔව් ඕවට කෑගහල මොකටද නිකං පල් වෙන්නෙ නේද? (බයට නෙවී නෙ) ඔන්න ඔහේ දෙන දෙයක් කාල වෙන දෙයක් බලාන ලංකාවේ උන්ටම බැන බැන ශාස්තෘෘ පොතේ කොපියක් විකුණගෙන කාල හිටියාම ඉවරනෙ නේද!!

    ReplyDelete
  4. රටක විපක්ෂයක් තිබෙන්නේ මෙවැනි දේවල් වලට මැදිහත් වීමටයි. සාමන්‍ය ජනයාට නැති වරප්‍රසාද උන්ට දී ඇත්තේ මේ වගේ විකාර රටක වන විට ඊට එරෙහිව ව්‍යවස්ථාදායකයේ බලය, අධිකරණය භාවිතා කර මැදිහත් වීමටයි. ලංකාවේ කරුම‍යකට විපක්ෂය ඊටත් වඩා විකාරයකි.

    ReplyDelete
  5. පාතාලය නම් එහෙම ඉවර කලාට කමක් නෑ
    එත් එකෙන් අහිoසක මිනිස්සු මරන්නෙ නතුව

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා