විභාගෙට යනකොට මධ්‍යස්ථාන වහලා; පැකට්වල ප්‍රශ්න පත්තර අඩුයි - බෙදන්නේ හොය හොය; මෙන්න විභාග දෙපාර්තමේන්තුව උසස් පෙළ පවත්වන හැටි

(අගෝස්තු 17, 2009 - W3Lanka) ලංකාවේ දැඩි ලෙස තරගකාරී විභාග ක්‍රමය අනුව අ.පො.ස. (උ.පෙ.) විභාගය යනු පුද්ගලයකුගේ ජීවිතයේ අතිශය තීරණාත්මක කඩඉමකි. ලකුණකින් දෙකකින් ජීවිත ඉරණම වෙනස් කරන මෙම විභාගය පැවැත්වීමේදී වගකීමකින් කටයුතු කිරීමේ හැකියාවක් විභාග දෙපාර්තමේන්තුවට නොමැතිමුත් කටමැත දෙඩීමේ අපූරු හැකියාවක් නම් විභාග කොමසාරිස්වරයාට තිබේ. 


පසුගිය අගෝස්තු 12දා පස්වරු12.30 සිට 3.30 දක්වා පැවැත්වීමට තිබුණු විෂය අංක 52 නර්තනය සිංහල පළමු ප්‍රශ්න පත්‍රය සඳහා කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී එක් සිසුවකු පෙනී සිටීමට නියමිත විය. එහෙත් සිසුවා විභාගයට යන විට ශාලාධිපති මධ්‍යස්ථානය වසා ගෙදර ගොස් තිබිණි. 


පස්වරු 12.40ට පමණ මෙම සිසුවා මේ පිළිබදව විද්‍යාලයේ කාර්ය මණ්ඩලයට දැනුම් දීමෙන් පසු ඔවුන් ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දීම සඳහා බලවත් පරිශ්‍රමයක් දැරූහ. හදිසි අවස්ථාවකදී දැනුම් දීම සඳහා ඇති දුරකථන අංක බොහොමයක් ක්‍රියාත්මක නොවූ බව සිසුවාට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි. පසුව විභාග දෙපාර්තමේන්තුවේ උපදෙස් මත සිසුවා ඒ වන විට ක්‍රියාත්මක වෙමින් පැවති වුල්ෆැන්ඩල් බාලිකා විදුහලේ විභාග ශාලාවට යොමු කරන ලදී. 


මහත් සේ අසහනයට පත්ව සිටි සිසුවා විභාගයට වාඩි වන විට විනාඩි 40ක් පමණ ප්‍රමාද වී තිබිණි. මෙම සිසුවා විභාගයට පෙනී සිටින්නේ කෙතරම් බිඳ වැටුණු මානසික තත්වයකින් ද? ඔහුගේ අනාගතය පිළිබඳ විභාග දෙපාර්තමේන්තුවේ මතය කුමක් ද? 


අගෝස්තු 15දා පෙ.ව. 8.30 සිට 10.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණු භෞතික විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය සදහා විභාගයේදී ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ ප්‍රශ්න පත්‍ර තුනක් හිඟ වී වෙනත් මධ්‍යස්ථානයකින් ගෙන ඒමට සිදු විය. 

මේ දැනට අපට දැනගන්නට ලැබී තිබෙන බරපතළ සිද්ධි දෙකක් පමණි. මේ අන්දමින් විභාග පැවැත්වීමේදී විභාග ක්‍රමයේ රහස්‍යභාවයට හා විශ්වසනීයත්වයට සිදු වන්නේ කුමක් ද? 


දෙවන සිද්ධිය පිළිබඳව විමසූ අද දින ඩේලි මිරර් පුවත්පතට විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ පවසන්නේ එය සුළු සිද්ධියක් බවයි. එවැනි දේ අතීතයේදීත් සිදු වූ බව පවසන හේ මේ පිළිබඳ ප්‍රශ්න කරන ගුරු සංගම් හුඹහ කන්දක් කරන බව කියයි. “This is a minor matter. Why is so much fuss about it? Haven’t such things happened in the past? These teacher trade unionists have no issue to agitate about. So, they try to make a mountain out of a molehill.”

Comments

  1. මේ ගොල්ලන්ට ඉතිං මේවා minor matters තමා.. මොනවා උනත් වෙන්නේ අර ළමයාගේ අනාගතේට විතරනේ.!

    ReplyDelete
  2. මේ මිනිස්සු විභාග පාස් වෙලා නෙවෙයි කොමසාරිස්ලා වෙලා තියෙන්නේ.. මේක හරි අපූරු හොයාගැනීමක්. අනුර එදිරිසිංහ මේ ළමයා වුනා නම් එහෙම.... විභාග ලියපු මිනිහෙක් දන්නවා.. ඒකෙ බැරෑරුම්කම.. මට නම් ෂුවර් එහෙම වෙලා නැතිබව ථ-)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා