ලංකාවේ වනාන්තරත් හරියට හිරගෙවල් වගේ

(2009 අගෝස්තු 24 - W3Lanka) ලංකාවේ වනාන්තරවල අලි ඇතුන් 4400ක් ඇතැයි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එහෙත්, මෙම අලි ගහණයට ජීවත් වීමට තරම් ප්‍රමාණවත් වනාන්තර නැතිකම හේතුවෙන් අලින් මිනිසුන් ජීවත් වන ප්‍රදේශ වෙත පැමිණීම නිසා ඇති වන අලි මිනිස් ගැටුම් හේතුවෙන් සෑම වසරකම අලින්ගේ හා මිනිසුන්ගේ ජීවිත සිය ගණනක් විනාශ වේ.


මේ පිළිබඳව පරිසර හා ස්වභාවික සම්පත් ඇමති චම්පික රණවක පවසන්නේ මෙසේයි. අලි මිනිස් වාසයන් වෙත සංක්‍රමණය වීමට ප්‍රධාන වශයෙන් බලපාල තියෙන්නෙ වනාන්තරවල ප්‍රමාණයට වඩා අලි ගහණයක් වනාන්තරවල ජීවත්වීමයි. දැනට තියෙන වනාන්තරවල ප්‍රමාණය අනුව ජීවත් විය යුතු අලි ප්‍රමාණය වන්නෙ දෙදහසයි. ඒත් දැනට අලි හත් දහසක් පමණ ජීවත් වෙනව. ඒ තත්ත්වය තමයි අලි මිනිස් ගැටුමට මූලිකව බලපාන කාරණය වෙන්නෙ.(දිනමිණ 2009 අගෝස්තු 24)


ලංකාවේ කැළෑවල අලින් මුහුණ දෙන තත්වය බොහෝ දුරට සමාන වන්නේ මේ රටේ සිරගෙවල්වල මිනිසුන් මුහුණ දෙන තත්වයටයි. ලංකාවේ සිරගෙවල්වල එක් මිනිසකු ජීවත් විය යුතු ඉඩ ප්‍රමාණයේ මිනිස්සු සිව්දෙනෙකු ජීවත් වන බව අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ සංඛ්‍යා දත්ත හෙළිදරව් කරයි. ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව, සිරගෙවල්වල ඉඩ ප්‍රමාණය අනුව සිරකරුවන් අනුපාතය වර්ග අඩි 540කට එක් අයෙකු බැගින් විය යුතු බව ලංකා සන් වෙබ් අඩවිය පවසයි. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා