පොලිසියේ වැරදිවලට දඬුවම් නැතැයි කවුරුද කියන්නේ? මෙන්න මිනීමැරුම් සැකකරුවන්ට ස්ථාන මාරු

(අගෝස්තු 14, 2009 - W3Lanka) තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මරා දැම්වේ යයි චෝදනා ලැබ ගල් මුල් ප්‍රහාරයට ලක් වූ අඟුලාන පොලිසියේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ටී. එම්. ඩී. නිව්ටන් ඇතුලු නිලධාරීන්ට  ස්ථාන මාරු ලැබී තිබේ. මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයේ නිපුණ රාමනායක සිසුවාට පහර දීමට සම්බන්ධ වූ නිලධාරීන් පහකට ද පොලිසිය ස්ථාන මාරු ලබා දී ති‍බේ.



ඝාතනයට ලක්ව ඇත්තේ අඟුලාන සමූපකාරය අසල පදිංචි ධනුෂ්ක උදයකුමාර (21) හා දිනේෂ් තරංග (27) නමැති තරුණයන් දෙදෙනාය. මේ දෙදෙනා ඊයේ (13) අලුයම 2.30ට පමණ අඟුලාන පොලිස් ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් පැමිණ අත්අඩංගුවට ගත්බව ප්‍රදේශවාසීහු පවසති. පසුව ඔවුන්ගේ මළ සිරුරු ඊයේ උදෑසන අඟුලාන පොලිසිය ආසන්නයේ පිහිටි පාලම අසල හා දුම්රිය මාර්ගයේ තිබී සොයාගෙන තිබිණි. ඔවුන්ගේ පාද වලට හා පපුවට වෙඩි තැබීමෙන් තුවාල සිදුව තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

අඟුලාන පොලිසිය මේ පිළිබඳ ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ මෙම තරුණයන් ප්‍රදේශයේ කාන්තාවකට විහිළු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මුදා හැරි බවයි. මියගිය තරුණයන් පාතාල කණ්ඩායමක සාමාජිකයන් බවත්, සැකකරුවන් දෙදෙනා වෙනත් කණ්ඩායමක් විසින් ඝාතනය කර ඇති බව පොලිසිය සැකකරන බවත් ගල්කිස්ස පොලිසියේ නිලධාරියෙක් කී බව දිනමිණ වාර්තා කරයි. ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර මහතා එම පුවත්පතට ප්‍රකාශ කළේ මේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව පොලිසියේ සටහන් වී නැති බවයි.

සිද්ධියෙන් මියගිය දිනේෂ් තරංග (21) තරුණයාගේ මව වන දේවිකා විනිප්‍රීඩා පවසන පරිදි 12දා රාත්‍රියේ සිය පුත්‍රයා හා ඔහුගේ මිතුරා අඟුලාන පොලිසියේ කුඩුවේ සිටියදී ඔවුනට හමු විය. එහෙත් පසුදා උදෑසන ඔවුන් බැලීමට පොලිසියට ගිය විට නිලධාරීන් පවසා ඇත්තේ ඔවුන් නිදහස් කරනු ලැබූ බවයි.

Comments

  1. අගුලාන ජනතාවට මාගේ උත්තමාචාරය. දැන් නියම ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා ලක්මව හඩයි. ඇයගේ එම ඉල්ලීමට ප්‍රථිචාර දැක්වූයේ අගුලාන ජනතාවයි.

    ReplyDelete
  2. මාරු කරන්නේ මුහුදට නම් ගැටළුවක් නැත. එය්‍විට ගැටළු පැනනගින්නේ මාලුන්ටය. නමුත් වෙනත් ස්තානයකට නම් එහි ජනතාවට චින්තනයේ පිහිටයි. ආ...රක්ෂාවයි.

    ReplyDelete
  3. මොරටුවනේ අපිට මතකයි මහරජතුමාට ගිය පාර සලකපු විදිය. ඔන්න ඉතින් රජතුමත් සලකනවා.

    ReplyDelete
  4. අනේ අම්මපා මුන්ගේ ඔලුවෙ බාගයක් බූගාලා බෝට්ටුවක දාලා පා කොරල යවන්න කෙනෙක් නැහැනේ.

    ReplyDelete
  5. මටත් කාව හරි මරන්න ඔනෙ උනොත් දවසක මුලින්ම කරන්නෙ පෝලීසියට බැදෙන එක. නිකන් ඉදලා මැරුවොත්නේ කුදලාගෙන ගිහින් බෝම්බ දාල මරන්නේ.පෝලීසියට බැදිලා මැරුවම වෙච්ච දෙයක් දන්නෙත් නැ.අහුවුනොත් ස්ථාන මරු විතරයි. මෙ වගේ පොලිස් බල්ලන්වත් ඔය ආමි රොශාන්ලා ඉමිටියාස්ලා වගේ මරලා දාන්න , බැරි ඇයි? රජය දන්නවා පොලීසීයෙ බලු වැඩ මර්දනය කරොත් උන්ගෙ බලු වැඩ කර ගන්න කට්ටියක් නැති වෙනවා කියලා. (මොනවා උනත් මෙකේ අගුලානේ සිද්ධියේ ස්ථාන මරු වීමක් ගැන නම් මන් දන් නැ.උන්ව අත් අඩංගුවේ කියලා තමයි කියන්නේ. මොනවා උනත් දැන් තියෙන රජය ඉන්නකන් වෙන්නේ මුලින් හිරේට යවයි, ඉට පස්සෙ අබියාචනයක් දැන්මම නිදහස් කරයී)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා