Posts

Showing posts with the label පාතාල මර්දනය

පොලිසිය, පාතාලය පවා දැන් හරි නිර්මානාත්මකයි / Sri Lanka in an age creativity in police brutality

Image
අලුත් පොලිස්පතිවරයා යටතේ එක්කෝ පොලිසිය නිර්මානාත්මකව කටයුතු කරයි. නැතිනම්, දැන් අපරාධකරුවෝ නිර්මානාත්මකව කටයුතු කරති. කොහොම වුණත් නිර්මානශීලිත්වය හොඳ දෙයකි. 'අලුත් අලුත් දෑ නො තනන ජාතිය ලොව නො නගී' යයි කුමාරතුංග මුනිදාස ශූරීහු ද කී හ. අලුත් ක්‍රම හා විධි සොයා ගැනීමෙන් ජාතිය නග්ගන්නට පොලිසියට හා පාතාල අපරාධකරුවන්ට ද දායක විය හැකි ය. සති දෙකකට පමණ ඉහතදී අත්අඩංගුවට ගත් පාතාල ප්‍රබලයකු වන නේවි අසංක ඊයේ හවස මළේ දියේ ගිලී බව නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා කියයි. පසුගිය 11දා අත් අඩංගුවට පත් වූ මොහු ආයුධ පෙන්වන්නට යාම නිර්මානාත්මක ලෙස කල් දමා ඇත. පොලිස් අත්අඩංගුවේ සිටියදී කරන ලද ප්‍රශ්න කිරීම් වලට අනුව සඟවා ඇති ටී 56 ගිනි අවියක තොරතුරු හෙළි කර ඇති මොහු නවගමුව පොලිස් වසමට අයත් වෑවල නම් කැළණි ගඟ අභියස පාලු පෙදෙසකට පොලිසිය එක්කගෙන ගොස් පොහොර උරයක බහා වල දමා ඇති ගිනි අවිය ගොඩට ගෙන ඇත. පසුව සැකකරු පොලිසියෙන් මිදී කැලණි ගඟට පැන පලායමට තැත් කිරීමේදී පොලීසියද සැකකරු සමඟ දියට පැන ඔහු බේරා ගැනීමට වෙර දරා ඇත. නමුත් විලංගු සමග දියේ ගිලුණ සැකකරු බේරා ගැනීමට පොලීසියට...

පාතාලයන් 25ක් ඉදිරි දිනවල ආයුධ පෙන්නන්නට ගොස් පළා යාමට උත්සාහ කරද්දී වෙඩි වැදී මිය යනු ඇත | 25 underworld gangsters of Sri Lanka are to go

Image
( 2010 සැප්තැම්බර් 07,  W3Lanka )  ප්‍රධාන පෙළේ පාතාල නායකයන් කීපදෙනකු ඇතුළු දෙවන පෙළ පාතාල සාමාජිකයන් 25 දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මෙහෙයුම් ආරම්භ කර ඇති බව අද දිවයින වාර්තා කරයි. මේ අනුව, ඉදිරි කාලයේදී පාතාල අපරාධකරුවන් 25දෙනෙකු තමන් විසින් සඟවන ලද ආයුධ ලබා දීමට පොලිසිය සමග ගොස් පොලිසියට පහර දී පළා යාමට තැත් කරද්දී, පොලිසිය දනෙන් පහළට වෙඩි තබන විට ඔලුවෙන් සිටගෙන හිසට වෙඩි වැදී මිය යාමට නියමිත බව සිතා තැනීමට පුළුවන. පාතාල අපරාධකරුවන් මනාහි ද මේ සමාජයෙන් ම බිහි වූ පිරිසකි. ඔවුන් හදා, වඩා, රැකවරණය දී පෝෂණය කිරීමේ කාර්යයේ සෑහෙන වගකීමක් දේශපාලකයන්, පොලිසිය හා ජනමාධ්‍ය පිට පැටවේ. පාදඩ නිර්ධන පංතියෙන් පැවත එන මෙම අපරාධකරුවන් සමාජ පිළලයක් බව සැබැවි. එහෙත්, ඔවුනට එරෙහිව ඵලදායී අන්දමින් ක්‍රියාත්මක වන නීතියක් තිබිය යුතු ය. පටු ජනප්‍රියත්වය පිණිස අපරාධකරුවන් ප්‍රසිද්ධියේ මහ පාරේ මරා දමා තමන්ට ඕනෑ කාලයට වෙනත් අපරාධකරුවන් නිර්මානය කර ගන්නා වත්මන් ක්‍රමය හේතුවෙන් පාතාලයන් ලෙස නම් කර තිබෙන මේ ප්‍රජාව නිකම් ම නිකම් පොල් කුඩු හා බ්‍රොයිලර් කුකුළන් බවට පත් වී ත...

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election

Image
ප්‍රභාකරන්ගේ මිනිය වැනි එකක් ඉඳහිට බැලීම ලාංකිකයන්ට සතුටක් ද? (ඡායාරූපය පළ වූයේ දිනමිණේ ය)  ( 2010 සැප්තැම්බර් 04,  W3Lanka )   පසුගියදා කුරුණෑගලදී අත්අඩංගුවට ගත් පසු අපරාධකරුවන් සාමාන්‍යයෙන් කරන පරිදි පොලිසියට පහර දී පළා යන්නට තැත් කරද්දී හරියට ම දෙබැම උඩින් නළලට වෙඩි වැදී මිය ගිය ඕල්කට් පෙරේරා පසුගිය මහ මැතිවරණයේදී ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයන් දෙදෙනෙකුට ප්‍රසිද්ධියේ වැඩ කළ බව කොළඹ ඕනෑම බල්ලෙක් අප සමග පැවසී ය. මෙයින් එක් අපේක්ෂකයකු තම්බපු ඉස්සකු මෙන් සුදු බව ද අනෙකා තාර බැරල් එකක් සේ කළු බව ද, මුන් දෙන්නා ම මාධ්‍ය බිස්නස් කරන බව ද ඒ බල්ලා අප සමග පැවසී ය. මේ ඕල්කට්තුමා කලින් සම්බන්ධව සිටිතුමා දැන් 'එතුමාගේ' උපදේශකවරයකු බව ද ඕනෑම බල්ලෙක් පැවසී ය. ඕල්කට්ගේ කුඩු සල්ලි මේ ඇත්තන් හරහා මහගෙදර දක්වා ම ඇදී ගිය බව ද ඕනෑ ම බල්ලෙක් අප සමග පැවසී ය.  ඕල්කට් අත්අඩංගුවට ගත් පසු හෙවත් මරා දමන්නට පෙර ඔහුගේ පවුලේ අය මේ මහ තැන් ස්පර්ශ කර ඔහු බේරා ගැනීමට තැත් කළ බව වාර්තා වේ.  කුඩු බිස්නස්කාරයන් දැන ගත යුතු එක් කරුණක් වන්නේ ඡන්ද නැති කාලයට තමන් නිකම් ම නිකම් පොල් ක...