එන්න අලි ගන්න; අලි ලාබයි අලි!

(2011 අගෝස්තු 05, W3Lankaපසුගියදා මිය ගිය මිල්ලන්ගොඩ රාජා නම් ඇතාගේ හිමිකරු පුවත්පතකට පවසා කිබුණේ එම ඇතා ඉතා වාසනාවන්ත සතකු බවයි.


ඇකා මැරෙන්න කලින් හෝ පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දී තිබුණේ නැති බැවින් මේ කතාවේ ඇත්ත නැත්ත පැහැදිලි නැත. අවුරුදු පනහක් පමණ කාලයක් දම්වැල්වලින් බැඳ තිබීම වාසනාවක් ලෙස සිතෙන්නට තරම් බුද්ධි හීනකමක් ඇතෙකුට ඇතැයි ලේඛකයා කිසි සේත් නො සිතයි.


ස්වාභාවික පරිසරය තුළ දිනකට සැතපුම් ගණනාව් නිදහසේ සැරිසරන ජීවියකු වන අලියා පය යදමින් බැඳ පෙරහරේ ගෙන යන විට බෞද්ධයෝ සාදු කියති. 


පෙරහැර කරන්නට අලි ඇතුන් ප්‍රමාණවත් නැති නිසා දැන් වන ජීවී දෙපාර්තමේන්තුව සැරසෙන්නේ අලි ඇතුන් 300ක් අල්ලා පන්සල්, අසපු, වලව්, ‍දේශපාලක බංගලා ආදියට බෙදා හැරීමටයි.  අයථා ක්‍රමවලින් ඉක්මණින් මුදල් ඉපැයූ බොහෝ අය අලි ඇතුන් මිළ දී ගැනීමට සූදානමින් සිටිති. පෙරහැරවලට අලින් පිදීමෙන් ඔවුන්ට පිං හා ප්‍රසිද්ධිය ද, ලොකුකම ද ලැබේ. 


වන ජීවීන් කළමනාකරණය සඳහා ඇති මෙවැනි ආයතන ඇතැම් විට සතුන් ගහණය අඩු කිරීම සඳහා මරා දැමීම ද කරයි. ඒ නිසා මෙය පුදුම විය යුතු දෙයක් නො වේ. 


උසස් කලාවන්, වින්දනීය අවකාශයන්, ප්‍රීති වීම සඳහා පොදු සමාජ අවස්ථා ආදිය විරල ලංකාවේ මිනිසුන්ට ෆන් ගැනීම සඳහා පෙරහැර පැවැත්වීම ද නරක දෙයක් නො වේ. දැන් හැම නගරයක් ගානේ ම පෙරහැර ඇත. දිනක් ගාල්ලේ සිට කොළඹ දෙසට එමින් සිටි ලේඛකයා හික්කඩුවේදී දැවැන්ත මාර්ග තදබදයක් ඇති කළ බෞද්ධ පෙරහරක් දුටුවේ ය.  එහි උඩරට නැට්ටුවාගේ සිට වැද්දා දක්වා සියලු නැට්ටුවන් නැටුවේ නාගසලං තාලයට ලංකාවේ පාටිවල නටන නැටුම් ය. ඇතැම් නැට්ටුවන් අරක්කු බෝතල් ප්‍රසිද්ධියේ ම කටට හළා ගනිමින් නැටූ හ. 


පෙරහැරවල් මෙහෙම සිල්ලර ජෝක් බවට පත් වන විට ආණ්ඩුවට ඒවායින් බදු අය කිරීමට පෙරහැර අධිකාරියක් පත් කරන්නට පුළුවන. එහි ඉහළ තනතුරුවලට ආණ්ඩුවට කඩේ යන කලාකරුවන් පත් කළ හැකි ය. ඕනෑ නම්, පෙරහැර ඇමති කෙනෙකු වුවත් පත් කළ හැකි ය. අතුරලියේ රතන හිමි වැනි අයෙකු එම තනතුර සඳහා සුදුසු යයි මම යෝජනා කරමි. ඒ යෝජනාව මම ම ස්ථිර කරමි. 


මෙවැනි කෲර විහිළු ඕනෑ තරම් ලෝකයේ ඇත. එහෙත්, ප්‍රශ්නය වන්නේ මේ කාර්යයන් කෙරෙන්නේ බුදු හිමියන්ගේ ශ්‍රී නාමයට මුවා වී වීම ය. රටේ සැබෑ බෞද්ධයන් සිටිත් නම් ඔවුන් එතුමන්තේ නම මෙකී කෲරකම්වලින් වෙන් කර ගැනීමට උත්සාහ කළ යුතු ය. . 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. රිවිරැස පත්තරේ අන්තිම කාලේ ලිපියක් ගියා අලියන්ට ආදරේ පොරක් ගැන. වලව්කාරයෙක්. අලියෙකුත් හිටියා මං හිතන්නේ ගෙදර.

    පොර ගිය ආත්මේ අලියෙක් ලු. අනුරාධපුරේ ඉඳලා එක දවසට පොලොන්නරුවට යනවාලු කැලේ මැදින්.

    මට තේරුණු විදියට අලියා බෝඩ් කියෝලා තමයි නම්, ගම්, හොයාගෙන තියෙන්නේ.

    ReplyDelete
  2. මෙය ඉතා පුලුල්ව සාකචිඡා කළයුතු කරුණක් බව මම ද සිතමි. පැරණි රජ කාලයේදී දළදාව ඇතකු පිට තබා වැඩම කරවන ලද්දේ විශේෂ රන්සිවි ගෙයක් වැනි මන්ඩපයක් සැකසීමට දැණුම හෝ තාක්ෂණය නොතිබූ නිසාද නැතහොත් රාජ රාජ මහාමාත්‍යාදීන් ඇතුපිට ගමන් කළ නිසා බුදුහාමුදුරුවන්ට දැක්වියහැකි ඉහළම ගෞරවය දැක්වීමට දළදාව ඇතුපිට වැඩ කළාද යන්න සැළකිය යුතුය. බුදු දහමෙි පදනම අවිහිංසාවයි. එසේනමි පෙරහැර සඳහා අලි ඇතුන් යොදාගැනීමෙිදී ඔවුන් පීඩාවට පත්නොවන්නේද යන්න ඊළගට සාධාරණව සළකා බැලිය යුතුයි. වනයේ නිදහසේ සැරිසරන අලි ඇතුන් බලා විනෝද වීමත් පෙරහැරක යදමින් බැඳ දක්කාගෙන යන අලි ඇතුන් බලා විනෝද වීමත් යන දෙකෙන් මිනිස්කමට සුදුසු කුමක් ද? අලි ඇතුන් නැතිනමි එය දළදා පෙරහර නොවන්නේද? මෙය දළදා පෙරහර නැවැත්වීමට ඊනියා සත්ව අවිහිංසාවාදීන් කරන කුමන්ත්‍රණයක්ද? තවත් අවුරුදු 50කට පසු ඇතිවන තත්වය කෙබඳුවෙිද? අපේ යුගයේදී අපි ඇතිතරමි අලි ඇතුන් පීඩාවට පත්කර, උඹලා පුලුවන් විදිහකට කරගනිල්ලා කියා අනාගත පරපුරට පෙරහර බාර දෙනවාද? අනාගතයේදී පොප් ගීත ගයමින් දියවඩන නිළමෙිත් පෙරහැරේ ඩිස්කෝ නටමින් යයිද? අපි සංවාදයක් අරඹමු.

    ReplyDelete
  3. මෙය ඉතා පුලුල්ව සාකචිඡා කළයුතු කරුණක් බව මම ද සිතමි. පැරණි රජ කාලයේදී දළදාව ඇතකු පිට තබා වැඩම කරවන ලද්දේ විශේෂ රන්සිවි ගෙයක් වැනි මන්ඩපයක් සැකසීමට දැණුම හෝ තාක්ෂණය නොතිබූ නිසාද නැතහොත් රාජ රාජ මහාමාත්‍යාදීන් ඇතුපිට ගමන් කළ නිසා බුදුහාමුදුරුවන්ට දැක්වියහැකි ඉහළම ගෞරවය දැක්වීමට දළදාව ඇතුපිට වැඩ කළාද යන්න සැළකිය යුතුය. බුදු දහමෙි පදනම අවිහිංසාවයි. එසේනමි පෙරහැර සඳහා අලි ඇතුන් යොදාගැනීමෙිදී ඔවුන් පීඩාවට පත්නොවන්නේද යන්න ඊළගට සාධාරණව සළකා බැලිය යුතුයි. වනයේ නිදහසේ සැරිසරන අලි ඇතුන් බලා විනෝද වීමත් පෙරහැරක යදමින් බැඳ දක්කාගෙන යන අලි ඇතුන් බලා විනෝද වීමත් යන දෙකෙන් මිනිස්කමට සුදුසු කුමක් ද? අලි ඇතුන් නැතිනමි එය දළදා පෙරහර නොවන්නේද? මෙය දළදා පෙරහර නැවැත්වීමට ඊනියා සත්ව අවිහිංසාවාදීන් කරන කුමන්ත්‍රණයක්ද? තවත් අවුරුදු 50කට පසු ඇතිවන තත්වය කෙබඳුවෙිද? අපේ යුගයේදී අපි ඇතිතරමි අලි ඇතුන් පීඩාවට පත්කර, උඹලා පුලුවන් විදිහකට කරගනිල්ලා කියා අනාගත පරපුරට පෙරහර බාර දෙනවාද? අනාගතයේදී පොප් ගීත ගයමින් දියවඩන නිළමෙිත් පෙරහැරේ ඩිස්කෝ නටමින් යයිද? අපි සංවාදයක් අරඹමු.

    ReplyDelete
  4. උඹලට පේන්නේ පෙරහැරේ යන අලි ඇත්තු විතරද? ඇත්තටම සත්ව අවිහිංසාවාදියෙක් නම් උඹලගේ ගෙදර අර බැඳලා ඉන්න බල්ලව ලිහලා යවලා දෙහිවල සත්තුවත්තේ ඉන්න අනිත් සත්තුන්වත් නිදහස් කරන්න කියලා ලියපන්කෝ...?

    ReplyDelete
  5. "ප්‍රශ්නය වන්නේ මේ කාර්යයන් කෙරෙන්නේ බුදු හිමියන්ගේ ශ්‍රී නාමයට මුවා වී වීම ය. රටේ සැබෑ බෞද්ධයන් සිටිත් නම් ඔවුන් එතුමන්තේ නම මෙකී කෲරකම්වලින් වෙන් කර ගැනීමට උත්සාහ කළ යුතු ය"

    this is damn true..!!

    ReplyDelete
  6. අපි FBඑකෙයි, blogs වලයි comments විතරක් දදා ඉන්නෙ නැතුව එකට එකතු වෙලා මේ ගැන රටට ඇහෙන්න හඩක් ගෙනියන්න වැඩ පිලිවලක් සූදනම් කලොත් නරකද??

    ReplyDelete
  7. "උඹලට පේන්නේ පෙරහැරේ යන අලි ඇත්තු විතරද?"යනුවෙන් පටන් ගන්න ඇනෝ, W3 ලංකා ලේඛකයා සමග තරහක් ඇති කරගෙන ලිව්ව කියල කොමෙන්ට් එක කියවූ ගමන් හිතුනෙ (මම වැරදි වෙන්න පුළුවන්)

    සත්තු වත්තෙ ඉන්න සතුන් නිදහස් කරන එක හෝ ගෙදර මෙච්චර කල් බැඳගෙන හදපු බල්ල දඩාවතේ යවන එක, එක පාරටම කරන්න පුළුවන් වැඩ කියල හිතෙන්නෙ නැහැ. ඒ වුනාට ඒ ඇනෝ කියල තියෙන අදහස හරි, ඇත්තටම කෙරෙන්න ඕනෙ සත්තු වත්තෙ කොටු කරල නෙමේ, වන සතුන්ට උන්ගේ පරිසරයේ ජීවත් වෙන්න තියෙන අභය භුමි වල උන්ට නිදහසේ ජීවත් වෙන්න ඇරල, සතුන්ටත් අවශ්‍ය ආරක්ෂාව සලසල, දේශීය සහ විදේශීය සංචාරකයන්ට ආරක්ෂාව ඇතුව අභයභූමි වල සොභාවිකව ජීවත් වෙන සතුන් සහ පරිසරය නැරඹීමට අවස්තාව සලසන එක. ඒකට හැබය්, ගෙවල් වල ඉන්න බල්ලො ටිකය්, සත්තු වත්තෙ ඉන්න සත්තු ටිකය් ගෙනිහින් අභය භුමි වලට නිදහස් කොරන්න නං බැරි වෙය්.

    ReplyDelete
  8. //උඹලට පේන්නේ පෙරහැරේ යන අලි ඇත්තු විතරද? ඇත්තටම සත්ව අවිහිංසාවාදියෙක් නම් උඹලගේ ගෙදර අර බැඳලා ඉන්න බල්ලව ලිහලා යවලා දෙහිවල සත්තුවත්තේ ඉන්න අනිත් සත්තුන්වත් නිදහස් කරන්න කියලා ලියපන්කෝ...?//
    කව්ද යකෝ මේ ගොනා??????????
    බල්ලො කියන්නෙ මිනිස් ඈසුරට කෑමති සත්තු.ඵ් ඉතිහාසය අවුරුදු 25000කටත් වඩා පරනයි.
    අලි කියන්නෙ ඵහෙම සත්තුද?
    අපි ගිහින් අල්ල0 ආවොත් මිසක් උන් මිනිස් ඈසුරට වඩා කෑලේටයි කෑමති.අනික අලින්ගෙයි බල්ලන්ගෙයි අවශයතා මාර වෙනස්.
    බල්ලන්ගෙයි අලින්ගෙයි වෙනස නොදන්න දේසප්‍රේමී පන්ඩිතයො.
    මාර අවිහින්සාවාදියොනෙ මෙයාල,
    හක්කෙ බුදුරෑස් බොක්කෙ දඩමස්.

    ReplyDelete
  9. එතකොට අර හලාවතදී බිලි දීපු එළුවොන්ට මොකද වෙන්නේ?

    ReplyDelete
  10. එළුවෝ ගැන කිව්ව ඇනෝට කලින් අනෝ ගැන මේ කියන්නේ......ඔයා හරි හොදට සත්තු ගැන දන්නවා නේ ? (ඔයත් සතෙක්ද? )

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා