විමල්ගේ රෝල් මාරු වේ; ෆන් රසය බී සෞන්දර්ය උපාධිධාරීහු උපවාසය නිමවති

(2009 අගෝස්තු 21 - W3Lanka ) කොටුවේ දින 18ක් පුරා කොටුව දුම්රියපොළ ඉදිරිපිට උපවාසයේ යෙදුන සෞන්දර්ය උපාධිධාරීන් ඇමතූ විමල් වීරවංශ දැඩි දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතු නිමාකොට උපාධි ලබාගන්නා උපාධිධාරීන් රැකියා ලබාගැනීම සඳහා මහ මඟට බැස වීදි සටන් කළ යුතු යුගය අවසන් කළ යුතු යෑයිද තිරය පිටුපස සිට ඔවුන්ගේ සාධාරණ සටනට සක්‍රීයව දායකත්වය ලබාදීමට ලැබීම තම පක්‍ෂයට සතුටක්‌ යෑයිද පැවැසීය.

එදා උපාධිධාරීන්ට රැකියා ඉල්ලා සටන් කළේ ජවිපෙ නායකත්වය දුන් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයයි. දැන් ජවිපෙද දුර්වලය; ජවිපෙට අනුබද්ධ සංගම් ද දුර්වල ය. ආර්ථික සටන් කරන සුළු ධනේශ්වර කණ්ඩායම්වලට අවශ්‍ය වන්නේ විප්ලවය කරන්නට පක්ෂ හදන්නට නොව කවුරුන් හෝ අතරමැදියකු යොදාගෙන ඉල්ලීම් දිනා ගන්නටයි. 

එදා විමල් සිටියේ තිරයෙන් ඉදිරිපස ය. දැන් ඔහු සිටින්නේ තිරයෙන් පිටුපස ය. එදා විමල් විප්ලවවාදී ජනතා විමුක්ති පෙරමුණේ සටන්කාමී ප්‍රචාරක ලේකම් ය. දැන් විමල් මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ අත්ගෙඩියකි. ඔහු නායකත්වය දෙන පක්ෂය ආණ්ඩුව සමග සන්ධානගත වී ජවිපෙ විනාශ කිරීම සඳහා වැඩ කරමින් සිටියි. දැන් විමල් ජවිපෙ සටන් මධ්‍යස්ථානවල බලය අල්ලා ගනිමින් සටන්කාමිත්වයන් දිය කර හරිමින් සිටියි.



එදා සිටියේ ධනේශ්වර ක්‍රමයට අභියෝග කරන විමල් කෙනෙකි. දැන් ඉන්නේ ධනවාදය ඉදිරියේ දන නමා ඉල්ලීම් සිඟන විමල් කෙනෙකි. එදා සිටියේ උපවාස නිමා කරන්නට උපවාසකරුවන්ට තැඹිලි වතුර දුන් විමල් කෙනෙකි. දැන් ඉන්නේ බහු ජාතික සමාගම්වල ෆන් රසෙන් උපවාස නිමවන විමල් කෙනෙකි.


ජනතාවට අවශ්‍ය කොයි විමල්දැයි අපි නොදනිමු. විමල්ට නම් ඒ විමල් ඒ කාලයේ හොඳ ය; මේ විමල් මේ කාලයේ හොඳ ය.

Comments

  1. Man danne ne kauru maath ekka ekaga weida kiyala.. Man dakina widihata aanduwen nidahas adyaaapanaya dunna kiyala, aanduwata wagakeemak ne rassawaluth denna.
    Upaadidaarin dena ganna one hariyata thamanwa job market eke market karanna. Ekata degree eka arts da science da kiyana eka balapaannne ne.
    Kohomath mama dakina widihata nidahas adyaaapanen apu api eka deepu aanduwen rassawal illana eka weradie. Apita ekath karaganna beri nam company apita job nodena eka hari.

    ReplyDelete
  2. @ guruka - saundarya upaadiyata rajayen dena pradaana rassaawa guru pathweemak. dan ubama kiyapan job market 1ke market wela kohomada guru pathweemak labaaganne kiyala ???

    ReplyDelete
  3. machan sameera,
    Othanai ubalata weradune...ei guru pathweekmakma hoyanne (pradaana rassawa nisaada?). Thawa kochchara option thiyenawada. Anyway Guru pathweemak ganna machan nikan bene...ekatath exam ekak thiyenawa. Eka pass wenna one. nethuwa be machan.. oya pathweem okkoma deshpaaluwange concrats walin purawanne nene..yam kisi pramaanayak exam eken goda yana unta denawa.
    Mama kiyanne degree thibba nethan kiyala balanne nethuwa athata ahuwena job ekak karanna pulwuan wenna one..ekata thamanwa market karanna puluwan wenna one.
    Anika private sector jobs thiyenawada kochchra... prashne thiyenne othana newei machan.Ape attitude eke. Hema dema athata enakan balan innawa. Oya kattiya paare inna eke kumburu ketuwanam oita wada hodata inna puluwan. Dan magen ahanna epa degree gaththe kumburu kotannada kiyala... Mama othana hitiyanam eka thamai karanne.. nikan eka eka gaawata danagaanne nethuwa.

    ReplyDelete
  4. 100%ක් ගරුක ගේ ප්‍රකාශයට සහය දෙනවා.

    වැදගත්ම කථාව තමා ‍"එයාලා දැනගන්න ඕනි එයාලව මාර්කට් කරගන්න"...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා