Posts

Showing posts with the label සෙල්වරාසා පත්මනාදන්

එල්.ටී.ටී.ඊ. ඉතිරිය මර්දනයට කේ.පී. - ගෝඨා සැලැස්මක්

Image
(අගෝස්තු 12, 2009 - W3Lanka) දේශීයව හා විදේශීයව ඉතිරි වී තිබෙන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අවි සැපයුම්, ව්‍යාපාර, අරමුදල් රැස්කිරීම් හා සංවිධාන ජාලය මර්දනය කිරීම සඳහා සැලසුම්වලට පසුගියදා අල්ලා ගන්නා ලද කොටි සංවිධානයේ නව නායක කේ.පී. හෙවත් කුමරන් පත්මනාදන් හෙවත් සෙල්වරාසා පත්මනාදන්ගේ සහයෝගය ලැබෙමින් තිබෙන බව නිල නොවන ආරංචි මාර්ග පවසයි. කේ.පී. ලංකාව‍ට රැගෙන ඒමෙන් පසු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඔහු පෞද්ගලිකවම හමු වී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.  කේ.පී. රජයේ අත්අඩංගුවට පත් වීම ද ඔහු හා ලංකාවේ රජය අතර ඇති වූ හෙළිදරව් නොවුණු අවබෝධයක් මත සිදු වූවක් බවට ද කටකතා පැතිර යමින් තිබේ.  කෙසේ වෙතත්, රජය මේ වන විට එල්.ටී.ටී.ඊ. සංවිධානයට මෙන් ම දෙමළ බෙදුම්වාදයට ද යළි මතු වීමට තිබෙන ඉඩ ප්‍රස්ථා සම්පූර්ණයෙන්ම පාහේ යුදමය වශයෙන් මර්දනය කිරීම සදහා සැලසුම් සකස් කර තිබේ.

කේ.පී. අත්අඩංගුවට

Image
(2009 අගෝස්තු 06 - W3Lanka) දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ නව නායක කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී. තායිලන්තයේදී අත්අඩංගුවට ගෙන ඇති බව තායි රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. කොටි නායක වේලුපිල්ලෛ ප්‍රභාකරන් මිය යාමට ප්‍රථම ඔහු විසින් කේ.පී. සංවිධානයේ පූර්ණ බලතල සහිත තානාපති ලෙස පත් කරන ලදී. එවර ඔහු පෙනී සිටියේ සෙල්වරාසා පත්මනාදන් යන නමිනි. සාපරාධී කුමන්ත්‍රණ, නීති විරෝධී අවි ගනුදෙනු, ඉන්දීය ත්‍රස්ත පනත හා පුපුරන ද්‍රව්‍ය පනත උල්ලංඝනය කිරීම හා රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව තායි රජය පවසයි. 2007 සැප්තැම්බරයේදී ද මොහු අත්අඩංගුවට ගන්නා ලද බව වාර්තා වූ මුත් පසුව තායි පොලිසිය පැවසුවේ එවැන්නක් සිදු නොවූ බවයි. කේ.පී. කොටි සංවිධානයේ නායකත්වයට පත් වීම ‍සංවිධානයේ විදෙස්ගත ප්‍රජාවේ කටයුතු භාර කැස්ත්‍රෝ ඇතුළු තවත් නායකයන්ගේ විරෝධයට හේතු වූ බව වාර්තා විය. 1955 අප්‍රේල් 06 දින උපන් කේ.පී. දැන් 54 වියේ පසුවෙයි.