විදුලි බල ජනනයට ගල් අඟුරු භාවිතය ඉහළ නංවන්න පියවර

(අගෝස්තු 07, 2009 - W3Lanka) ඉදිරි වසර කීපය තුළ ලංකාවේ විදුලිබල පද්ධතියේ තාප විදුලි ජනනයේ ගල් අඟුරු දායකත්වය 80% දක්වා වැඩි කිරීමට අදහස් කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. 


දැනට ලංකාවේ විදුලිබල ජනනයෙන් 60%ක් පමණ සිදු වන්නේ ඉන්ධන දහනයෙනි. ජල විදුලි බල දායකත්වය උපරිමය 45-50% අතර වන මුත් වියළි කාලගුණයක් පවතින අවස්ථාවලදී එය ඇතැම්විට 20% දක්වා පමණ පහත වැටෙන බව විදුලිබල මණ්ඩලය පවසයි. 


ශ්‍රී ලංකාවේ ප්‍රථම ගල් අඟුරු විදුලි බලාගාරය චීන ආධාර මත දැන් පුත්තලම, නොරොච්චෝලේ ප්‍රදේශයේ ඉදිවෙමින් ඇත. තවත් ගල් අඟුරු බලාගාරයක් ත්‍රිකුණාමලයේ ඉදි කිරීම සඳහා විදුලිබල මණ්ඩලය ඉන්දියාවේ රාජ්‍ය සමාගමත් සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ. 


ගල් අඟුරුවලින් විදුලිය ජනනය කිරීම ලාභදායී වනමුත් එහි පරිසර හානිය අධික ය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා