නව මැතිවරණ නීතිවලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තහනම්

(අගෝස්තු 12, 2009 - W3Lanka) රජය විසින් ගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනත අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද අවලංගු විය හැකි බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් නිසාම් කාරියප්පර් පෙන්වා දෙයි. 


හඳුන්වා දීමට යන නව මැතිවරණ නීති අනුව, එක ළග මැතිවරණ දෙකකට තරග නොකළ දේශපාලන පක්ෂවල පිළිගැනීම අවලංගු කිරීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයාට ලැබේ. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1994න් පසු කිසිදු මැතිවරණයකට තරග කර නැත. ඒ වෙනුවට එම පක්ෂය වෙනත් පක්ෂ හවුල් කරගෙන සන්ධාන පිහිටුවාගෙන මැතිවරණවලට තරග කළේය. 


උක්ත කාරණයත්, වාර්ගික හා ආගමික අනන්‍යතාව ප්‍රකාශ වන නම් යොදාගැනීම දේශපාලන පක්ෂවලට තහනම් කිරීමත් යන කාරණා පදනම් කරගෙන මෙම නව මැතිවරණ නීති සංශෝධන පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා ලංකා සමසමාජ පක්ෂය වැනි පක්ෂ කීපයක් සූදානම් වෙමින් සිටියි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා