ශ්‍රී ලංකා නිදහස් විමුක්ති කොටි
කොටි සංවිධානයේ හිටපු නියෝජ්‍ය නායක හා නැගෙනහිර අඥාපති කරුණා අම්මානුත්, ප්‍රභාකරන්ගෙන් පසු නායකත්වයට පත් කරන ලද කේ.පී.ත්, කාන්තා දේශපාලන අංශයේ නායිකා තමිලිනීත්, මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටරුත් මේ වන විට පුනරුත්ථාපනය වෙලා ආණ්ඩුවේ දේශපාලනයට එක් වෙලා. කොටි සංවිධානය එක් කාලයක පුරසාරම් කියුවා තමන්ගේ මරාගෙන මැරෙන කළු කොටි බලකාය පිළිබඳව. ඔවුන් කොපමණ කලක් සතුරු ප්‍රදේශයේ සාමාන්‍ය ජීවිත ගත කළත්, ශපථ කරගෙන තිබෙන ආකාරයට තමන්ට නියමිත මෙහෙයුම අවස්ථාවේදී තැනට වාර්තා කරන බව තමයි කියවුණේ. කේ.පී. හැර මේ අනෙකුත් සියලු දෙනාමත් සයනයිඩ් කරල බෙල්ලේ එල්ලගෙන සිටි අය. ඒත්, සංවිධානයේ සෙසු අය මැරී වැටෙද්දී මේ අය සයනයිඩ් කරල බිම දමා ආණ්ඩුවට යටත් වුණා. තමිලිනී වැනි අය පුනරුත්ථාපනය සඳහා අවස්ථාව ලබන්නේ, ඒ වකවානුවේදී, ඒ ආකාරයෙන් ම අත්අඩංගුවට ගත්තා යයි කියන වේලුපිල්ලේ බාලකුමාර්, බේබි සුබ්‍රමනියම් වැනි කොටි දේශපාලන නායකයන් අතුරුදහන් වෙද්දී. මොවුන් ආණ්ඩුවේ යුද හා දේශපාලන මෙහෙයුම්වලට සම්බන්ධ වන්නේ ඔවුන්ගේ අණ මත කොටි සංවිධානයේ යුද මෙහෙයුම්වල නිරත වුණ තවත් විශාල සාමාජික පිරිසක් සිරබත් කද්දීයි. ...