අභාග දෙපාර්තමේන්තුව පහේ ශීෂ්‍යත්වයත් ෆේල්

(2009 අගෝස්තු 24 - W3Lanka) ඊයේ පැවති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේදී ගාල්ලේ විභාග මධ්‍යස්ථානයකට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර ප්‍රමාණය දෙපාර්තමේන්තුව විසින් නො එවීම නිසා ප්‍රශ්න පත්‍ර සොයාගෙන බෙදීම සඳහා එම මධ්‍යස්ථානයේ විභාගය විනාඩි 40කින් ප්‍රමාද කිරීමට සිදු විය.


ඒ අනුව එම විභාග මධ්‍යස්ථානයේ සිසු දරුවන් ලියුවේ කලින් පිට වූ ප්‍රශ්න පත්‍රයකටයි.


ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගැනෙන මෙම විභාගයේ එක ලකුණකින් සිසු දරුවකුගේ අනාගතය සම්පූර්ණයෙන් වෙනස් විය හැකි ය.

මේ අතර සෙනසුරාදා පැවති උසස් පෙළ සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්න විෂයට අදාළ විභාගයේදී දෙවන ප්‍රශ්න පත්‍රය කලින් පිට විය. කොටිකාවත්ත රාජසිංහ විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී උදේ වරුවට නියමිත පළමු ප්‍රශ්න පත්‍රය වෙනුවට දී ඇත්තේ දෙවන ප්‍රශ්න පත්‍රයයි. මෙම මධ්‍යස්ථානයේ සිසුන් සවස් වරුවේදී ලියුවේ වෙනත් විභාග මධ්‍යස්ථානවල සිසුන් උදේ වරුවේ ලියූ ප්‍රශ්න පත්‍රයයි.

Comments

  1. ගොඩ ගොඩ අ​පේ කරැ​මෙට අපේ කලේ ඔහොම උනේ නැහැනේ
    දුකේ බැරැවා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා