ආණ්ඩුවේ කොළඹ දිනීමේ සටනේ නියමුවා සජිත් ප්‍රේමදාස

එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාසට හිටිහැටියේ කරු ජයසූරියව ද ඉස්සරහට දමාගෙන රනිල් වික්‍රමසිංහ කොහොම හරි එළවන ගායක් ඇති වී තිබෙන්නේ ඇයි ද යන්න විමසා බැලිය යුතු ය.


ඔක්තෝබරයේ දිවයිනේ ප්‍රධාන පෙළේ පළාත් පාලන ආයතන 23ක ඡන්ද පැවැත්වේ. ඒ අතරින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මොනවා කළත් දිනන්නට අසීරු ම පළාත් පාලන ආයනයක් වන්නේ කොළඹ මහ නගර සභාවයි.


තමන් සංවිධානය කරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආණ්ඩුවට කිසිදු තරගයක් දෙන්නට අසමත් සජිත් ප්‍රේමදාස දැන් සැරසෙන්නේ කරුවත් අල්ලාගෙන කොළඹ දිනවා වැඩකාරයා වන්නට ය. මේ වනාහි රූපවාහිනියෙන් කෑම හදන මල්ලිකා ජෝසප් පන්නයේ වැඩකි. මල්ලිකා ජෝසප් කෑම හදද්දී ලෝකේ තිබෙන සියලු ම රසවත් දේ එයට එකතු කරයි. ඒ ජාති එකතු කර නීරස කෑමක් හැදීම අතිශය අමාරු කාර්යයකි.


එක්සත් ජාතික පක්ෂය කොළඹ දිනීම ද එවැනි ය. ව්‍යවස්ථාවට එරෙහිව පවා යමින් රනිල් වික්‍රමසිංහට එරෙහිව සජිත් ප්‍රේමදාස මරාගෙන මැරෙන සටනක් කරන්නේ කොළඹ දිනීමේ සටන මෙහෙයවීමට ය.


මේ පිටුපස පැහැදිලිව ම ආණ්ඩුව ඇත. සජිත් සටනින් දිනුවත්, පැරදුණත් ආණ්ඩුව දිනුම් ය. මෙයින් අනිවාර්යයෙන් ම එජාපය දෙකඩ වනු ඇත. එය සිදු වන්නේ කොළඹ මහ නගර සභා ඡන්දය අබියසදී වීම ය. ආණ්ඩුව කොළඹ දිනා ගත්තොත් එය ‍මිළ කළ නො හැකි ජයග්‍රහණයක් වනු ඇත.


මෙය නො තේරෙන කරුට රනිල් පැන්නූ පසු සජිත් තමන්ට ද ඒ හැන්දෙන් ම බෙදන බව තේරෙන්නේ නැත.


සමහර විට, එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් කොළඹ මහ නගර සභා ඡන්දය මෙහෙයවන්නා සජිත් ප්‍රේමදාස වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. රනිල් දිගටම හිටියාම කොළඹ වගෙ පොල්පිත්තක් දැම්මත් දිනන එව්ව විතරක් දින ගෙන අනික් ඔක්කොම පැරදෙන්න එජාපයට පුලුවන් , සජිත් විකල්ප නායකයෙක්ද කියන එක ගැටලුවක් තමයි , හැබැයි රනිල්ට වඩා එජාප පාක්ෂිකයින්ගෙ ඡ්න්ද ගැනීමේ හැකියාව නම් තියනව

    ReplyDelete
  2. අයියෝ කවුරුත් දන්නවානේ කරුව ගෙන ඒම එකපාරටම රනිල් එලවන්න බැරිනිසා කරන උපායක් කියල(කරු මහත්තයත් දන්නවා).සජිත්ගේ සැලැස්ම ඊලග ජනපති අපේක්ෂක වීම.දැන්ම රනිල් අයින් නොකොලොත් ඒක කරන්න බැරිවෙනවනෙ.

    ReplyDelete
  3. දැන් සජිත් එන එකට පැරාට තියෙන අමාරුව මොකක්ද..මං අහන්නේ..ඇයි සජිත් එන එක වැරදිද..?

    පැරා කෙලින්ම කියන්නකෝ බලන්න රනිල්ද මේ වෙලාවේ විපකුෂ නායකයා වෙන්න ඕන..සජිත්ද කියලා විතරක්..නිකං වටේ යන්නේ නැතිව...

    ReplyDelete
  4. සජිත් ප්‍රේමදාසට එජාප පාක්ෂිකයින්ගෙ ඡ්න්ද ගැනීමේ හැකියාව තියනව‌‍‍

    ReplyDelete
  5. සජිත් එන එකේ කිසිම අමාරුවක් නෑ.හැබැයි සජිත් යටට ඇඳලා ආවොත් තමයි හොඳ.

    ReplyDelete
  6. w3lanka, උඹ රනිල්ට පු* දෙනව නේද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා