තඹලවැන්නා යළි සොයා ගනියි

(අගෝස්තු 13, 2009 - W3Lanka ) තඹලවැන්නා නම් වඳ වී යමින් සිටින දුර්ලභ මිරිදිය මත්ස්‍යයා ජීවත්ව සිටින බව ජාතික ජලජ සම්පත් ආයතනයේ පර්යේෂකයන් පිරිසක් විසින් පසුගිය දෙසැම්බරයේදී සොයාගෙන තිබේ.


Red finlabeo or Orange finlabeo,Labeo Lankae යන ජීව විද්‍යාත්මක නම්වලින් හැඳින්වෙන 1952දී ආචාර්ය පෝල් දැරණියගල විසින් හඳුනාගන්නා ලද මෙම මාළුවා 1980න් පසු සොයාගැනීමට අපහසු වී තිබිණි. 


1987දී ලෝක සංරක්ෂක සමාජය විසින් වඳ වී යමින් සිටින ජීවීන්ගේ ලේඛනයට එක් කරනු ලැබූ මෙම මාළුවා පසුගියදා යළි හමු වී ඇත්තේ නකල්ස් කඳුවැටියේ අඹන් ගඝේ අතු ගංගාවක සිවිද්දී ය. 


හොඳින් ඔක්සිජන් හා සෙවණ සහිත ලොකු ජලාශ ප්‍රිය කරන තඹලවැන්නාගේ පැවැත්ම වන විනාශය, කෘෂි රසායන භාවිතය හා ආක්‍රමණික නව මසුන් හඳුන්වාදීම වැනි හේතු නිසා අනතුරට ලක් වී ඇති බව මාළුවා නැවත සොයා ගත් නාරා පර්යේෂණ කණ්ඩායමේ නායිකා රමනි ශිරන්තා පවසයි.


පහළ රූපයේ ඇත්තේ තඹලවැන්නා සිටි තැනයි.


Comments

  1. ඉතාම සන්තෝෂය දනවන ප්‍රවෘත්තියකි. සත්තාව සමග අපේ ඇති සම්බන්ධතාවයේ තරම ගිලිහෙමින් පවතින ක්‍රමයක් තුල මෙවැනි දේ ඇසීම පවා සතුටට කරුණකි. මිනිසාට පමණක් නොව හිමි, හිරු එලිය වැටෙන සොදුරු උදෑසන සහ තරු කැට ගණින අහස... එය සමස්ථ සොබාදහමේ සත්වයින්ට පැවැත්මට හිමි දෙයකි.

    ReplyDelete
  2. තව කලක් යනකොට ලංකාවේ මිනිසුන්ට කථාකරන්න පුලුවන් කටක් සහ කනත් තිබූ බව සොයාගනී. කියලා ප්‍රවාත්තියක් ඇසෙයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා