මධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් පහෙන් කරන්න යන විජ්ජාව

අපේ අගමැතිතුමා තරම් ජාතියට, ආගමට, සංස්කෘතියට, ඉතිහාසයට, පුරා විද්‍යාවට, පන්සල්වලට, පන්සල්වල පොත්ගුල්වල ඇති පුස්කොළ පොත්වලට ආදරය කරන වෙනත් දේශප්‍රේමියෙක්, ජාති හිතෛශියෙක්, අරින් එක්කෙනෙක්, මෙයින් එක්කෙනෙක් මේ දවස්වල වෙන නැත.


එතුමා ළඟදී මධ්‍යම සංස්කෘතික අරමුදලට වටිනා උපදෙසක් දී ඇත. ඒ අනුව, දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල තැන්පත්කර ඇති පුස්කොළ පොත් සංරක්ෂණය කිරීම සඳහා රජය විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කැර තිබේ.


දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල පුස්කොළ පොත් දස ලක්ෂයකට අධිත ප්‍රමාණයක් ඇති බව ගණන් බලා ඇති අතර මේ ජාතික උරුමයන් අනාගත පරපුරට ආරක්ෂා කැර දීම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන බව මේ පිළිබඳව සඳහන් කරන සිළුමිණ පුවත්පත වාර්තා කරයි.


ඒවා සංරක්ෂණය කිරීමේ මෙම විශේෂ ව්‍යාපෘතිය සඳහා මූලික වශයෙන් රුපියල් මිලියන පහක මුදලක් වෙන් කර තිබේ. ඒ කියන්නේ එක පුස් කොළ පොතකට රු. පහ ගානේ ම සල්ලි, සල්ලි කියා නො බලා වෙන් කර තිබේ. (සමහර විට පස්සේ තව දෙන්න හිතේ තියෙනවා ඇත. හැබැයි ඉතින් අමාත්‍යංශෙකට කාර් එකක් ගන්න එහෙම වෙන්කරන්නේ මේ වගේ සුළු ගණන් නො වෙයිනේ.)


අනේ සාදු! රුපියල් පහකින් කොච්චර දෙයක් කරන්න පුළුවන් ද? මී කුණකින් ධනවත් ‍වුණ මිනිහෙකු ගැනත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවානේ.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මේ වගේ ව්‍යාපෘතියකට මුලින් මුදල් ඕනෑ වැඩේ සැලසුම් කරන්න.
    ෆයිව් මිලියන් ඒකට ඇති.
    ඉන් පස්සේ හැම අවුරුද්දෙම ප්‍රතිවර්තික වියදම් ඕනෑ.

    ReplyDelete
  2. මූට කොහෙද ඒව පේන්නෙ!!

    රුපියල් පහ කේව....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා