උසස් පෙළ ජිල්මාට් වෙයි. වගකිව යුත්‍තනි, ගෙදර පලයවි!

ලංකාවේ පළාත් සභාවල හා රජයේ  අධ්‍යාපන ඇමති නියෝජ්‍ය ඇමතිවරුන් සංඛ්‍යාව 11කි. අධ්‍යාපනය ගැන සොයා බලන්නට ලෝකෙට ම එකයි සුපවයිසර් මන්ත්‍රී කෙනෙක් ද ඇත. 


‍පුරප්පාඩුව පිරවීමට මෙතෙක් කල් වෙන කෙනෙකු සොයා ගන්නට බැරි වුණ තරමට දක්ෂ හැට පැන්න විභාග කොමසාරිස් කෙනෙකු ද ලංකාවට සිටියි. හැට පැන්නත් වඳුරා බිම යන්නේ නැත. 


විශ්ව විද්‍යාල ප්‍රව්ශය ගැන වග බලා ගන්නට හිටපු 'ත්‍රස්තවාදියකු' සභාපති පදවිය දරන පොරතිපාදන කොමිසමක් ද ඇත. 


ඒ වුණාට උසස් පෙළ ප්‍රතිඵල වැරදි ය. 


උසස් පෙළ කියන්නේ දරුවකුගේ ජීවිතයේ තීරණාත්මක කඩඉමකි. එක දශමයෙන් අනාගතය සම්පූර්ණයෙන් වෙනස් වෙයි. 


මොවුන් මේ සෙල්ලම් කරන්නේ රටේ අනාගත පරම්පරාවක ජීවිත සමග ය. 


උසස් පෙළ ප්‍රතිඵල සැක ය. ඉසෙඩ් ස්කෝර් එක ගණනය කළ කොම්පියුටර් ජිල්මාට් එක වහා ම රටට හෙළිදරව් කළ යුතු ය. 


විභාගයක් පවත්වා හරියට ප්‍රතිඵල නිකුත් කළ නො හැකි වූ වගකිව යුතු අති පණ්ඩිතයන් වහා ම ගෙදර යැවිය යුතු ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. අධ්‍යාපනය ජංජාලයකි.

    වයස ගැන ඔබේ නිගමනය වැරදියි. 60 පැන්නා කියලා කෙනෙකුට රැකියාවක් කිරීමට බාධාවක් නෙවේ. දේශපාලඥයොත් ඉන්නේ 80 වෙනකම් තනතුරුවල. අනික බොහොමයක් රටවල්වල විශ්‍රාම යන වයස 65 හෝ 68.

    ReplyDelete
  2. හරිම ජනප්‍රිය ඉල්ලීමක් තමයි මේ "ඉල්ලා අස්වීම" එහෙමත් නැත්නම් "ගෙදර යැවීම". එතකොට ඔක්කොම හරි වගේ තමයි පේන්නෙ. ඔව් ඒකෙන් අපිට සහනයක් දැනෙනවා. අපේ නිලධාරිනුත්, මැති ඇමතිවරුත් දැන් ඉන්දියාවෙ, යුරෝපෙ වගේ කියල. නමුත් පසුව එන/පත් කරන අයත් කරන්නෙ "එතුමාගේ උපදෙස් පරිදි වහාම...." ක්‍රියාත්මක වීම නේද?
    - Dimithri

    ReplyDelete
  3. විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නය කොමසාරිස් පැන්ෂන් යවන්නේ නැතිව තබා ගැනීම නොවේ...දේශපාලන පන්දම ඇල්ලීමේ කලාව ප්‍රගුණ කිරීමට ජිල්මාට් කිරීම සහ දේශපාලකයන් සතුටු කිරීමට විභාගය සමග සෙල්ලම් කිරීම...වෙලාවට වැඩ කිරීම කියලා දෙයක් තියනවා කියල අඩුම තරමේ දන්නවා නම් විභාග දෙකක ප්‍රතිඵල...එක සංක්‍යයා ලේඛනයකට ගන්න Z core ක්‍රමවේදය කලින් හදා ගන්න තිබුනා...ඒවා හදා ගන්න වෙලා යනවා නම් පිටරටවල විශ්ව විද්‍යාලවලට සහ රටතුල වෙනත් පාටමාලා වලට යන්න ඉන්න දරුවන් සදහා විභාග ප්‍රතිපල නිකුත් කරන්න තිබුනා...දේශපාලනයෙන් හැම දේම තීරණය කිරීමට ඉඩ දීමට පුරුදු වෙලා ඉන්න රටක් මේක...හැම ප්‍රශ්නයක්ම දේශපාලන කන්නාඩි වලින් බැලීමට යාම (මේක තමා ජන මාධ්‍යයේ කලාව වෙලා තියෙන්නෙත්) නිසා තනතුරුවලට අද හොයන්නේ අදාල කාර්යට අවශ්‍ය දක්ෂතාවය තියන පුද්ගලයා නොවේ...තමන්ට පුද්ගලිකව සහ තම දේශපාලනයට සේවය කරන්න සුදානම් පක්කලියන්ව පත් කර ගැනීම...

    ReplyDelete
  4. පැරකුම්, ටෝක් නොදී ගිහින් විභාග දෙපාර්තමේන්තුව බාර අරන් කරලා පෙන්නපන් අයිය නම්

    ReplyDelete
  5. 60 pannata kamakna wadak hariyata karanna puluwannam.methana eka nemei sudusukama.ekai waradda.anika ape rate hodin wada karanna puluwan daksa tharuna paramparawak rassa nathuwa iddi mun mokatada thiyaganne.

    ReplyDelete
  6. guys be cool...this's not a "mistake".this's planned stuff.Gov. needs to destroy the confidence in Gov. education system & persuade young population to private education. they get a student loan & pay for degree...if so they wont strike for gov. jobs having useless art degrees.if one pays for degree they try to get maximal value of it.so they will do job oriented degrees.everyone is responsible for their education. simple...

    ReplyDelete
  7. http://www.youtube.com/watch?v=kVQZWN18zjs&feature=player_embedded

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා