දෙසීයේ කාර්ය මණ්ඩලයේ එයාටෙල් අඩු මිළ

(2009 අගෝස්තු 02 - W3Lanka) එයාටෙල් සමාගම ලංකාවේ දුරකථන සම්බන්ධතා ලක්ෂ දහයක් දුන් බව පසුගියදා නිවේදනය කළේය. තමන්ගේ අඩු වියදම් ප්‍රතිපත්තිය හේතුවෙන් අඩු මිළට දුරකථන සබඳතා දෙමින් වුව ලාභ ලැබිය හැකි බව එයාටෙල් කියයි.


එයටෙල් සමස්ත කාර්ය මණ්ඩලයම 200ක් වන බව ද, බොහෝ කටයුතු කරගන්නේ පිටස්තරයන්ට කොන්ත්‍රාත් දීමෙන් බව ද එයාටෙල් කියයි.

ඉන්දියාවේදී විනාඩියකට ශතයක මුදලට සබඳතා ලබා දීත් සමාගම ලාභ ලබන බව එයාටෙල් පවසයි.


මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ එයාටෙල් කුමක් කරන්නේ ද, මේ කියන කරුණු ඇත්තද යන්නට නොව, මෙම ප්‍රකාශයෙන් කියන කළමනාකරණ දක්ෂභාවයටයි. රජයට වැඩිපුර කොටස් හිමි සමාගමක් වන ටෙලිකොම් වෙත අද ගියත් දක්නට ලැබෙන්නේ වැඩිපුර නිකම් ඉන්න සුවිසල් කාර්ය මණ්ඩලයකි.රජයේ කාර්යාල ගැන කතා කරන්නට දෙයක් නැත. මෙම දැවැන්ත අකාර්යක්ෂමභාවයේ බර දරා සිටින්නට සිදු වී තිබෙන්නේ මෙරට මහජනයාටයි.


පෞද්ගලීකරණයේ හොඳ පැත්තක් පෙන්වා දීම සඳහා විදුලි සංදේශ අංශය නිදසුනක් ලෙස දැක්විය හැකිය. දුරකථනයක් ලබාගැනීම පිණිස දේශපාලනඥයන්ගේත්, නිලධාරීන්ගේත් පස්සෙන් යමින් වසර ගණනක් බලා සිටින්න‍ටත්, දුරකථන ඇමතුමක් ගන්නට ගොස් තැපැල් කන්තෝරුවේ නිලධාරීන්ගේ ගෙම්බර් බැලීමටත් සිදු වූ යුගය අවසන් වී ඇති අතර දැන් ලංකාවේ බහුතරයක් දෙනා දුරකථන සබඳතා ඔස්සේ ඉතා අඩු පිරිවැයකින් සම්බන්ධ වී ඇත. සමාගම් අතර තරගකාරිත්වයේ ඵල නෙළා ගන්නට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබිණි.

(cartoon: www.nation.lk)

Comments

  1. {මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ එයාටෙල් කුමක් කරන්නේ ද, මේ කියන කරුණු ඇත්තද යන්නට නොව, මෙම ප්‍රකාශයෙන් කියන කළමනාකරණ දක්ෂභාවයටයි}
    අනේ අපොයි...හුලන්ටෙල් කලමනාකරන දක්ශතාවය ගෑන නම් කියලා වෑඩක් නෑ.

    ReplyDelete
  2. "බොහෝ කටයුතු කරගන්නේ පිටස්තරයන්ට කොන්ත්‍රාත් දීමෙන් බව ද එයාටෙල් කියයි."
    මේ කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීම් පැහැර හරින බව දැනගැනීමට ලැබුණි. ඉදින් ලාභයක් නොවන්නේද?

    ReplyDelete
  3. පෞද්ගලීකරණය හොඳයිම කියලා මන් කියන්නේ නැහැ ඒත් මන් නම් දැකපු හොඳම උදාහරනය තමා ශ්‍රිලංකා රක්ෂණ සංස්ථාව, ඒ කාලෙ දවස් ගනන් ගිය වැඩේ අනිතමට ඒ වෙලේම කරගන්න තරමට සේවය කාර්යක්ෂම උනා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා