සුන්දර ඉංගිරිසි: ප්‍රස්ථා පිරුළු සිංහලෙන් හා ඉංග්‍රීසියෙන්
මග නො දනියි නම් සෙමින් යන්න - අයර්ලන්ත ප්‍රස්ථා පිරුළක් ප්‍රස්ථා පිරුළක් කියන්නේ තැනට සුදුසු අන්දමින් ලොකු අදහසක් කෙටියෙන් පැවසීම සඳහා යොදන වචන කීපයකින් සමන්විත කෙටි ප්‍රකාශයක්. එය කෙටි වගේ ම ඉතා ව්‍යක්ත ප්‍රකාශයක් ද වෙනවා. එහි වදන් පෙළ ගැස්ම ඉතා ශූර අන්දමින් කර තිබෙනවා. එසේම, බොහෝ විට එයින් කියවෙන්නේ ද විශ්ව සත්‍යයක්. ලෝකයේ ඕනෑම භාෂාවක, සංස්කෘතියක මෙවැනි ප්‍රස්ථා පිරුළු තිබෙනවා. ඒ ඇතැම් ඒවා ඒ සංස්කෘතියට, පරිසරයට හා සමාජයට අනන්‍යයි. ඒත්, තවත් සමහර ප්‍රස්ථා පිරුළුවල විශ්වීය ලක්ෂණයක් දකින්නට ලැබෙනවා. එවැනි පිරුළු ලෝකය පුරා ම ව්‍යාප්ත වෙලා විවිධ භාෂාවල විවිධ ස්වරූපයෙන් දකින්නට ලැබෙනවා. ප්‍රස්ථා පිරුළු භාෂාවක නිර්මානය වෙනවා වගේ ම භාෂාවෙන් භාෂාවට පැතිරෙන්නත් පුළුවන්. එහෙම පැතිරෙද්දී යම් යම් එකතු කිරීම්, වෙනස්වීම් එහෙමත් සිදු වෙනවා. ප්‍රස්ථා පිරුළුවල නිරුක්තිය හෙවත් එය බිහි වූ ආකාරය හොයන එක හරිම අමාරු කාරණයක්. ඒ සඳහා භාෂා ගණනාවක පැරණි සාහිත්‍ය කෘති හා ජනප්‍රවාද ඉතා ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි. ඒ නිසාම එවැනි අධ්‍යයනයන් සිදු වන්නේ කලාතුරකින්. විවිධ භාෂාවන් තුළ එක සමාන අරුත් ඇති පිර...