Posts

Showing posts with the label අලි ඇත්තු

මේ ම්ලේච්ඡත්වයෙන් අත්මිදීම සමාජ වගකීමකි

Image
Sunday Times පුවත්පතින් උපුටා ගන්නා ලද ඉහත ඡායාරූප දෙකෙහි සිටින අලි පැටවුන්ගේ පාද සහ හොඬවැල කැපී වෙන් වන තරමට තුවාල වී තිබෙන්නේ යකඩ කම්බිවලින් අටවන ලද මදු ඒවායේ පැටලීමෙනි. මෙම මදු අටවනු ලබන්නේ වල් ඌරන් වැනි සතුන් දඩයම් කිරීමට බව කියනු ලැබේ. ඒවායේ පැටලෙන අලි ඒවා කඩාගෙන යති. පැටලුණ තැන සිර වන කම්බිය නිසා එතැනින් පහළට ලේ ගමනාගමනය අඩාල වී තුවාල නරක් වී මේ සත්තු අනන්ත දුක් විඳ අකාලයේ මිය යති.  මේ වනාහි අද වන විට සමාජය ඉහ වහා පැති ඇති දුෂ්ටත්වයේ තවත් අක්ෂයකි. ධන තණ්හාව හා බලයට කෑදරකම සමාජය ඉහවහා පැතිර ඇත. රටේ පාලකයෝ, ජාතික හා ආගමික නායකයෝ සමාජය වසා පැතිර ඇති ම්ලේච්ඡත්වයෙහි ප්‍රවර්ධකයන් වූ කල සමාජයෙන් බලාපොරොත්තු විය හැක්කේ අන් කුමක් ද?  අප සමාජ වෙනසක් අවශ්‍ය යයි කියන්නේ මිනිසුන් තිරිසන්භාවයෙන් මුදවා ගැනීමට හා තිරිසනුන්ට මිනිසුන්ගෙන් සහනයක් ලබා දීම ද සඳහා ය.  පාරිසරික, සමාජ, ආර්ථික, දේශපාලනික ආදී සෑම පැත්තකින් ම ම්ලේච්ඡත්වයට විරුද්ධ වීම හා ම්ලේච්ඡත්වයෙන් අත් මිදීම ප්‍රගත්ශීලීන්ගේ සමාජ වගකීමකි.  මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

වන ජීවීන් වගකිව යුතු තනතුරුවලට පත් කිරීම හා අලි ගණන් ගැනීම

Image
දළදා මාළිගාවේ ගරාජයේ අලියකු හිංසනයට ලක් කළ ආකාරය (2011 අගෝස්තු 10,   W3Lanka )  අලි සංගණනයක මුවාවෙන් ආණ්ඩුව සැරසෙන්නේ අලි දඩයමකට බව පරිසර සංවිධාන එකතුව  විසින් අනතුරු අඟවා ඇත.  ගොවිජන සේවා හා වනජීවී අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පසුගියදා කී පරිදි හෙට අනිද්දා කරන්නට යන අලි සංගණනය හා සම්බන්ධව දළඳා මාළිගාවේ සහ වෙනත් පන්සල්, දේවාලවල පූජා කටයුතු කරගෙන යාමට ප්‍රමාණවත් පරිදි අලි ඇතුන් 180ක් සැපයීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වේ.  අලි ඇතුන් අල්ලා හිංසා කිරීමට, වඳ කිරීමට හා පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් යොදාගැනීමට ආණ්ඩුව විසින් කර ඇති සැලසුම් නිසා පරිසර සංවිධාන එකමුතුව ආණ්ඩුවේ ඊනියා අලි සංගණනයට සහයෝගය දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.  මෙම කාර්යය  නීති විරෝධී වන බව ද පෙන්වා දෙන පරිසර සංවිධාන එයට හවුල් නො වන ලෙස රටේ උගතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් හා ස්වේච්ඡා සංවිධානවලින් ඉල්ලා සිටියි. පවත්නා නීතිය තුළ අලි පැටවුන් ඇල්ලීමට නීතිමය අවසරයක් නොමැති බවත්,ඒ සඳහා ප්‍රතිපාදන සැලසී තිබුණු වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරිමේ ආඥා පනතේ පැවති 14 වන වගන්තිය 2009 දී...

එන්න අලි ගන්න; අලි ලාබයි අලි!

Image
(2011 අගෝස්තු 05,   W3Lanka )  පසුගියදා මිය ගිය මිල්ලන්ගොඩ රාජා නම් ඇතාගේ හිමිකරු පුවත්පතකට පවසා කිබුණේ එම ඇතා ඉතා වාසනාවන්ත සතකු බවයි. ඇකා මැරෙන්න කලින් හෝ පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දී තිබුණේ නැති බැවින් මේ කතාවේ ඇත්ත නැත්ත පැහැදිලි නැත. අවුරුදු පනහක් පමණ කාලයක් දම්වැල්වලින් බැඳ තිබීම වාසනාවක් ලෙස සිතෙන්නට තරම් බුද්ධි හීනකමක් ඇතෙකුට ඇතැයි ලේඛකයා කිසි සේත් නො සිතයි. ස්වාභාවික පරිසරය තුළ දිනකට සැතපුම් ගණනාව් නිදහසේ සැරිසරන ජීවියකු වන අලියා පය යදමින් බැඳ පෙරහරේ ගෙන යන විට බෞද්ධයෝ සාදු කියති.  පෙරහැර කරන්නට අලි ඇතුන් ප්‍රමාණවත් නැති නිසා දැන් වන ජීවී දෙපාර්තමේන්තුව සැරසෙන්නේ අලි ඇතුන් 300ක් අල්ලා පන්සල්, අසපු, වලව්, ‍දේශපාලක බංගලා ආදියට බෙදා හැරීමටයි.  අයථා ක්‍රමවලින් ඉක්මණින් මුදල් ඉපැයූ බොහෝ අය අලි ඇතුන් මිළ දී ගැනීමට සූදානමින් සිටිති. පෙරහැරවලට අලින් පිදීමෙන් ඔවුන්ට පිං හා ප්‍රසිද්ධිය ද, ලොකුකම ද ලැබේ.  වන ජීවීන් කළමනාකරණය සඳහා ඇති මෙවැනි ආයතන ඇතැම් විට සතුන් ගහණය අඩු කිරීම සඳහා මරා දැමීම ද කරයි. ඒ නිසා මෙය පුදුම විය යුතු දෙයක් නො වේ.  උසස්...

වැඩි වන අලි මරණ බටහිර ක්‍රිස්තියානි කුමන්ත්‍රණ ද?

Image
(2009 ඔක්තෝබර්  27 - W3Lanka ) මේ වසරේ අලි මිනිස් ගැටුම් හේතුවෙන් සිදු වී තිබෙන වල් අලි ඇත් ඝාතන සංඛ්‍යාව පසුගිය වසරවල සාමාන්‍යය වූ 160 ඉක්මවා ඔක්තෝබර් මාසය වන විට 170 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම වල් අලි මරණවලින් වැඩි පුමාණයක් සිදු වී තිබෙන්නේ ස්වයංක්‍රීය අවිවලින් වෙඩි තැබීමෙන් බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද වීරසූරිය පවසයි. ‍ලංකාවේ පරිසර හා වන සංරක්ෂණ ඇමති චම්පික රණවක තරම් පරිසරවේදියකු ලෝකයේ තවත් නැති තත්වයක් තුළ මෙවැන්නක් සිදු වූයේ කෙසේදැයි වහා සොයා බැලිය යුතුව තිබේ. එතුමා මේ වන විට පාරිසරික ප්‍රශ්න විසඳීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේද රාශියක් ක්‍රියාත්මක කර හමාර ය. ඇතැම් විට මේ පසුපස යම් බටහිර ක්‍රිස්තියානි කුමන්ත්‍රණයක් තිබිය හැකිය.

ලංකාවේ වනාන්තරත් හරියට හිරගෙවල් වගේ

Image
(2009 අගෝස්තු 24 - W3Lanka) ලංකාවේ වනාන්තරවල අලි ඇතුන් 4400ක් ඇතැයි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එහෙත්, මෙම අලි ගහණයට ජීවත් වීමට තරම් ප්‍රමාණවත් වනාන්තර නැතිකම හේතුවෙන් අලින් මිනිසුන් ජීවත් වන ප්‍රදේශ වෙත පැමිණීම නිසා ඇති වන අලි මිනිස් ගැටුම් හේතුවෙන් සෑම වසරකම අලින්ගේ හා මිනිසුන්ගේ ජීවිත සිය ගණනක් විනාශ වේ. මේ පිළිබඳව පරිසර හා ස්වභාවික සම්පත් ඇමති චම්පික රණවක පවසන්නේ මෙසේයි. අලි මිනිස් වාසයන් වෙත සංක්‍රමණය වීමට ප්‍රධාන වශයෙන් බලපාල තියෙන්නෙ වනාන්තරවල ප්‍රමාණයට වඩා අලි ගහණයක් වනාන්තරවල ජීවත්වීමයි. දැනට තියෙන වනාන්තරවල ප්‍රමාණය අනුව ජීවත් විය යුතු අලි ප්‍රමාණය වන්නෙ දෙදහසයි. ඒත් දැනට අලි හත් දහසක් පමණ ජීවත් වෙනව. ඒ තත්ත්වය තමයි අලි මිනිස් ගැටුමට මූලිකව බලපාන කාරණය වෙන්නෙ. (දිනමිණ 2009 අගෝස්තු 24) ලංකාවේ කැළෑවල අලින් මුහුණ දෙන තත්වය බොහෝ දුරට සමාන වන්නේ මේ රටේ සිරගෙවල්වල මිනිසුන් මුහුණ දෙන තත්වයටයි. ලංකාවේ සිරගෙවල්වල එක් මිනිසකු ජීවත් විය යුතු ඉඩ ප්‍රමාණයේ මිනිස්සු සිව්දෙනෙකු ජීවත් වන බව අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ සංඛ්‍යා දත්ත හෙළිදරව් කරයි. ජාත්‍යන්තර ප්‍රමිතීන...

අලි හොරු මව් ඇතින්නගෙන් පැහැර ගත් පැටවා මිය යයි

Image
(2009 අගෝස්තු 21 - W3Lanka) බලංගොඩ ප්‍රදේශයේ දේශපාලනඥයකු විසින් මව් ඇතින්නගෙන් පැහැරගෙන විත් හොර රහසේ නිවසක රඳවාගෙන සිටි තුන් මස් වියැති අලි පැටවා අධිකරණ නියෝගයක්‌ මත උඩවලව ඇත්අතුරු සෙවණේ ප්‍රතිකාර ලබමින් සිටියදී  අගෝස්තු 19 දා රාත්‍රියේ මියගොස්‌ ඇත. මෙම අලිපැටවා වනජීවී නිලධාරීන් විසින් සොයා ගන්නා විට දැඩි ලෙස විජලනයට පත්ව සිටි බවත්, සිරුරේ ස්‌ථාන කිහිපයක තුවාලද සහිතව සිටි බවත්, මෙම ඇත් මංකොල්ලයට පශු වෛද්‍යවරයකු පවා සම්බන්ධ බවත් වාර්තා වේ.

බුදු හිමි, මහනායකවරු හා අලි

Image
අජිත් පැරකුම් ජයසිංහ විසිනි පසුගිය දින කීපය අලින් සම්බන්ධ සිදුවීම් නිසා අලි වැදගත්කමක් ගත්තේය. මෙම සිදුවීම් හුදු වනජීවී දෙපාර්තමේන්තුවට පමණක් අදාළ වන කාරණා නොවන දේශපාලනික වශයෙන් වැදගත් සිද්ධි ය. සමාජ යටිතලයේ පවත්නා අර්බුද රැසක් මෙම සිද්ධි ඔස්සේ හඳුනාගත හැකිය. සීගිරියේ මිනීමරු අලින්ට විරුද්ධව ප‍්‍රදේශවාසීන් පිකටිං කළ අතර, අවසානයේදී වනජීවී දෙපාර්තමේන්තුව අලියකු අල්ලා ප‍්‍රදේශයෙන් පිටුවහල් කළේය. එහි අලි මිනිස් ගැටුමින් මරණ දෙකක් සිදු වූ අතර නිවාස හයකට වඩා අලින් විසින් කඩා බිඳ දමන ලදී. සීගිරියේ 1990 සිට ප‍්‍රකාශයට පත් කර තිබෙන අලි අභය භූමියක් තිබේ. එම අභය භූමිය තුළ ගම්මාන 18ක පෞද්ගලික ඉඩම් ඇත. දැන්, දැන් ඒවායේ ළඳු කැළෑ කපා දමමින් සංචාරක්‍ හෝටල්, නිකේතන හා නිවෙස් ආදිය ඉදිවෙමින් ඇත. ඒ සංචාරකයන්ට සීගිරි අප්සරාවන් හා අලින් පෙන්නා මුදල් උපයා ගැනීමටයි. තවත් ඉඩම්වල මිනිසුන්ගේ වගාවන් ය. අලින්ට කන්නට කෑම නැති වන්නේ ද, බවබෝග පාළු කරන්නට සිදු වන්නේ ද මිනිසුන් ජීවත් වන ප‍්‍රදේශවල සැරිසරන්නට සිදු වන්නේ ද ඒ හේතුවෙනි. දෙහිවල සතුන් වත්තේ අලියකු අලි සෙල්ලම් පෙන්නීමට යන අතරතුර සිය ගොව්වාට පහර දී තුවාල ...