කේ.පී. අත්අඩංගුවට

(2009 අගෝස්තු 06 - W3Lanka) දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ නව නායක කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී. තායිලන්තයේදී අත්අඩංගුවට ගෙන ඇති බව තායි රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


කොටි නායක වේලුපිල්ලෛ ප්‍රභාකරන් මිය යාමට ප්‍රථම ඔහු විසින් කේ.පී. සංවිධානයේ පූර්ණ බලතල සහිත තානාපති ලෙස පත් කරන ලදී. එවර ඔහු පෙනී සිටියේ සෙල්වරාසා පත්මනාදන් යන නමිනි.


සාපරාධී කුමන්ත්‍රණ, නීති විරෝධී අවි ගනුදෙනු, ඉන්දීය ත්‍රස්ත පනත හා පුපුරන ද්‍රව්‍ය පනත උල්ලංඝනය කිරීම හා රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව තායි රජය පවසයි.


2007 සැප්තැම්බරයේදී ද මොහු අත්අඩංගුවට ගන්නා ලද බව වාර්තා වූ මුත් පසුව තායි පොලිසිය පැවසුවේ එවැන්නක් සිදු නොවූ බවයි.


කේ.පී. කොටි සංවිධානයේ නායකත්වයට පත් වීම ‍සංවිධානයේ විදෙස්ගත ප්‍රජාවේ කටයුතු භාර කැස්ත්‍රෝ ඇතුළු තවත් නායකයන්ගේ විරෝධයට හේතු වූ බව වාර්තා විය.

1955 අප්‍රේල් 06 දින උපන් කේ.පී. දැන් 54 වියේ පසුවෙයි. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා