කොළඹ යන්න ගිය බල්ලා ගැන ආණ්ඩුවෙන් රුවන් වැකියක්

"ඔන්න බල්ලෙක්‌ කොළඹ යන්න ය කියලා පිටත් වෙලා ගිහින් ටික වෙලාවකින් ආපහු හැරිල ආවලු ලේ පෙරාගෙන, තුවාල කරගෙන. මේක දැකපු අය ඇහුවලු "මොකද මචං වුණ?" කියලා. බල්ලා කියලා තියෙන්නේ "මම කොළඹ යන්න ගියා. මිනිසුන්ගෙන් හෝ වෙනත් අයගෙන් නම් කිසිම ප්‍රශ්නයක්‌ වුණේ නැහැ. ප්‍රශ්න වුණේ අපේම අයගෙන්" කියලග ඒ වගේ අද රජයේ ගමනට විපක්‍ෂයෙන් තර්ජනයක්‌ නෑ. ඡේ. වී. පී එකෙන් ප්‍රශ්නයක්‌ නෑ. බාධා තිබෙන්නේ අපේම අයගෙන්මයි."


මේ එජාපයෙන් ආණ්ඩුවට එකතු වී කොළඹ යන්න ගිය ඇමති ලංක්ෂ්මන් යාපා අබේවර්ධනගේ රුවන් වැකියකි.


මේ ආණ්ඩුවට තිබෙන ලොකුම ප්‍රශ්නය කොළඹ යන්නට අදහස් කරන බල්ලන් හපා කා ආපසු හරවන බල්ලන් වැඩිකමයි.


කොයි බල්ලා කොළඹ යන්න ගියත් අනෙක් සියලු බල්ලෝ ඒ ගමනට හරස් කපති. ඒ නිසා එක බල්ලෙකුටවත් කොළඹ යන්නට ලැබෙන්නේ නැත.


මේ ආණ්ඩුවේ බොහෝ ඇමතිවරුන් සම්බන්ධයෙන් ගැලපෙන තවත් ප්‍රස්ථාව පිරුළක් තිබේ. ඒ 'බල්ලට ඇති වැඩකුත් නැහැ, හෙමින් ගමනකුත් නැහැ' යන්නයි.


'කච්චිය පිච්චියට ගියත් බල්ල හෙළුවෙන්' යන ප්‍රස්ථාව පිරුළ ද ලංකාවේ ආණ්ඩුව සම්බන්ධයෙන් හොඳින් ගැලපෙන්නකි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. සත්‍යමෑයි

    ReplyDelete
  2. අනේ බල්ල බල්ල කියල ඔහොම ඔය මැති ඇමතිවරුන්ට කියන්න එපා. කොච්චර උනත් හොඳ නෑනෙ, ඒක අපහාසයක්, මම කිව්වේ බල්ලන්ට කරන අපහාසයක්. හරියට අර වීරවංස ඇමති එකවතාවක් කිව්වේ " මට ඌර ඌර කියල නිකන් පැත්තක ඉන්න ඌරන්ට අපහාස කරන්න එපා" කියල.

    ReplyDelete
  3. ammapa aththathama baluwama. balloma thama. habai kotahak harak

    ReplyDelete
  4. බල්ලෙක් බල්ලෙක් ගැන කතා කරයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා