Posts

Showing posts with the label විභාග දෙපාර්තමේන්තුව

උසස් පෙළ ජිල්මාට් වෙයි. වගකිව යුත්‍තනි, ගෙදර පලයවි!

ලංකාවේ පළාත් සභාවල හා රජයේ  අධ්‍යාපන ඇමති නියෝජ්‍ය ඇමතිවරුන් සංඛ්‍යාව 11කි. අධ්‍යාපනය ගැන සොයා බලන්නට ලෝකෙට ම එකයි සුපවයිසර් මන්ත්‍රී කෙනෙක් ද ඇත.  ‍පුරප්පාඩුව පිරවීමට මෙතෙක් කල් වෙන කෙනෙකු සොයා ගන්නට බැරි වුණ තරමට දක්ෂ හැට පැන්න විභාග කොමසාරිස් කෙනෙකු ද ලංකාවට සිටියි. හැට පැන්නත් වඳුරා බිම යන්නේ නැත.  විශ්ව විද්‍යාල ප්‍රව්ශය ගැන වග බලා ගන්නට හිටපු 'ත්‍රස්තවාදියකු' සභාපති පදවිය දරන පොරතිපාදන කොමිසමක් ද ඇත.  ඒ වුණාට උසස් පෙළ ප්‍රතිඵල වැරදි ය.  උසස් පෙළ කියන්නේ දරුවකුගේ ජීවිතයේ තීරණාත්මක කඩඉමකි. එක දශමයෙන් අනාගතය සම්පූර්ණයෙන් වෙනස් වෙයි.  මොවුන් මේ සෙල්ලම් කරන්නේ රටේ අනාගත පරම්පරාවක ජීවිත සමග ය.  උසස් පෙළ ප්‍රතිඵල සැක ය. ඉසෙඩ් ස්කෝර් එක ගණනය කළ කොම්පියුටර් ජිල්මාට් එක වහා ම රටට හෙළිදරව් කළ යුතු ය.  විභාගයක් පවත්වා හරියට ප්‍රතිඵල නිකුත් කළ නො හැකි වූ වගකිව යුතු අති පණ්ඩිතයන් වහා ම ගෙදර යැවිය යුතු ය. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

අභාග දෙපාර්තමේන්තුව පහේ ශීෂ්‍යත්වයත් ෆේල්

(2009 අගෝස්තු 24 - W3Lanka) ඊයේ පැවති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේදී ගාල්ලේ විභාග මධ්‍යස්ථානයකට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර ප්‍රමාණය දෙපාර්තමේන්තුව විසින් නො එවීම නිසා ප්‍රශ්න පත්‍ර සොයාගෙන බෙදීම සඳහා එම මධ්‍යස්ථානයේ විභාගය විනාඩි 40කින් ප්‍රමාද කිරීමට සිදු විය. ඒ අනුව එම විභාග මධ්‍යස්ථානයේ සිසු දරුවන් ලියුවේ කලින් පිට වූ ප්‍රශ්න පත්‍රයකටයි. ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගැනෙන මෙම විභාගයේ එක ලකුණකින් සිසු දරුවකුගේ අනාගතය සම්පූර්ණයෙන් වෙනස් විය හැකි ය. මේ අතර සෙනසුරාදා පැවති උසස් පෙළ සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්න විෂයට අදාළ විභාගයේදී දෙවන ප්‍රශ්න පත්‍රය කලින් පිට විය. කොටිකාවත්ත රාජසිංහ විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී උදේ වරුවට නියමිත පළමු ප්‍රශ්න පත්‍රය වෙනුවට දී ඇත්තේ දෙවන ප්‍රශ්න පත්‍රයයි. මෙම මධ්‍යස්ථානයේ සිසුන් සවස් වරුවේදී ලියුවේ වෙනත් විභාග මධ්‍යස්ථානවල සිසුන් උදේ වරුවේ ලියූ ප්‍රශ්න පත්‍රයයි.

විභාගෙට යනකොට මධ්‍යස්ථාන වහලා; පැකට්වල ප්‍රශ්න පත්තර අඩුයි - බෙදන්නේ හොය හොය; මෙන්න විභාග දෙපාර්තමේන්තුව උසස් පෙළ පවත්වන හැටි

(අගෝස්තු 17, 2009 - W3Lanka) ලංකාවේ දැඩි ලෙස තරගකාරී විභාග ක්‍රමය අනුව අ.පො.ස. (උ.පෙ.) විභාගය යනු පුද්ගලයකුගේ ජීවිතයේ අතිශය තීරණාත්මක කඩඉමකි. ලකුණකින් දෙකකින් ජීවිත ඉරණම වෙනස් කරන මෙම විභාගය පැවැත්වීමේදී වගකීමකින් කටයුතු කිරීමේ හැකියාවක් විභාග දෙපාර්තමේන්තුවට නොමැතිමුත් කටමැත දෙඩීමේ අපූරු හැකියාවක් නම් විභාග කොමසාරිස්වරයාට තිබේ.  පසුගිය අගෝස්තු 12දා පස්වරු12.30 සිට 3.30 දක්වා පැවැත්වීමට තිබුණු විෂය අංක 52 නර්තනය සිංහල පළමු ප්‍රශ්න පත්‍රය සඳහා කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී එක් සිසුවකු පෙනී සිටීමට නියමිත විය. එහෙත් සිසුවා විභාගයට යන විට ශාලාධිපති මධ්‍යස්ථානය වසා ගෙදර ගොස් තිබිණි.  පස්වරු 12.40ට පමණ මෙම සිසුවා මේ පිළිබදව විද්‍යාලයේ කාර්ය මණ්ඩලයට දැනුම් දීමෙන් පසු ඔවුන් ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දීම සඳහා බලවත් පරිශ්‍රමයක් දැරූහ. හදිසි අවස්ථාවකදී දැනුම් දීම සඳහා ඇති දුරකථන අංක බොහොමයක් ක්‍රියාත්මක නොවූ බව සිසුවාට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි. පසුව විභාග දෙපාර්තමේන්තුවේ උපදෙස් මත සිසුවා ඒ වන විට ක්‍රියාත්මක වෙමින් පැවති වුල්ෆැන්ඩල් බාලිකා විදුහ...