මේ දේශද්‍රෝහී ගීය වහා තහනම් කරනු! සංස්කෘතික පොලිසියෙන් ඉල්ලීමක්

(දේශද්‍රෝහී කලා නිර්මාන වාරණය කිරීමේ ව්‍යාපාරයේ පණිවුඩයකි) 
ආඬි ළිංවලින් උනන්නෙ වතුර නෙමෙයි ලේ
නාඹර තල් ගෙඩිවල තද රත අඳින්නෙ ලේ
මිරිස් කරල් මෝරන විට පාට දෙන්නේ ලේ 
නළලේ රතු තිලකවලට රත ගෙනෙන්නෙ ලේ
ලේ නොගලන බිමක හුස්ම ගන්ට ඉඩ දියව්
අපට කැමති කෝවිලකට යන්ට ඉඩ දියව් 
දරු පැටවුන් සමග සිනාසෙන්ට ඉඩ දියව්
අපට නිදහසේ දොඩන්ට ඉන්ට ඉඩ දියව්

දිනා ගන්න දේ එමටයි දනිමි එය බොලව්
අහිමි ලොව දිනන නිවැරදි මඟ සොයා බලව්
අපේ තුරුණු ලේ කඳ වැලි කතර මත නොලව්
අමු සොහොනක කිරුළු දරා පලක් වෙද බොලව් 


මෙම ගීතයේ ඇති සුසුම් හෙළන හඬ මිනිසුන් කුපිත කරයි. ලේ ලේ ලේ ලේ ලේ ලේ ලේ ලේ යනුවෙන් නිතර නිතර කීමෙන් ප්‍රඩණ්ඩ හැඟීම් හා හා පිළිකුලක් ඇති කරයි. ආඬි ළිං, නාඹර තල් ආදියෙන් සංකේතවත් කරන්නේ දෙමළ ඊලාම් අරගලයයි.


ලේ නොගලන බිමක හුස්ම ගන්න ඉඩ දියව්
අපට කැමති කෝවිලකට යන්න ඉඩ දියව් යන යෙදුම් ඍජුව ම ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ ඇඟවුම් කරයි. 

අමු සොහොනක කිරුළු දරා පලක් වෙද බොලව් යන යෙදුම විශේෂයෙන් ම වත්මන් රාජ්‍ය නායකත්වය කෙරෙහි අගතියක් ඇති කරවන අන්දමින් යොදා ගැනීමට ඉඩ තිබේ. 

එබැවින් මෙම ගීය වහා තහනම් කළ යුතු බව අපි ඉල්ලා සිටිමු. මෙම ගීතයේ නිර්මානකරුවන් පසුකලෙකදී මෙම එන්ජීයෝ අදහස් අත්හැර දමා යහපත් කල්ක්‍රියාවෙන් කටයුතු කර ඇති බැවින් ඔවුන්ගේ හොඳ නමට කැළලක් වීමට ඉඩ ඇති හෙයින් මෙම ගීතය අඩංගු සියලු තැටි, පටි විනාශ කරන ලෙස ද, ඒවා ළඟ තබා ගැනීම තහනම් කරන ලෙස ද, මේ ගීතය අසා අසු වන අයගේ කණ් කපන ලෙස ද ගයා අසු වන අයගේ කට කපන ලෙස ද ඉල්ලා සිටිමු.


Comments

  1. මේ සින්දුව ලීවෙ මහාචාර්ය සුනිල් ආරියරත්න ද?
    සින්දුව කිව්වෙ විශාරද න්නදා මාලනී ද?
    ඒ ගොල්ල මේ දවස් වල කරන ‍දේවල් දැක්කම එයාල මේ වාගේ දේකට කවදාවත් හවුල් වෙන එකක් නෑ.

    ReplyDelete
  2. අනේ පව්. මේ පත්තර මහත්තයා මේ ගීතය ලියවුනේ කොයි කාලේ කවර සන්දර්භයක් උදෙසාද කියල දන්නෙ නැහැ. එතුමා ඒක තමන්ගේ දේශපාලන මතිමතාන්තර ශක්තිමත් කරගන්න කිසි හිරිකිතක් නැතුව පාවිච්චි නම් කරනවා.

    ReplyDelete
  3. මේ ගීයේ තේරුම අපි මේ විදියටත් දකිනවා.

    උතුරේ යුද්ධයට වසර විසි පහකට ආසන්නව ඇත. නොකඩවා කෙරුණු යුද්ධයෙන් සමාජ ජීවිතය හා සිවිල් සමාජය කැඞී බිඳී යන තත්ත්වයට ආසන්නව ඇත. ෂෙල් වෙඩි හා මල්ටි බැරල් වලට ත් කොටි සංවිධානයේ මිනීමරු භීෂණයටත් යටත් ව සැබැවින්ම දුක් විඳින්නෝ වන්නියේ දෙමළ වැසියෝ ය. වන්නියේ වැසියන්ගේ සිත් හි බුර බුරා නගින කෝපය මෙලෙස නන්දා මාලිනිය විසින් ගයන්නා වූ ගීයක පද වැලට නැගී ඇත.
    වන්නියේ සුලභ දර්ශන වන ආඩි ලිඳේ වතුර, තල් ගෙඩිය, මිරිස් කරල හා නළලේ තිලකය යන සියල්ලලේ ම රතුපාට ඇති කරනුයේ ලේ බව රචකයා කියයි.

    ඉතිරියත් කියවන්න

    ReplyDelete
  4. මිගාරගේ හතර අතට වැනෙන කොන්ද ගැන මට නම් ගැටලුවක් තියෙනවා. මම නම් දන්නේ නැහ මේ විචාරය ලිවුවේ කවුද කියලා.. මට කිසිදු විටක දැනගන්න ඕනත් නැහ. මිගාර ඊට පස්සෙ විචාරයක් ලියනවා. ඒකත් ඔහුගේ වැනිල්ල අනුව ලියන විචාරයක්. ඉතිං එහෙම උනාම කාටත් ගැටලුවක් එනවා කවුද හරි කියලා. මේවා මතවාද අන්තගාමිත්වය තුල ලියැවෙන දේවල්... මම මධ්‍යස්ථ මතධාරියෙක් නොවෙයි. මටත් මතයක් තියෙනවා.. නමුත් වාක්‍යාර්ථයෙන්ම මෙහි සදහන් වන්නේ කුමක්ද යන්න ගැන වැටහෙන අයුරින් මෙහි ඇත්තේ දෙමළ මිනිසුන් විදින පීඩාවයි. මිගාර කියන ආකාරයට එහි හේතුකාරකයා වී ඇත්තේ ඒ මිනිසුන්ම හෝ එයින් සැදුම්ලත් සංවිධානයක්.. ඒක හරි අපූරු කියමනක්.. ඒ කියන්නේ ඕපපාතික උත්පත්තියක්.... එතකොට සියඔලා තිබිලම නෑ මල්ලේ.... (දන්නවනේ කවුරුත් සියඹලා කතාව)

    අනෙක් කාරණය මිගාර උත්සාහ කරනවා මේකට පස්සේ සුනිල් ආරියරත්නත්, සිංහලවාදී කරන්න.. ඔව් ඒක එහෙම වෙන්න පුලුවන්. දැන්. නමුත් ඉස්සර ඔහුට මනරම් හදවතක් තිබුනා.. නොවියළුණු... දැනුත් එහෙමද කියලා ඉතිං එයාම ඔප්පු කරන්න ඕන..

    ප්‍රතිපක්ෂයක් නැති අරගලයක්... නියමයි මිගාර... ඔහොම යං..

    ReplyDelete
  5. Ammapa aththa Sanjeewa. well said.

    Mata nam meke waakya rachanaawak misak geethayak penne ne...aye mokatada boru kiyanne.. nikan satan paata saha wiroodatha waakkiya set ekak thama thiyenne... geethawath bawak ne.
    Oita wada hoda geetha 70 dashakaye damila kaviyangen liyaunaa mata mathakai.

    ReplyDelete
  6. සංජීව ගැන පුදුම ඩුකක් හිතෙනවා. මේ විචාරය ලියා ඇත්තේ කොයි කාලයේදී දැ‍යි වත් ඔහුට වටහා ගනීමට බරි හැටි? මේ විචාරය ලියුවෙ වසර 2007 දී පමණ. මෙන්න මම මුලින්ම මේ විචාරය පළ කළ ස්ථානය. බොල් තර්ක ගෙන එන්න එපා.

    මේ විචාරය අනික් අය ලියන ලද ඒවා දැකීමෙන් ලියන ලද්දක් නොවෙයි.

    ReplyDelete
  7. මේ ගීයෙන් ගැයවෙන්නෙ ඇත්ත. එදා දෙමළ සිංහල හැමොගේම ලේ හැලුනා ‍යුද්ධෙදි. ඒ ලේ වල තියෙන දුක, මේක ලියපු කෙනයි, මේකෙ කොමෙන්ට්ස් දාපු ගොඩක් අයයි දන්නේ නෑ නැත්තන් දැනගෙනත් සිහින ලෝක වලම ඉන්න කැමති අය. අදත් කොච්චර නම් අපරාධ වෙනවද මේ රටේ රජ්ය පරිපාලනයේ වැරදි නිසා. රටේ හැම පැත්තෙම මිනිස්සු මරලා දානවා, නැත්තන් හිරේ දානවා, පාතාල ලේබල් එක අලවලා. ගොඩක් එවා පව්ද්ගලික පලිගැනීම්. එකයි දෙකයි එලි වෙන්නේ. අගුලාන සහ වාස් ගේ සිද්දි දෙක එහෙම එලිවුන දෙකක් විතරයි. අනන්ත්වත් අහිංසක මිනිස්සු හිරේ දුක් විදිනවා. එත් රජයෙ ඇමතිලා ඔක්කොම වගෙ පාතාලයෝ, රාජ්ය නායකයා පවා පාතාලේ සහය ඇතුව ඔය ස්ථානයට ආපු කෙනෙක්. හැමොම දන්නවනේ වම්බොට්ටල, චන්ඩි මල්ලිලා, ආමී ජීනෙලා ට රැකවරනය ලැබුනේ කාගෙන්ද කියලා. එත් අපෙ කට්ටියට ඔනේ එවා ඔක්කොම අමතක කරලා සිහින ලොක වල ජීවත් වෙන්න. තමන්ට මොනවා හරි උන දවසට තමයි මේ වගේ ආර්මාර්ථකාමීන්ගේ ඇස් ඇරෙන්නේ

    ReplyDelete
  8. "...
    දිනා ගන්න දේ එමටයි දනිමි එය බොලව්
    අහිමි ලොව දිනන නිවැරදි මඟ සොයා බලව්
    ..."

    මොනව උනත්!
    මිගාර කියන අදහස තමයි මේ ගීයෙන් මටත් පෙනෙන්නෙ. කොටි ත්‍රස්තවාදයට එරෙහිව තමයි ලියල ඇත්තෙ.
    මේ පද දෙකෙන් පැහැදිලිව ඒක වැටහෙන්නෙ නැද්ද?


    http://tr.im/_aandi_lin_walin


    යහපයත් අනාගතයක් ගොඩ නැගේවා!.. ගොඩ නගමු!!

    එතෙක් ↓
    "සාධාරණ යුද්ධයට වඩා අසාධාරණ සාමය හොඳය!" - මාකස් ටියුලියස් සිස‍රෝ
    An Unjust Peace is better than a Just War!" - Marcus Tullius Cicero

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා