විදුලි වර්ජනයට කලින් ම ආණ්ඩුවට කරන්ට් වදියි

(2009 අගෝස්තු 28 - W3Lanka) ලංකා විදුලි සේවක සංගමය සහ තවත් වෘත්තීය සමිති කීපයක් විසින් අද (28) දින කැඳවා තිබෙන ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩ වර්ජනය හමුවේ බියට පත් වි සිටින ආණ්ඩුව විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ නිවාඩු අද සිට අවලංගු කර තිබේ.


හෙටට නියමිත එක් දින වර්ජනයට සේවකන් සහභාගි වුවත්, නැතත්, එය සටනක් ලෙස සාර්ථක වී තිබෙන බව ආණ්ඩුවේ මෙම ක්‍රියාමාර්ගය විසින් පෙන්නුම් කරනු ලැබේ.


ජවිපෙ විසින් අල්ලා තිබෙන ආණ්ඩුවේ මාරාන්තික නිලයක් වන රජයේ සේවකයන්ගේ වැටුප් ප්‍රශ්නය විසින් ඇති කරන අර්බුදකාරී තත්වය සමග හැප්පීමට ආණ්ඩුවට සිදු වන බවත්, මෙම ප්‍රශ්නය හමුවේ සිය ජනප්‍රියත්වය රැක ගැනීමට රජයට අපහසු වනු ඇති බව හා සිය ශක්තියේ ප්‍රධාන බලවේගය වන මධ්‍යම පංතියේ පීඩිත පහළ තීරය සමග ආණ්ඩුවට ගැටෙන්නට සිදු වන බවත් අපේ නිරීක්ෂණයයි. මේ පිළිබඳ දේශපාලනික විග්‍රහයක් බලාපොරොත්තු වන්න.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා