අයියෝ ඇමති සිරිසේනටත් විධායක ජනාධිපති ක්‍රමය රසයි ලු

(2009 අගෝස්තු 30 - W3Lanka) ත්‍රස්තවාදයෙන් රට ආරක්ෂා කැර ගැනීමට ගෙන ගිය මෙහෙයුමේ දී මෙන්ම රට ගොඩනැඟීමට දැන් ආරම්භ කැර තිබෙන වැඩපිළිවෙළ සාර්ථක කැර ගැනීම සඳහාත් තවත් කාලයක් විධායක ජනාධිපති ධූරය පැවතිය යුතු යැයි ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළ බව අද සිළුමිණ පුවත්පත පවසයි. 


විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතුය යන ස්ථාවරයේ තමන් ද මුලින් සිටි මුත් වෙනස් වන තත්ත්වයන් හා පැනනඟින අභියෝග හමුවේ කාලෝචිත ලෙස ස්ථාවරයන් සකස් කැර ගැනීම මිස යල්පැනගිය මතවලම එල්බ සිටීම ප්‍රායෝගික දේශපාලනය නොවන බවත් ඇමැතිවරයා සඳහන්කර තිබේ. 

වැල යන අතට පන්දලම නො ගැසුවහොත් ශ්‍රීලනිප ලේකම්කම මෛත්‍රීගෙන් පැහැරගෙන ඩලස්ට දෙන්නට තරම් විධායක ජනාධිපති ක්‍රමය බලවත් බව අයියෝ මේ ඇමති සිරිසේන දන්නා බව පෙනේ. අගමැති සංගීත පුටුවට හයිය ම හයිය අතු ගණනාවක් තරග කරන විට පැත්තකට වී කාටත් හිස නමාගෙන සිටින විජේතුංගලාට, රත්නසිරිලාට පොට්ට චාන්ස් වදින නිසා තමන්ට ද එවැනි අවස්ථාවක් ලැබේ යයි උපකල්පනය කර ගැනීම ඇමති සිරිසේනට මේ වෙලාවේ ඇති හොඳම විසඳුමයි. 


සත්තකින් ම දැන් අහෝසි කිරීම සඳහා ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමයක්වත් තිබේ ද යන්න සැක සහිත ය. ඇත්තේ ව්‍යවස්ථාවත් ඉක්මවා යන ඒකාධිපති ක්‍රමයකි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා