එජාප අර්බුදය හැඳින්වීම සඳහා සුදුසු ම වචනය කාලකන්නිකමයි

සජිත් ප්‍රේමදාස පාර්ශ්වය විසින් රනිල් වික්‍රමසිංහ එළවීම සඳහා ඊයේ දියත් කරන ලද දැවැන්ත උද්ඝෝෂණය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නායකත්වයේ වෙනසක් ඇති වන තීන්දුවක් ගැනීමට බල පෑ බවක් වාර්තා නො වේ. 


කැරලිකාර පිලේ සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය, දයාසිරි ජයසේකර හා රංජිත් මදුදුම බංඩාර මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගි වූ මුත්, රෝසි සේනානායක, සුජීව සේනසිංහ ඇතුළු සිය පිළේ ක්‍රියාකාරිකයන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමේ තීන්දුවට එරෙහිව හෝ ප්‍රබල මැදිහත්වීමක් කර නැති බව වාර්තා වේ. 


සජිත් ප්‍රේමදාස මෙම රැස්වීමේදී බිසි බිල්ලකු සේ කිසිත් නො දොඩා සිටි බව ඇතැම් මාධ්‍ය වාර්තා කරන අතර, තවත් මාධ්‍ය පවසන්නේ ඔහු සිය දුක්ගැනවිලි කියා, 2011 මාර්තු 23 එකඟ වූ පරිදි සහයෝගයෙන් වැඩ කිරීමට කැමැත්ත පළ කළ බවයි.


කැරලි ගසා එළියේ ජවුසන් නටන මෙම එජාප නායකයන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සර් ඉදිරියේ ඇඹරෙන බව පක්ෂ සාමාජිකයෝ කියති. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී රනිල් වික්‍රමසිංහට ඉල්ලා අස් වී නායකත්වය කරු ජයසූරියට භාර දෙන ලෙස කියන්නට කිසිවකුට 'ගට' නො තිබුණු බව ද වාර්තා වේ. 


කෙසේ වෙතත් එකක් කිව යුතු ය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හමුවේ එජාපයට ඉදිරියට යන්නට නම්  වලිකාරයකුගේ නායකත්වය අවශ්‍ය ය. සජිත් ප්‍රේමදාස මෙතෙක් වලි දමා ඇත්තේ නායකයාට එරෙහිව පමණි. ඒවායේදී ද ඔහු තමා අසල සිටි අය පාවා දෙමින් පටු ආත්මාර්ථකාමයෙන් කටයුතු කර ඇත්තේ වතාවක්, දෙකක් නො වේ. ඔහු ආණ්ඩුවට එරෙහි මහජන විරෝධයන්හි ද නායකත්වය ගෙන සිය දක්ෂතා ඔප්පු කළ යුතු ය. 


රනිල් වික්‍රමසිංහ ඔහුට එරෙහිව මතු වූ උද්ඝෝෂණය මර්දනය කිරීම පිණිස ආණ්ඩුවේ ආධාර ලබා ගත් බව පැහැදිලි ය. ඔහු සිරිකොත ඉදිරිපිට පාර බ්ලොක් කරවා ගත්තේ දූෂිත මග නැගුමේ ගල් රෝල්වලිනි.


එජාපය තල්ලු වෙමින් තිබෙන අන්තය හැඳින්වීම සඳහා සුදුසු වචනය වන්නේ කාලකන්නිකමයි. 


මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව ශක්තිමත් නායකත්වයක් සැපයීමට එය මෙතෙක් සමත්ව නැත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මේක කාලකන්නි කම ද? එහෙම නෙතිනම් අනාගත පෙර නිමිතිද?
    මේ විපක්ෂය පෙන්නනේ වෙනසක් සඳහා ඉදිරියට යන්න ජනය ගාව තියෙන උවමනාවම තමා...මේවා අනාගතයේ දේශපාලනය පිලිබඳ පෙර නිමිති...මේ ප්‍රති විරෝධතා වල කෙලවර තමන්ට කෙළවෙන බව බලය අල්ල ගෙන ඉන්න පිරිස දන්නවා...එක තමා ඊයේ රනිල් සහ රජය එකතු වෙලා පෙන්නුවේ...

    ReplyDelete
  2. it's not UNP, it's "middle & lower class sri lankan people" are the real real "kaalakanni" ..yes their " kaalakanni" mindset..who can't chose correct people to send to parliament.

    ReplyDelete
  3. මොන මගුලක් උනත් දැන් යූ එන් පි ය ටිකක් ශක්තිමත් විය යුතුයි. නැතහොත් දෙමලාට විපක්ශ නායක කම යනවා අනිවාර්යයි. එය වැලැක්වීමට පක්ශ විපක්ශ බේදයකින් තොරව සියලු සිංහලයින් එකමුතු විය යුතු aබව මාගේ හැගිමයි

    ReplyDelete
  4. දෙමළාට විපක්ෂ නායකකම ගියාම මොකෝ? දෙමළුනෙ ආණ්ඩුවට දුවන්න ගැහැව්වෙ පළාත් පාලන චන්දෙදි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා