එල්.ටී.ටී.ඊ. සංවිධානය කෙරෙහි ජනතා අනුකම්පාව තවමත් තිබෙනවා - සිද්ධාර්ථන්

ජනයා රජයට කෘතඥමුත්, ඔවුන් තවමත් යුද්ධයේ ප්‍රතිඵලවලින් කම්පිතව සිටින බව හා ඒ පිළිබඳව බෙහෙවින් හැඟීම්බර බව සිද්ධාර්ථන් පවසයි.
වවුනියා නගරවාසීන් විශාල පිරිසකගේ ඥාතීන් කඳවුරුගතව සිටින බව ද, දිනපතා ඔවුන් බැලීමට කෑම බීමාදිය රැගෙන යන ඔවුන්ට වාසනාවක් තිබුණොත් ඥාතීන් බැලීමට ලැබීමට පෙර පැය ගණන් පෝලිම්වල ලැගීමට සිදු වන බව ද හේ පවසයි.
මැදවච්චියේ පිහිටුවා තිබෙන මුරපොළ ඔහු සමාන කරන්නේ වෙනත් රටකට සංක්‍රමණය වන්නට පසු කළ යුතු තැනක් ලෙසයි. ඒ හරහා යන්නට ඉඩ දෙන්නේ කාට ද, ඉඩ නොදෙන්නේ කාට ද යන්න පිළිබඳ ප්‍රතිපත්තියක් නොමැතිකමින් ජනතාව අවිනිශ්චිත තත්වයකට පත් වන බව පවසන සිද්ධාර්ථන් පෙන්වා දෙන්නේ මෙබඳු හේතු මත රාජ්‍ය විරෝධී හැඟීම් මුවහත් වන බවයි.
මන් නම් හිතන්නේ ඉස්සල්ල තරහක් තිබ්බ අයටත් දැන් අනුකම්පාවක් ඇතිවෙලා තියෙන්නේ
ReplyDelete