ලංකාවේ සමස්ත ජනගහණය පිළිබඳ බොරු දත්ත 2011න් පසු නිවැරදි වේ

(2009 අගෝස්තු 05 - W3Lanka) 1981 වසරේ කරන ලද ජන සංගණනයෙන් තිස් වසරකට පසු නිවැරදි ජන සංගණනයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සැරසෙන බව වාර්තා වේ. මේ සමගම මෙතෙක් ලංකාවේ සමස්ත ජනගහණය පිළිබඳ පැවති අනුමාන සංඛ්‍යාලේඛන නිවැරදි කර ගැනීමට රජයට හැකි වනු ඇත.


2011 වසරේදී මෙම සංගණනය දිවයිනේ දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි පැවැත්වේ. 1991 හා 2001 වසරවල පැවති සංගණනවලදී කොටි සංවිධානයේ බලපෑමට යටත්ව තිබූ දිවයිනේ උතුරු නැගෙනහිර බොහෝ පෙදෙස් අතහැර දමන ලදී.

මෙහි ප්‍රතිඵල ලෙස යුද්ධයේ අවසන් අදියරේදී යුද මුක්ත කලාපයේ අවතැන්ව සිටි ජන සංඛ්‍යාව පිළිබඳ රජය විසින් කරනු ලැබූ අනුමාන සම්පූර්ණයෙන් ම වැරදුණු අතර, මේ වන විට ඊට වඩා වැඩි සංඛ්‍යාවක් හෙවත් 280,000ක් රජයේ අවතැන් කඳවුරුවල සිටිති.



තිස් වසරක් පුරා ඇදී ගිය යුද්ධයෙන් 80,000ක් පමණ ජනයා මිය ගිය බව විශ්වාස කෙරෙන මුත්, මේ පිළිබඳව ද නිවැරදි සංඛ්‍යාලේඛන නැත. 


ලංකාවේ ජනගහණය මේ වන විට කෝටි දෙක ඉක්මවා ඇතැයි අනුමාන කෙරේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා