පොලිසියට වහාම බූට්ස් දෙනු! පයින් ගැසීමේදී පාවිච්චි නොකරන ලෙස උපදෙසුත් දෙනු!

(අගෝස්තු 12, 2009 - W3Lanka) ලංකාවේ පොලිස් නිලධාරීන්ට වසර පහකින් නිල සපත්තු ලබා දීම නිසා ඔවුන් පරණ සපත්තු ඇඳගෙන කිලෝමීටර් ගණන් පයින් යමින් දුක සේ රාජකාරි කරන බව ද, ඇතැම් විට, අතින් ගෙවා සපත්තු මිළ දි ගන්නට සිදු වන බව ද අද 'දි අයිලන්ඩ්' පුවත්පත වාර්තා කළේ ය.


මෙම අසාධාරණයට වහා විසඳුම් දී නිසි පරිදි වාර්ෂිකව පොලිස් නිලධාරීන්‍ට සපත්තු ලබා දෙන ලෙස මහජනතා‍ව වෙනුවෙන් අපි ඉල්ලා සිටිමු.


එසේම, රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මෙසමයේ පයින් ගැසීම වැනි කටයුතුවලදී රජයේ සපත්තු භාවිතා කර ඒවාට හානි කර නොගන්නා ලෙස ද ජනතාව පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

Comments

  1. ජනතාවට පයින් නොගසා සපත්තුවට අඩියක් ගහගත්තොත් චිරාත් කාලයක් ඇදගෙන යන්න පුලුවන් මයෙ හිතේ

    ReplyDelete
  2. පොලීසිය කියන්නේ හාම විටම මර්ධන උපකරණයක්. ජනතාවගෙන් ඉපිද ජනතාව පෙලන ආයතනයක්. ඔවුන් සීමාසහිත වැඩ කිහිපයක් කරමින් ජනතාවාදී වෙන්න උත්සාහ කරන ආයතනයක්. කවුරුත් ලංකාවේ පොලිසි ගැන දන්නවා. වැඩියෙන්ම ඒ ගැන නරක කියන්නේ ඇතුලෙ ඉන්න අයමයි. ඉතිං මොකටද මේ පොලිස් බූට්ස් ගැන ඇති රුදාව. අලුත් බූට් දානගන අපිටම පෙන්වයි පොලිස්/පොලිෂ්

    ReplyDelete
  3. මොනවට හොයනවද පොලිසිටය දෙන නොදෙන ඒවා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා