උතුරු දුම්රිය මාර්ගය හදන්න මහජන මුදල් සම්මාදමේ; ප්‍රතිරූප හදන්න ලක්ෂ 100ක දැන්වීමක්

මෙම ප‍්‍රචාරක දැන්වීම නිර්මාණය කිරීම කිරීම සඳහා පුද්ගලික ආයතනයකට බාරදී ඇති අතර නවාතැන්, කෑම්බීම් ගමන් වියදම්, අතිකාල ලබාදෙමින් 200කට ආසන්න කාර්ය මණ්ඩලයක් ද ප‍්‍රයෝජනයට ගෙන ඇති බව ද එම සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.
මෙම ප‍්‍රචාරක දැන්වීම සඳහා එම්. 8 වර්ගයේ දුම්රිය එන්ජින් දෙකක් ද, දුම්රිය මැදිරි 13ක්ද, බඩු දුම්රිය පෙට්ටි කීපයක්ද, වායුසමනය කළ විශේෂ දුම්රියක් ද මෝටර් ට්‍රොලයක්ද යොදා ගෙන ඇති බැවින් මේ වනවිට බඩු ප‍්‍රවාහන දුම්රිය කීපයක් නතර වී ඇති අතර දුම්රිය ප‍්‍රමාදය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට පාඩු සිදු වන බව ද දුම්රිය සේවක අයිතීන් හා දෙපළ සුරැකීමේ සංවිධානය පවසයි.
උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේ සමාජ අවශ්‍යතාවය තේරුම්ගත් තම සංවිධානය, සුනාමියෙන් විනාශ වූ මුහුදුබඩ දුම්රිය මාර්ගය ගොඩනැගීමේ අත්දැකීම් සහිතව උතුරු දුම්රිය මාර්ගය සැදීම සඳහා ස්වේච්ඡා ශ‍්‍රමය ලබාදීමට කැමති බව ප‍්‍රවාහන ඇමතිවරයාට දැනුම් දුන්න ද එම ලිපිය ලද බවක් හෝ දැනුම් නොදුන් බවද එම සංවිධානය පවසයි.
- යුනියන්ස් ලංකා
දැන්වීම් නොදා මිනිස්සු දැන ගන්නේ කොහොමද මේවා කලා කියලා
ReplyDeleteජනතාව පාලකයන් පත් කර ඇත්තේ මේ වැඩ කිරීමටයි. ඒ සඳහා ඔවුන්ට වැටුප් හා දීමනා මහජන මුදලින් ගෙවනු ලැබේ. වැඩ කරන බව කිය කියා ඇවිදීමට අවශ්‍ය නැත.
ReplyDeleteමහජන මුදලින් තමා හැම මගුලම කරන්නේ.
ReplyDeleteෙම‍් කොලේ වහල ගැහිල්ල නැත්තං කොච්චර දේවල් කරන්න පුලුවන්ද? දුම්රිය මාර්ගය අවශ්‍යව තිබෙන්නේ මිනිසුන්ට නොව දේශපාලඥයින්ට වීම මෙහි ඇති ගැටළුවකි. දේශපාලඥයින් මිනිසුන් නොවේද යන්න තවත් ගැටළුවකි. මෙයට අනුව දේශපාලඥයින් යනු මිනිසුන් නොවේ. ඔවුන්ට නම් වොදා සිටීම යෙහෙකි.මේ සදහා ප්‍රචාරයක් අවශ්‍ය බව ඇත්තකි. නමුත් රැපියල් 100 200 එකතු කරන මුදලින් මෙය කිරීම ෙහණ ගහන වැඩකි. යූනියන් බොරු නොකියන්නේ නම් සහ යූනියන් ද ඇමතිට මඩ ගැසීමට උත්සාහ කර මේවා ලියන්නේ නම් අපි නැවත වරක් දෙපැත්තෙන්ම ඇර ගන්නෙමු. එය (දෙපැත්තෙන්ම ඇරගැනීම) ලංකාවේ ජනතාවගේ උත්තරීතර උරුමය බවට පත්ව තිබේ.
ReplyDelete