අධ්‍යාපනයේ අර්බුදයට විසඳුම් ගැන හිතනකොට ආණ්ඩුවට මතක් වන්නේ ම විකුණන හැටි
(2009 අගෝස්තු 31 - W3Lanka) "පාසල් අධ්‍යාපනයෙන් නිසි වෘත්තීය දැනුමක් ලැබෙන්නෙ නැහැ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම සඳහා උසස් පෙළට 250,000 ක් විතර ලියද්දි, විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නෙ 17,000ක් විතර. මව්පියො දස වධ විඳලා 10,000 ක් විතර ළමයි පිටරට ඉගෙන ගන්න යවනවා. සෝමාලියාව හැර ඕනෑම රටකට ළමයි යවනවා. මේ ඔක්කොම එකතු කළත් 30,000 ක් විතර. ඉතුරු 220,000 ම නිසි සුදුසුකමක් ලබා ගන්න විදිහක් නැතිව එළියෙ."
ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ අර්බුදය මෙලෙස ප්‍රකාශයට පත් කරන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගමයි.
එහෙත්, මේ අර්බුදයට පිළියම් යෙදීමට කිසිදු ආණ්ඩුවක් කටයුතු කරන්නේ නැත. එයට එක් හේතුවක් වන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව වැනි 'සංවිධාන'වලට ඇති බියයි. තෝරා ගත් සුළු පිරිසකට නොමිළේ හෙවත් මහජන මුදලින් සියල්ල ලැබිය යුතු යයි ද, තේරීමෙන් හැළී ගිය පිරිස වලේ ම සිටිය යුතු යයි ද සමාජවාදයේ නමින් පවසන ශිෂ්‍ය ව්‍යාපාරය මත උත්තරාරෝපණය වී සිටින මෙම දේශපාලන කණ්ඩායම්වලට අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණයක් සිදු වීම වළක්වා ගැනීමට හැකි වී තිබෙන්නේ මෙම අධ්‍යාපන ක්‍රමයෙන් සරසවියට යන බහුතරයක් සිසුන් ස්වාධීන චින්තනයක් නොමැති, පහසුවෙන් ආවේග අවුළුවා ලිය හැකි, මේ රටේ මහජනතාව වැනි ම වූ පිරිසක් නිසා ය.
අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම කියූ හැටියේ ඇමතිවරුන්ගේ හිතට එන්නේ සිසුන්ගෙන් මුදල් අය කරන්නේ කෙසේ ද යන්න නිසා මෙම ශිෂ්‍ය සටන්වලට ඇත්ත යුක්තියුක්තභාවයක් ද ලැබේ.
ඇමති අමුණුගම මෙසේ ද කියයි. "අධ්‍යාපන ක්ෂේත්‍රයේ මේ විශාල අර්බුද විසඳන්නේ නැතිව ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ රාජ්‍ය අංශය ගොඩනඟන්න අසීරුයි. නියම දැනුම සහිත පිරිසක් අපේ අධ්‍යාපන ක්‍රමය තුළින් බිහිකළ යුතු වන්නේ ඒකයි. මේ කාරණය පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කළ යුතු මාතෘකාවක්. අනෙක මේ කාරණයේ දී දේශපාලනඥයාත් අසරණ වෙනවා. මොකද ඔහු දැඩි ස්ථාවරයක සිටියොත් ඡන්ද නැති වෙනවා."
දැඩි ස්ථාවරය යනු කුමක් ද? අධ්‍යාපනය වෙළඳපොළකරණය කිරීම ද? රුපියලේ එස්.එම්.එස්. පණිවුඩයෙන් ශත 32ක් ද, සිනි කිලෝ එකෙන් රු. 16ක් ද, පෙට්‍රල් ලීටරයකින් රු. 50කට වඩා ද, සිගරැට්ටුවෙන්, අරක්කු බෝතලයෙන් සියයට සියයකටත් වඩා ද බදු ගන්නා රජයට අධ්‍යාපනය හා සෞඛ්‍යය පවා පෞද්ගලීකරණය කිරීමට ඇත්තේ කුමන අයිතියක් ද?

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.