ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට එකඟ වූ ආකාරයට රජය රාජ්‍ය සේවය කප්පාදු කිරීම අරඹයි

(2009 අගෝස්තු 06 - W3Lanka) අයවැය පරතරය අඩු කිරීම සඳහා රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට එකඟ වී තිබෙන කොන්දේසි ප්‍රකාරව කටයුතු කරමින් රාජ්‍ය සේවය කප්පාදු කිරීම සඳහා අවශ්‍ය කටයුතු රජය විසින් ගනු ලබමින් තිබේ. ඒ අනුව, සේවකයන් විශ්‍රාම ගැනීම හා තවත් හේතු නිසා පුරප්පාඩු වී තිබෙන තනතුරු සඳහා බඳවාගැනීමි අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. 

2010 වසරේ අයවැය සඳහා රජයේ එදිනෙදා වියදම් (පුනරාවර්තන වියදම්) ඇස්‌තමේන්තු කිරීමේදී දැනට පුරප්පාඩු වී ඇති තනතුරු පිරවීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් නොකරන්නැයි මුදල් අමාත්‍යාංශය සියලු රජයේ අමාත්‍යංශ හා රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇත.

මේ අනුව ඉකුත් ජුනි 30 වැනි දිනට සිටින නිත්‍ය සේවක සංඛ්‍යාව පදනම් කරගෙන තම ආයතනවල පුද්ගල පඩි නඩි ගණනය කළ යුතු බවටද මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

අතිකාල දීමනා සඳහා ප්‍රතිපාදන ඇතුළත් කිරීමේදී අතිකාල සේවයේ යෙදවිය යුතු විශේෂිත කාර්යයන් කුමක්‌දැයි පැහැදිලිව හඳුනාගත යුතු බවද, විශේෂිත අවස්‌ථාවකදී හැර අතිකාල දීමනා සඳහා ප්‍රතිපාදන ඇතුළත් නොකළ යුතු බවද මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා