එල්.ටී.ටී.ඊ. ඉතිරිය මර්දනයට කේ.පී. - ගෝඨා සැලැස්මක්

(අගෝස්තු 12, 2009 - W3Lanka) දේශීයව හා විදේශීයව ඉතිරි වී තිබෙන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අවි සැපයුම්, ව්‍යාපාර, අරමුදල් රැස්කිරීම් හා සංවිධාන ජාලය මර්දනය කිරීම සඳහා සැලසුම්වලට පසුගියදා අල්ලා ගන්නා ලද කොටි සංවිධානයේ නව නායක කේ.පී. හෙවත් කුමරන් පත්මනාදන් හෙවත් සෙල්වරාසා පත්මනාදන්ගේ සහයෝගය ලැබෙමින් තිබෙන බව නිල නොවන ආරංචි මාර්ග පවසයි.

කේ.පී. ලංකාව‍ට රැගෙන ඒමෙන් පසු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඔහු පෞද්ගලිකවම හමු වී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ. 


කේ.පී. රජයේ අත්අඩංගුවට පත් වීම ද ඔහු හා ලංකාවේ රජය අතර ඇති වූ හෙළිදරව් නොවුණු අවබෝධයක් මත සිදු වූවක් බවට ද කටකතා පැතිර යමින් තිබේ. 


කෙසේ වෙතත්, රජය මේ වන විට එල්.ටී.ටී.ඊ. සංවිධානයට මෙන් ම දෙමළ බෙදුම්වාදයට ද යළි මතු වීමට තිබෙන ඉඩ ප්‍රස්ථා සම්පූර්ණයෙන්ම පාහේ යුදමය වශයෙන් මර්දනය කිරීම සදහා සැලසුම් සකස් කර තිබේ.

Comments

  1. එකතුවෙලා බිස්නස් එක කරන්න කතා කලාද දන්නෙත් නැහැ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා