හෙට උසාවි එන්න - ලංකා ඊ නිව්ස් ඉල්ලයි

(2009 අගෝස්තු 02 - W3Lanka) ‍ජුනි 01දා කිසියම් පිරිසක් විසින් වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ ලේකම් පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් වධ බන්ධනයට ලක් කිරීමත් සමගම එම තොරතුර පිළිබඳ අදාළ බලධාරීන් දැනුවත් කිරීම හේතුවෙන් සිද්ධිය පිලිබඳ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ලංකා ඊ නිව්ස් ජනමාධ්‍යකරුවන් වන සඳරුවන් සේනාධීරට හා බෙනට් රූපසිංහට එරෙහි නඩුවේ විභාගය හෙට දින (03) ගංගොඩවිල උසාවියේදී පැවැත්වේ. 

මෙම අසාධාරණ ක්‍රියාවට විරෝධය පල කිරීම පිණිස හෙට උදේ ගංගොඩවිල උසාවි භූමිය අසලට පැමිණෙන ලෙස ලංකා ඊ නිව්ස් හිතවතුන්ගෙන් ඉල්ලා සිටියි. 



පැහැරගෙන යාමට ලක් වූ පෝද්දල ජයන්ත රෝහල් ඇ‍ඳේ සිට අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ මෙම සිද්ධියට සම්බන්ධයක් නොමැති එකී ජනමාධ්‍යකරුවන් නිදහස් කරන ලෙසයි.

Comments

  1. සමහරැ ඉන්නවා ඇදිරිනීතය දවස් වල දන්සල් දෙන්න ගිහින් කෙලවගන්න අය. වදින තැනකට ගහල හරි නෑ අපිට ඕන තැනකට වදින්න ගහන්න ඕන.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා